ලුම්බිණි ක්‍රීඩකයින්ට වේල්ස් කුමරුවන් හමුවේ පහසු ජයක්

1274
Lumbini College

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර ඊයේ (23) පැවති රග්බි තරගයෙන් මොරටු ක්‍රීඩකයින්ට දැවැන්ත පරාජයක මතකයන් උරුමකර දෙන්නට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වූහ.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් උත්සාහක දිනුම් 14ක් සමඟින් ලකුණු 88 – 24ක් ලෙස දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනගා ගන්නට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වූහ.

තර්ස්ටන්වරු හමුවේ මහානාමයට ප්‍රබල පරාජයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (22)…

මලියදේව ක්‍රීඩකයින් හමුවේ ලකුණු 27-09ක් ලෙස ලුම්බිණි ක්‍රීඩකයින් පරාජය වූ අතර තර්ස්ටන් ක්‍රීඩකයින් හමුවේ 77-13ක් ලෙස පරාජය වෙමින් වේල්ස් කුමරුවන් ද මෙම තරගයට අවතීර්ණ විය.

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ ලුම්බිණි ක්‍රීඩකයෝ ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 42ක් වාර්තා කිරීමට සමත් වූහ.

ප්‍රථම අර්ධය නිමා වන විට වේල්ස් කුමරුවන් එක් උත්සාහක දිනුමක් පමණක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

ප්‍රථම අර්ධය: ලුම්බිණි විද්‍යාලය 42 – 05 වේල්ස් කුමර විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී ද සටන අත්නොහැරි ලුම්බිණි ක්‍රීඩකයෝ තවත් ලකුණු 46ක් සිය පාසල වෙනුවෙන් රැස්කර දීමට සමත් වූහ.

විද්‍යා ක්‍රීඩකයෝ මහනුවර පරදා පළමු තැන දිනා ගනී

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ ගල්කිස්ස..

ප්‍රතිවාදීන් යම්කිසි මට්ටමකට පාලනය කරන්නට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වුවත්, දෙවැනි අර්ධය තුල දී තවත් ලකුණු 19ක් වාර්තා කරන්නට වේස්ල් කුමරුවන් සමත් විය. ඊට උත්සාහක දිනුම් 3ක් ඇතුලත් වන අතර එයින් ප්‍රවර්තන 2ක් පමණක් සාර්ථක කරගන්නට ඔවුන් සමත් විය.

කෙසේ නමුත් තරගයේ නිමාවට විනිසුරුවරයා නලාව නාද කරන විට උත්සාහක දිනුම් 14ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටි ලුම්බිණි ක්‍රීඩකයෝ ජයග්‍රාහීව තරගය නිමා කළේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 64ක් ඉදිරියෙන් සිටිමිනි.

අවසන් ලකුණු තත්වය: ලුම්බිණි විද්‍යාලය 88 – 24 වේල්ස් කුමර විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<