මහානාමයට එරෙහිව ලුම්බිණියෙන් පෙරළිකාර ජයක්

1983

පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් අද (13) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවතියේ කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ මහානාම  විද්‍යාලය අතරයි. එහි දී ලකුණු 38-24ක් ලෙස මහානාම ක්‍රීඩකයින් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට ලුම්බිණි ක්‍රීඩකයින් සමත් විය.

පිළියන්දල ක්‍රීඩකයෝ ගල්කිස්සේ දී උත්සාහක දිනුම් වරුසාවකට කොටුවේ

සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (10) ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති අතර ලකුණු 60-05ක් ලෙස ඉතා පහසුවෙන් තරගය ජය ගැනීමට විද්‍යා විද්‍යාලයීය කණ්ඩයම සමත් විය.

තරග ආරම්භයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම  මහනාමයෙන් පළමු උත්සාහක දිනුම වාර්තා විය. එය ඩී. එස්. පීරිස්ගේ ගිණුමට බැර වුන අතර එහි ප්‍රවර්තනය පී. සුලෝෂණ විසින් සාර්ථක කර ගත්තේය. (00-07)

ඉන් තවත් මොහොතකට පසු එස්. මධුමාල් විසින් ලුම්බිණි විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම දිනා දුන් අතර එහි ප්‍රවර්තනය ඩී. ශාලින්ද විසින් සාර්ථක කර ගන්නා ලදි. (07-07)

පළමු අර්ධයේ නිමාවට මොහොතකට පෙර ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් තවත් දැකුම්කළු උත්සාහක දිනුමක් කේ. නිලුපුල් විසින් සාර්ථක කර ගත්තේ පළමු අර්ධයේ වැඩි ගෞරවය ලුම්බිණි විදුහල වෙත දිනා දෙමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (07-14)

පළමු අර්ධය: මහානාම විද්‍යාලය 07- 14 ලුම්බිණි විද්‍යාලය

දෙවන අර්ධයේ වාසිය මුළුමනින්ම සිය විද්‍යාලය සතු කර ගන්නට ලුම්බිණි ක්‍රීඩකයෝ මාන බැලුව ද, එය එතරම් පහසු බවක් පෙනෙන්නට නොවීය. මහානාමය වෙනුවෙන් ඩී. ඒ. කුලසූරිය හා පී. දසනායක උත්සාහක දිනුම් දෙකක් දිනා දුන් අතර පී. ආර්. සුලෝෂණ ඒවායේ ප්‍රවර්තන සාර්ථක කර ගනිමින් ලුම්බිණිය වෙත දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් විය. ඒ අතරට ඩ්‍රොප් ගෝලයක් ද අන්තර් ගත වීම විශේෂත්වයක්.

මහානාමයෙන් ලද අභියෝගය සාර්ථකව භාර ගත් ලුම්බිණි ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් හතරක් ලබා ගනිමින් පෙරළා මහානාමයට අභියෝග කරන්නට විය. එම උත්සාහක දිනුම් අතර ලුම්බිණි විද්‍යාලයේ ෆුල්-බැක් ක්‍රීඩකයා වූ ඩිලාන් ශාලින්ද ලබාගත් උත්සාහක දිනුම් ද්විත්වයක් ඇතුලත්ය.

D.S.ක්‍රීඩකයන්ගේ අවාසනාව සහ මහනුවර ආවේගය

පාසල් රග්බි ලීගයේ පළමු තරග කිහිපය අතර විශේෂ සිදුවීම් කිහිපයක් සිදුවුණා. කණ්ඩායම් වලට හරිගිය, වැරදුණු තැන් සහ රග්බි ක්‍රීඩාවේ අලංකාරය ගැන රග්බි පිටියේදී සොයාබලමු.

අනෙක් උත්සාහක දිනුම් දෙක වාර්තා වූයේ පළමු අර්ධයේත් උත්සාහක දිනුම් වාර්තා කළ මධුමාල් හා නිලුපුල් විසිනි. එයින් ප්‍රවර්තන දෙකක් සාර්ථක කර ගැනීමට ඩිලාන් ශාලින්ද සමත් විය.

තරගයේ අවසන් මිනිත්තුව ලුම්බිණි විද්‍යාලය වෙත ජයග්‍රහණය ගෙන දුන්නේ ලකුණු පුවරුව 38කට සීල් තබමිනි. ඒ අනුව ලුම්බිණි විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවන්නේ බෝනස් ලකුණු ද ලබා ගනිමිනි.

අවසන් ලකුණු තත්වය: මහානාම විද්‍යාලය (3T 3C 1D) 24 – 38  (6T 4C) ලුම්බිණි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ඩී. ශාලින්ද (ලුම්බිණි විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ලුම්බිණි විද්‍යාලය – එස්. මධුමාල් 2T, කේ. නිලුපුල් 2T, ඩී. ශාලින්ද  2T  4C
  • මහානාම විද්‍යාලය – ඩී. එස්. පිරිස් 1T, ඩී. ඒ. කුලසූරිය 1T, පී. දසනායක 1T, පී. ආර්. සුලෝෂණ 3C 1D

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි පිටුවට