කන්ද උඩරට ක්‍රීඩකයෝ විලියම් ගොපල්ලව පළිහ ගෙදර රැගෙන යති

2265

විලියම් ගොපල්ලව අනුස්මරණ පළිහ වෙනුවෙන්  කොළඹ ආනන්ද විද්‍යාලයත්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයත් අද (16) කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 52-33ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමත් විය.

සහිරාවන් හමුවේ ඩී. එස්. ක්‍රීඩකයෝ තියුණු සටනක

මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ප්‍රථම වතාවට සංවිධානය…

තරගයේ පළමු මිනිත්තු පහ ගත්වෙද්දීම බී. ප්‍රනාන්දු උත්සාහක දිනුම වාර්තා කළේ ආනන්දයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. එහි ප්‍රවර්තනය එස්. විජේසිංහ විසින් සාර්ථක කර ගන්නා ලදි. (00-07)

ඉන් මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ආනන්දයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක එස්. තිලකරත්න නැවතත් විද්‍යාර්ථ ආරක්ෂක බැම්ම බිඳ දමමින් ධවල රේඛාව වෙත ගමන් කළේ තවත් උත්සාහක දිනුමක් ආනන්දය වෙත දිනා දෙමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (00-14)

ඉන්පසු පෙරටත් වඩා තරමක් උපක්‍රමශීලී වූ විද්‍යාර්ථ ක්‍රීඩක කේ. බණ්ඩාර පළමු උත්සාහක දිනුම විද්‍යාර්ථය වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය එම්. හෙට්ටිආරච්චි විසින් සාර්ථක කර ගත්තේය. (07-14)

ඉන්පසු පිටියේ එක්වූ එල්. බණ්ඩාර හා එස් උමයංග එක පිට එක උත්සාහක දිනුම් විද්‍යාර්ථය වෙත දිනා දුන්නේ විද්‍යාර්ථය වෙත තරගයේ වැඩි ගෞරවය දිනා දෙමිනි. ඒවායේ  ප්‍රවර්තන ද සාර්ථකයි. (21-14)

ආනන්ද ක්‍රීඩකයෙකුගේ අත්වැරදීමකින් ලද දඬුවම් පහරක් විද්‍යාර්ථය වෙනුවෙන් සාර්ථක කර ගත් හෙට්ටිආරච්චි විද්‍යාර්ථයේ ලකුණු පුවරුව 24කට ඔසවා තැබිය. (24-14)

කේ. වීරසිංහ නැවතත් ආනන්ද විදුහල තරගය රැගෙන එමින් උත්සාහක දිනුමක් දිනා දුන්නේ විජේසිංහගේ සාර්ථක ප්‍රවර්තනය ද සමඟිනි. (24-21)

විද්‍යාර්ථයේ එල්. බණ්ඩාර මීළඟ උත්සාහක දිනුම විද්‍යාර්ථය වෙනුවෙන් දිනා දෙන විට ආනන්දය වෙනුවෙන් චානුක හා කේ. වීරසිංහ තවත් උත්සාහක දිනුම් දෙකක් දිනා දුන්නේ එක් ප්‍රවර්තනයක් ද සාර්ථක කර ගනිමිනි. (31-33)

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 31 – 33 ආනන්ද විද්‍යාලය

දෙවන අර්ධයේ ආරම්භයත් සමඟම දෙපිලම ජයග්‍රහණය සොයා පිටියේ කරට කර තරග කරන්නට විය. ඒ නිසාම ආනන්දයේ ධවල රේඛාව අසල දී සිදු වූ අනිසි බලපෑමෙන් විද්‍යාර්ථ විදුහල වෙත දඬුවම් උත්සාහක දිනුමක් හිමි විය. (38-33)

ඉන්පසු පිටියේ එක්වුණු විද්‍යාර්ථ ක්‍රීඩකයන් දෙපසටම පන්දුව මැනවින් දෝලනය කරමින්  ආනන්ද ආරක්ෂක වළල්ල අතික්‍රමණය කළේ විද්‍යාර්ථය වෙනුවෙන් තවත් සාර්ථක උත්සාහක දිනුමක් දිනා දෙමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (45-33)

තර්ස්ටන් රග්බි ක්‍රීඩකයෝ කොග්ගල පිටිය සියතට ගනිති

රිච්මන්ඩ් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර බ්‍රහස්පතින්දා (15 වැනිදා) පැවති තරගයෙන්…

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී එම්. ගුණරත්න නැවතත් විද්‍යාර්ථයට උත්සාහක දිනුමක් දිනා දුන්නේ විලියම් ගොපල්ලව පළිහ ජයග්‍රහණය කරමිනි. (52-33)

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 52 (7T 7C 1P) – 33  (5T 4C) ආනන්ද විද්‍යාලය

 ThePapare.com තරගයේ වීරයා –එම්. හෙට්ටිආරච්චි  (විද්‍යාර්ථ විද්‍යාලය )

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • විද්‍යාර්ථ: එල්. බණ්ඩාර 2T, එස්. උමයංග 1T, එම්. ගුණරත්න 1T, එම් . හෙට්ටිආරච්චි 1T 1P 5C.
  • ආනන්ද: බී. ප්‍රනාන්දු 1T, එස්. තිලකරත්න 1T, එස්. චානුක 1T, කේ. වීරසිංහ 2T, එස්. විජේසිංහ  4C

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<