ප්‍රථම අර්ධයේ වාසියෙන් සිල්වෙස්තර ක්‍රීඩකයින් පෙරමුණේ

1054
Schools Rugby B division

සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පසුගිය දා (25) පැවැත්වූයේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතරයි. එහි දී ලකුණු 42-12ක් ලෙස බෝගම්බර පිටියේ දී ආනන්ද ක්‍රීඩකයින් පරාජය කරමින් පහසු ජයක් ලබා ගැනීමට සිල්වෙස්තර ක්‍රීඩකයෝ සමත් වූහ.

අගනුවර ප්‍රහාරය මැඩලමින් මලියදේවයට විශිෂ්ට ජයක්

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පසුගිය..

තරගයේ ජයග්‍රහණය දෙපිලටම වැදගත් වූ නිසාවෙන් ආරම්භයේ සිටම ආක්‍රමණශීලීව ක්‍රීඩකයින් පන්දුව සමඟ පොර බැදූ අතර පිටියේ වාසිය මානව ග්‍රහණය කර ගත් සිල්වෙස්තරයින් දිගින් දිගටම ලකුණු වෙනුවෙන් සටන් කළේය. ඒ අනුව උත්සාහක දිනුම් හතරක් සහ සාර්ථක ප්‍රවර්තනයක් ද සමඟින් සිල්වෙස්තරයින් පළමු අර්ධයේ වාසිය තමන් සතු කරගත්තේ ලකුණු 28ක් වාර්තා කරමිනි.

පළමු අර්ධය: සිල්වෙස්තර විද්‍යාලය 28 – 00 ආනන්ද විද්‍යාලය

අඩුපාඩු මග හරවා ගනිමින් වඩාත් සාර්ථකව දෙවැනි අර්ධයට ප්‍රවේශය ලබා ගත් ආනන්ද ක්‍රීඩකයින්, සිල්වෙස්තරයින් වෙත තරගයේ පීඩනය එල්ල කරමින් ක්‍රීඩා කළේය. දෙවන අර්ධය තුල ආනන්ද ක්‍රීඩකයන් උත්සාහක දිනුම් දෙකක් ලබා ගනිමින් එහි ප්‍රවර්තන ද සාර්ථක කර ගනිද්දී, සිල්වෙස්තරයින් ද සාර්ථක ප්‍රවර්තන දෙකක් ද සමඟින් උත්සාහක දිනුම් දෙකක් ලබා ගත්තේ දෙවැනි අර්ධයේ ලකුණු සම තත්වයකට ගෙන එමිනි.

කෙසේ නමුත් පළමු අර්ධයේ ලද උත්සාහක දිනුම් හතර නිසාවෙන් සිල්වෙස්තරයින් තරගය ජයග්‍රාහීව අවසන් කළේ තවත් අඳුරු පරාජයක මතකය ආනන්ද ක්‍රීඩකයින්ට උරුම කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: සිල්වෙස්තර විද්‍යාලය (6T,6C) 42 – 14 ආනන්ද විද්‍යාලය (2T,2C )

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<