දැඩි වර්ෂාව මධ්‍යයේ වෙස්ලි ක්‍රීඩකයෝ ජය තහවුරු කර ගනිති

713

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (7) කොළඹ වෙස්ලි විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතර මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අතර තියුණු තරගයකට පසු සහිරා විද්‍යාලය පරදවමින් ලකුණු 07-26ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

ඉසිපතනයේ අපරාජිත කිරුළ ගැලවේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (7) කොළඹ…

සහිරා ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර කුසලාන ශූරතාවේ රැඳී සිටීම සඳහා මේ තරගය කණ්ඩයම් දෙකටම ඉතා වැදගත් තරගයක් විය.

පළමු මිනිත්තුවේ සිටම සහිරා කණ්ඩයම වෙස්ලි අර්ධය ආක්‍රමණය කළ අතර සහිරා ආක්‍රමණයෙන් මිදී වෙස්ලි විද්‍යාලය 8 වන මිනිත්තුවේ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ’Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන සිය පසුපෙළ යොදා ගනිමින් පන්දුව ඉදිරියට ගෙන ගිය වෙස්ලි ක්‍රීඩකයෝ සංජුල පෙරේරාගේ සුරතින් එම උත්සාහක දිනුම වාර්තා කළෝය. මුර්ශිඩ් සුබයිර් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (වෙස්ලි 07-00 සහිරා)

ඉක්මනින්ම නැවත වරක් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ වෙස්ලි ක්‍රීඩකයෝ මෙවර ‘Line Out’ අවස්ථාවකින් පන්දුව දිනා ගෙන සිය පසුපෙළ ක්‍රීඩකයින්ට භාර දුන් අතර පන්දු හුවමාරු කිරීම් ද්විත්වයකට පසු මුර්ශිඩ් සුබයිර් වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් දෙවැනි වරටත් උත්සාහක සීමාව ඉක්මවා යාමට සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කරගන්නා ලදි. (වෙස්ලි 00-14 සහිරා)

වෙස්ලි ආක්‍රමණයට ප්‍රබල පිළිතුරක් ලබා දුන් සහිරා ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් භාවිතා කරමින් 21 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර අම්ජාඩ් ෆව්මි එම උත්සාහක දිනුමට හිමිකම් කීය. මින්හාජ් සම්ශුදීන් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (වෙස්ලි 14-07 සහිරා)

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තුවක් තිබිය දී නැවත වරක් සිය පසුපෙළ ක්‍රීඩකයින් මගින් පන්දුව ඉදිරියට ගෙන ගිය වෙස්ලි ක්‍රීඩකයෝ සංජුල පෙරේරාගේ සුරතින් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර මුර්ශිඩ් සුබයිර් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (වෙස්ලි 19-07 සහිරා)

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 07-19 වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධයේ කණ්ඩයම් දෙකම කරට කර සටනක නිරත වූ නමුත් සහිරා ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ වාර්තා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත. දැඩි වර්ෂාවෙන් තරගයට බාධා වූ අතර ක්‍රීඩකයින්ට සිය සුපුරුදු දස්කම් අතරට පිවිසීමට තබා පන්දුව ග්‍රහණය කරගැනීමට වත් නොහැකි වන සේ වර්ෂාව ඇදහැළුනි.

ජෝසප්වරුන්ගේ තියුණු ආක්‍රමණය රාජකීයයෝ සාර්ථකව මැඩලයි

2017 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය…

දෙවැනි අර්ධයේ වාර්තා වූ එකම උත්සාහක දිනුම තරගයේ අවසාන මිනිත්තුවේ දී වාර්තා කිරීමට වෙස්ලි විද්‍යාලය සමත් වූ අතර මඩගොහොරුවක් බඳු පිටිය අපහසුවෙන් තරණය කළ වෙස්ලි ක්‍රීඩකයෝ තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය. ජලය පිරුණු පිටියේ අපහසුවෙන් පන්දුව තබා අනගි පා පහරකින් මුර්ශිඩ් සුබයිර් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (වෙස්ලි 26-07 සහිරා)

අවසාන ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 07 (1T,1C) 26 (4T,3C) වෙස්ලි විද්‍යාලය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • වෙස්ලි විද්‍යාලය: සංජුල පෙරේරා (2T), මුර්ශිඩ් සුබයිර් (1T,3C)
  • සහිරා විද්‍යාලය: අම්ජාඩ් ෆව්මි (1T), මින්හාජ් සම්ශුදීන් (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<