මංගල තරගයේම සාන්ත පීතර ක්‍රීඩකයින් වැඩ පෙන්වයි

502

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් අද (10) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, ලකුණු 48-12ක් ලෙස මරදාන සහිරා විද්‍යාලය පරාජය කරමින් පහසු ජයක් හිමි කර ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

පිළියන්දල ක්‍රීඩකයෝ ගල්කිස්සේ දී උත්සාහක දිනුම් වරුසාවකට කොටුවේ

සිංගර් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (10) ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය…

ජාවෙඩ් සාරුක් වෙනුවට ජේසන් කරුණාරත්න අද සාන්ත පීතර කණ්ඩයම මෙහෙයවූ අතර මුහම්මර් ඩීන් සුපුරුදු ලෙස සහිරා විද්‍යාලය මෙහෙය වන ලදි.

සහිරා විද්‍යාලය අන්දමන්ද කරමින් තරගයේ තෙවන මිනිත්තුවේ ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාලයේ ජූලියන් චාල්ස් සමත් විය. නායක ජේසන් කරුණාරත්නගේ අලංකාර පන්දු යොමු කිරීමක් ජූලියන් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරද්දී, ෂෙහාන් ලියනපතිරණ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සහිරා 00-07 සාන්ත පීතර)

දිගින් දිගටම සාන්ත පීතර කණ්ඩයම සහිරා අර්ධය ආක්‍රමණය කළ අතර කාලය අපතේ නොයවා පස්වැනි මිනිත්තුවේ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට විශාර ෂෙහාන් සමත් විය. ෂෙහාන් ලියනපතිරණ අලංකාර ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සහිරා 00-14 සාන්ත පීතර)

විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වූ සාන්ත පීතර නායක ජේසන් කරුණාතිලක අලංකාර ධාවනයක යෙදෙමින් 10 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර විදුහල වෙනුවෙන් තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ එහි ප්‍රවර්තනය සඳහා උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක නොවීය. (සහිරා 00-19 සාන්ත පීතර)

ත්‍රිත්ව – අන්තෝනි තරගය ලබන සඳුදා

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් මාලාව හේතුකොට ගෙන පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් දැමූ අතර, අද වන විට තත්වය යහපත් අතට හැරීම හේතුවෙන් මහනුවර…

සහිරා ක්‍රීඩකයින්ට දිගින් දිගටම පීඩනයක් එල්ල කළ සාන්ත පීතර ක්‍රීඩකයෝ 20 වන මිනිත්තුවේ දී සිය සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් ප්‍රසාද ලකුණ දිනා ගැනීමට සමත් වූහ. ෂෙහාන් ලියනපතිරණ එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය ඔහුට සාර්ථක කර ගැනීමට නොහැකි විය. (සහිරා 00-24 සාන්ත පීතර)

කිසිදු සංවිධානාත්මක බවක් පෙන්නුම් නොකළ සහිරා පසුපෙළ, නොමග යවමින් 30 වන මිනිත්තුවේ දී සිය පස්වැනි උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සාන්ත පීතර විදුහල වෙනුවෙන් ලංකේෂ් පෙරේරා  සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ෂෙහාන් ලියනපතිරණ නැවතත් අසමත් විය. (සහිරා 00-29 සාන්ත පීතර)

පළමු අර්ධයේ අවසාන මිනිත්තුවේ ලකුණු පරතරය තවත් ඉහළ දමමින් රවීන් ප්‍රනාන්දු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ෂෙහාන් ලියනපතිරණ හට එම ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට නොහැකි විය. (සහිරා 00-34 සාන්ත පීතර)

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 00-34 සාන්ත පීතර විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සිටම තරගයට පිවිසුණු සහිරා ක්‍රීඩකයෝ 41 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි දී නායක මුහම්මර් ඩීන් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගිය අතර මින්හාජ් ශම්සුදින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සහිරා 07-34 සාන්ත පීතර)

සහිරා අභියෝගයට අගනා පිළිතුරක් ලබා දුන් රවීන් ප්‍රනාන්දු සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කරමින් සහිරා බලාපොරොත්තු නැවතත් සිඳ දැමීමට සමත් විය. 48 වන මිනිත්තුවේ වාර්තා වූ එම උත්සාහක දිනුම අලංකාර ලෙස ප්‍රවර්තනය කිරීමට ෂෙහාන් ලියනපතිරණ සමත් විය. (සහිරා 07-41 සාන්ත පීතර)

හැව්ලොක් පිටිය කැළඹූ ඉසිපතන D.S සටනේ ජය ඉසිපතනයට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ දෙවන තරගය අද (07) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ D. S. සේනානායක විද්‍යාලය අතර කොළඹ හැව්ලොක්…

54 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ රවීන් ප්‍රනාන්දු විශ්වාසය බිඳ වැටි සිටි සහිරා පසුපෙළ අතරින් පහසුවෙන් රිංගා ගොස් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ෂෙහාන් ලියනපතිරණ එහි ප්‍රවර්තනය  සාර්ථක කර ගැනීමට සමත් විය. (සහිරා 07-48 සාන්ත පීතර)

ගෞරවාන්විත පරාජයක් සඳහා සහිරා ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දැඩි උත්සහයක් දරූ අතර සහිරා නායක මුහම්මර් ඩීන්ගේ සුරතින් තරගයේ අවසාන උත්සාහක දිනුම වාර්තා වූ අතර මින්හාජ් ශම්ශුදීන් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි වීමත් සමඟ තරගයේ ජය ලකුණු 48-12ක් ලෙස බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට හිමි විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 48 (8T,4C) – 12 (2T,1C) සහිරා විද්‍යාලය  

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • සාන්ත පීතර: ජූලියන් චාල්ස් (1T), ෂෙහාන් ලියනපතිරණ (1T,4C), ලංකේෂ් පෙරේරා (1T), ජේසන් කරුණාරත්න (1T), රවීන් ප්‍රනාන්දු (3T), විශාර ෂෙහාන් (1T)
  • සහිරා: මුහම්මර් ඩීන් (2T), මින්හාජ් ශම්ශුදීන් (1C)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට