ප්‍රබල ඉසිපතනය හමුවේ ධර්මරාජවරුන්ට දැවැන්ත පරාජයක්

2316

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර අද (18) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති තරගයෙන් ලකුණු 42-14ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. මෙය ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයකි.

කන්ද උඩරට ක්‍රීඩකයෝ විලියම් ගොපල්ලව පළිහ ගෙදර රැගෙන යති

විලියම් ගොපල්ලව අනුස්මරණ පළිහ වෙනුවෙන්  කොළඹ ආනන්ද විද්‍යාලයත්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයත් අද (16) කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී තරග වැදුණු…

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ පළමු මිනිත්තු 20 තුළ උත්සාහක දිනුම් තුනක් වාර්තා කර ගනිමින් ප්‍රතිවාදී ධර්මරාජ විද්‍යාලයට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් විය. එම උත්සාහක දිනුම් පිළිවෙළින් මනිල්ක රුබේරු, අෂාන් ගුණසේකර සහ ජනිත් සේරසිංහ විසින් වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. (IC 15 – 00 DCK)

ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ 21 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගන්නට සමත් විය. එහි දී පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය මනුක හියාරාපිටිය වෙත බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට බවන්ත උඩංගමුව සමත් විය. (IC 15 – 07 DCK)

ඉන් අනතුරුව ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින් හට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය පහසුවෙන් ගෝල රාමුව තුළින් යොමු කරන්නට එය ලබාගත් රවිදු අංජුල සමත් විය. (IC 18 – 07 DCK)

තරගයේ පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ ඉසිපතන විද්‍යාලයේ නදීෂ් ශාමින්ද උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රවිදු සමත් වූයේ නැත.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 23 – 07 ධර්මරාජ විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයේ දී ධර්මරාජ ක්‍රීඩකයින් පළමු අර්ධයට වඩා දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර ඒ අනුව ඉසිපතන ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් එය සාර්ථක කර ගන්නට ධර්මරාජ කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැත.

කෙසේ නමුත් තරගයේ 64 වන මිනිත්තුවේ දී එම උත්සාහය සාර්ථක කර ගත් ඉසිපතන කණ්ඩායමේ නායක මනිල්ක රුබේරු උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුමට හිමිකම් කියන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට රවිදු සමත් විය. (IC 30 – 07 DCK)

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ ඔවුන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් අතර එවර එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ පියුම් එදිරිවීර විසිනි. එම අවස්ථාවේ දී ඔවුන්ගේ පන්දු හුවමාරු කර ගැනීම කැපී පෙනෙන්නට විය. අනතුරුව එම උත්සාහක දිනුම ද සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට රවිදු සමත් විය. (IC 37 – 07 DCK)

නොසිතූ ලෙස ශ්‍රී ලංකාව අවසන් සටනින් එළියට

සියලු බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි සත්සාමාජික රග්බි කණ්ඩයම් පිළිවෙළින් තායිලන්තය හමුවේ හා බෝර්නියෝ ඊගල්ස් කණ්ඩායම් හමුවේ අවසාන පූර්ව…

ඉන් අනතුරුව ද දිගින් දිගටම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ ඉසිපතන ක්‍රීඩකයින් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. නදින් භාෂික් විසින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. (IC 42– 07 DCK)

පසුව තරගය අවසන් වන්නට පෙර ධර්මරාජ විද්‍යාලයේ බවන්ත උඩංගමුව විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් ඔහු විසින්ම එය ප්‍රවර්තනය කර ගනු ලැබුවත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. (IC 42– 14 DCK)

ඒ අනුව තරගය පුරාවට ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙම තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම තරග වාරයේ අඛණ්ඩව ලබාගත් දෙවන ජයග්‍රහණය වාර්තා කර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: ඉසිපතන විද්‍යාලය 42 (7T 2C 1P) – 14 (2T 2C) ධර්මරාජ විද්‍යාලය

  • ThePapare.com තරගයේ වීරයා – මනිල්ක රුබේරු (ඉසිපතන විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම

ඉසිපතන විද්‍යාලය – මනිල්ක රුබේරු 2T, අෂාන් ගුණසේකර 1T, ජනිත් සේරසිංහ 1T, නදීෂ් ශාමින්ද 1T, පියුම් එදිරිවීර 1T, නදින් භාෂික් 1T, රවිදු අංජුල 1P 2C

ධර්මරාජ විද්‍යාලය – බවන්ත උඩංගමුව 1T 2C, මනුක හියාරාපිටිය 1T

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<