DS ක්‍රීඩකයෝ ධර්මරාජ ක්‍රීඩකයින් මෙල්ල කරති

938

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (05) වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී, කොළඹ D.S සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවති අතර තියුණු තරගයකින් අනතුරුව ලකුණු 38-10ක් ලෙස තරගය ජය ගැනීමට D. S. සේනානායක විද්‍යාලය සමත් විය.

තර්ස්ටන් හමුවේ වේල්ස් කුමරුවන්ට අඛණ්ඩව සිව්වැනි පරාජයත්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (5) තර්ස්ටන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තර්ස්ටන් විද්‍යාල රග්බි ක්‍රීඩාංගණයේ…

තරගයේ පළමු මිනිත්තු කිහිපය පුරා කණ්ඩයම් දෙකම කරට කර සටනක නිරත වූ අතර ධර්මරාජ ක්‍රීඩකයෝ ඉතා D. S. ක්‍රීඩකයින්ට ඉතා ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 4 වන මිනිත්තුවේ දී  හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ධර්මරාජ විද්‍යාලයේ බවන්ත උඩන්ගමුව අසමත් විය.

ඉක්මනින්ම සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසුණු අතර D. S. සේනානායක විද්‍යාලයේ දිනූෂ හේමසිරි 10 වන මිනිත්තුවේ දී D. S. කණ්ඩයම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඔහු විසින් එහි ප්‍රවර්තනය උත්සහ කළ නමුත් එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත. (D.S 05-00 ධර්මරාජ)

දිගින් දිගටම D. S. ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ ධර්මරාජ ක්‍රීඩකයෝ තරගයේ 15 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ’Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු මිලන්ත රාජපක්ෂ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර බවන්ත උඩන්ගමුව එහි ප්‍රවර්තනයට උත්සහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත. (D.S 05-05 ධර්මරාජ)

මිනිත්තු කිහිපයක ප්‍රබල උත්සහ කිරීම්  කීපයකට පසුව D. S. සේනානායක ක්‍රීඩකයෝ 22 වන මිනිත්තුවේ දී දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවූ අතර දිනූෂ හේමසිරි එම උත්සාහක දිනුමටත් හිමිකම් කීය. ප්‍රබල D. S. ඉදිරිපෙළ ධර්මරාජ ප්‍රතිරෝධය මැඩලමින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය ඉහල දැමීමට දිනූෂ හේමසිරි සමත් විය. (D.S 12-05 ධර්මරාජ)

33 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ D. S. නායක චාමුක සේශාන් D.S කණ්ඩයම වෙනුවෙන් තෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ ධර්මරාජ කණ්ඩායම දැඩි අර්බුදයකට ඇද දමමිනි. දිනූෂ හේමසිරි හට එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. (D.S 17-05 ධර්මරාජ)

සිය ප්‍රසාද ලකුණ පළමු අර්ධයේම ලබා ගැනීමට ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ D. S. සේනානායක ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධයේ අවසානයට ප්‍රථම සිය සිව්වැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර කේ. එන්. පතිරණ එම උත්සාහක දිනුමට හිමිකම් කීය. දිනූෂ හේමසිරි සුළු ආබාධයකට ලක්වීම නිසා සී. එස්. කළුබෝවිල එහි ප්‍රවර්තනය සඳහා උත්සහ කළ අතර අගනා පා පහරකින් තවත් ලකුණු දෙකක් ලකුණු පුවරුවට එක් කිරීමට ඔහු සමත් විය. (D.S 24-05 ධර්මරාජ)

පළමු අර්ධය: D. S. සේනානායක විද්‍යාලය 24 – 05 ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධය ද සුපුරුදු ලෙස D. S. ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ග්‍රහණයට හසු වූ අතර කල් නොයවාම තරගයේ 40 වන මිනිත්තුවේ දී එම්. ජේ. ඊ. ප්‍රනාන්දු D. S. සේනානායක කණ්ඩායම වෙනුවෙන් පස්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. (D.S 31-05 ධර්මරාජ)

දිනය පුරා විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ D. S. නායක චාමුක සේශාන් 47 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම ද සාර්ථක කර ගැනීමට සමත් විය. දිනූෂ හේමසිරි එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (D.S 38-05 ධර්මරාජ)

තරගයේ 47 වන මිනිත්තුවේ සිට පළමු අර්ධයේ හා දෙවන අර්ධය ආරම්භයේ නොපෙන්වූ විශිෂ්ට ක්‍රීඩා විලාසයක් පෙන්වමින් ධර්මරාජ ක්‍රීඩකයෝ නව පණක් ලද්දාක් මෙන් D. S. අර්ධය ආක්‍රමණය කරමින් ප්‍රබල පීඩනයක් ඔවුන්ට එල්ල කිරීමට සමත්වූ අතර ප්‍රබල D. S. ඉදිරිපෙළ කිහිපවරක්ම උත්සාහක දිනුම් සීමාව අසල දී නතර කිරීමට ඔවුන් සමත් විය.

ධර්මරාජ කණ්ඩයමේ නායක බවන්ත උඩන්ගමුවගේ අනර්ඝ පන්දු යොමු කිරීමක් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරන්නට කේ. ජී. මධුසංක සමත්වූ අතර බවන්ත එහි ප්‍රවර්තනය නම් සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (D.S 38-10 ධර්මරාජ)

ධර්මරාජ කණ්ඩයමේ ප්‍රබල ආක්‍රමණය හමුවේ D. S. කණ්ඩයම සිය අර්ධය ආරක්ෂා කිරීමට පෙළඹුණු අතර ධර්මරාජ උත්සාහය ව්‍යර්ථ කරමින් D. S. සේනානායක ක්‍රීඩකයෝ ලකුණු පරතරය ආරක්ෂා කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය.

අවසාන ලකුණු තත්වය: D. S. සේනානායක විද්‍යාලය 05 (6T, 4C) – 10 (2C) ධර්මරාජ විද්‍යාලය

ThePapare.com වීරයා: චමුක සෙෂාන් (DS)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • D. S. සේනානායක විද්‍යාලය: දිනූෂ හේමසිරි (2T,3C), චාමුක සේශාන් (2T), එම්. ජේ. ඊ. ප්‍රනාන්දු (1T), කේ. එන්. පතිරණ (1T), සී. එන්. කළුබෝවිල (1C)
  • ධර්මරාජ විද්‍යාලය:  කේ. ජී. මධුසංක (1T), මිලන්ත රාජපක්ෂ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<