බංග්ලාදේශ පිලේ වගකීම තනි අතට ගනිමින් පන්දු 35ක දී මුෂ්ෆිකර් රහීම් විසින් රැස් කරන ලද ලකුණු 72ක ඉනිම හේතුවෙන් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ මුණ ගැසුණු පළමු තරගයේ දී ම සත්කාරකයන්ට එරෙහිව කඩුලු 5ක වාර්තාගත ජයක් බංග්ලාදේශයේ ඉදිරියේ සටහන් විය.

[rev_slider LOLC]

ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනා එක්ව පන්දු 90ක දී ගොඩ නංවන ලද ලකුණු 141ක ශක්තිමත් සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 215ක දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශය හමුවේ තැබීමට සමත් වුවත්, පිතිකරුවන් මෙල්ල කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වීම නිසා පන්දු 2ක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය සපුරා ගැනීමට බංග්ලාදේශයට හැකි විය.

බංග්ලාදේශය පරදා ඉන්දියාව හිස ඔසවයි

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වන ලද නීරස පිතිහරඹයත්, අනුකම්පා විරහිත වූ …

කඩුලු 5ක් පමණක් දැවී බංග්ලාදේශ පිල ලබාගත් අදාළ ජයග්‍රහණය බංග්ලාදේශ තරග ඉතිහාසයේ මෙන්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී හඹා ගොස් ජය ගනු ලැබූ දැවැන්තම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය. එමෙන්ම එය ලෝකයට සංසන්දනය කර බැලීමේ දී හඹා ගොස් ජය ගන්නා ලද ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමි වී තිබේ. මෙම තරගයේ ජය බංග්ලාදේශ පිලට හිමි වීම නිසා මේ වන විට කණ්ඩායම් 3 ම එක් ජයග්‍රහණය බැගින් හිමි කර ගෙන සිටියි.

අවසන් පන්දුවාර 5 දී බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා ලකුණු 58ක් ලබා ගැනීමේ අභියෝගය බංග්ලාදේශය හමුවේ පැවැතියත් 16 වැනි සහ 17 වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ තිසර පෙරේරාට සහ ජීවන් මෙන්ඩිස්ට පිළිවෙළින් ලකුණු 18ක් සහ 13ක් ලෙස ලකුණු ලබා ගැනීමට මුෂ්ෆිකර් රහීම් සහ නායක මහමුදුල්ලා සමත්වීම නිසා ඉලක්කය පහසු විය. එහෙත් දුෂ්මන්ත චමීර විසින් මහමුදුල්ලාගේ කඩුල්ල ද, තිසරගේ දක්ෂ පන්දු රැකීම හමුවේ සබීර් රෙහ්මාන් ද ලකුණු 04ක් තුළ දැවී යෑම නිසා තරගය යළිත් දෙපිළටම විවෘත විය.

රෙහ්මාන් දැවී යන විටත් බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා පන්දු 10කදී ලකුණු 18ක් ලබා ගැනීමේ අභියෝගයක් එල්ල වී තිබුණ ද, නුවන් ප‍්‍රදීප් විසින් යොමු කරන ලද දුර්වල පන්දුවකට එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ සියලු වාසි බංග්ලාදේශය දෙසට ලබා දීමට රහීම් සමත් විය. ආබාධයක් ද සහිතව තම පිත්ත හැසිර වූ රහීම් තම විස්සයි විස්ස දිවියේ තෙවැනි අර්ධ ශතකය මෙන්ම වැඩිම ලකුණු ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.

තරගය ජය ගැනීමට සඳහා වෙනසක් අත්‍යවශ්‍ය වූ මෙම තරගයේ දී තමීම් ඉක්බාල් සමඟ ඉනිම කිරීමට උසස්වීමක් ලද ලිටන් දාස්, බංග්ලාදේශය ලද ඓතිහාසික ජයග්‍රහණයට මූලික අඩිතාලම එක් කරන ලද පිතිකරුවා බවට පත්විය. ලිටන් මුහුණ දුන් පන්දු 19 දී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් රැස් කරගන්නා ලද ලකුණු 43 බංග්ලාදේශ ජයග්‍රහණයට අවශ්‍ය මූලිකම උත්තේජනය විය. ලිටන්ගේ ඉනිම ප‍්‍රධාන කොට පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 74ක් රැස් කර ගැනීමට බංග්ලාදේශ පිලට හැකි විය.

පවර් ප්ලේ අවස්ථාව හෙවත් අධිවේගී පන්දුවාර 6 අවසන් වීමට පෙර ප‍්‍රථම පළමු කඩුල්ල ලෙසින් ධනුෂ්ක ගුණතිලක පිටියෙන් ඉවත් වුවත්, කුසල් මෙන්ඩිස් සමඟ එක්ව වේගවත් ලකුණු 56ක් එක් කිරීමට ඔහු සමත් විය. අනතුරුව මෙන්ඩිස්ට එක්වූ කුසල් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක් එක් කළේ පන්දු 53ක් පමණක්  වැය කරමිනි.

ශ‍්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ පළමු පිතිකරුවන් තිදෙනකු එක්ව ලකුණු 50ට වඩා කඩුලු සම්බන්ධතාවන් එක් කළ දෙවැනි තරගය ලෙස ද මෙම තරගය ඉතිහාස ගත විය. එම වේගවත් සම්බන්ධතාව ප්‍රධාන කොට අධිවේගී පන්දුවාර 6 අවසන් වන විට ශ‍්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 71ක් ලෙසින් සටහන් විය.

මෙන්ඩිස් විසින් ඊයේ රැස් කර ගන්නා ලද්දේ ඔහුගේ විස්සයි විස්ස දිවියේ තෙවැනි අර්ධ ශතකය වන අතර එම ඉනිම තුනම බංග්ලාදේශයට එරෙහිව පිටපිටම රැස් කරන ලද එ්වා වීම විශේෂත්වයක් විය. පන්දු 25 ලකුණු 50 පන්දු 25ක දී ද, දෙවැනි ලකුණු 50 පන්දු 29ක දී ද සපුරාගෙන තිබූ කුසල් මෙම තරගයේ දී අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නා ලද්දේ මුහුණ දුන් 26 වැනි පන්දුවේදීය.

”ඒක මෙතන කියන්න බැහැ. අනිත් කැප්ටන් ලා ඉන්නවනේ.” – චන්දිමාල්

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුවට සමගාමීව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නිදහස් …

බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත් වුන කුසල්ලාගේ සම්බන්ධතාවය අතරතුර මෙහෙදි හසන් ක්‍රියාත්මක කරන ලද 11 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට කුසල් පෙරේරාගේ පිත්තෙන් එල්ල වුන 6 පහරත් සමඟ ශ‍්‍රී ලංකාව ලකුණු 100 සීමාව පසු කර ගියේය. 6 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ සිට 10 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව දක්වා වූ පන්දු 21ක තුළ දී කුසල්ලාට අභියෝගයක් එල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර එ් අතරතුර දී එකම හයේ පහරක් හෝ හතරේ පහරක් හතරේ සීමාවට එපිටින් යැවීමට කුසල් ලා අපෙහොසත් වූහ. යම් ලෙසකින් එම පන්දු 21 තුළ දැවැන්ත පහර කීපයක් එල්ල කිරීමට පිතිකරුවන්ට හැකි වූයේ නම් මීට වඩා ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට ශ‍්‍රී ලංකාවට හැකි වනු ඇත.

මහමුදුල්ලාගේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවට ලෝන්  ඕන් කලාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ කුසල්, එ් අයුරින්ම ලකුණු ලබා ගැනීමට උනන්දු වද්දී පෙර පහරට සාපේක්ෂව වඩා අඩු ජවයක් එම පහරේ තිබීම නිසා එය උඩ පන්දුවක් වශයෙන් සබීර් රෙහ්මාන්ගේ දෑතේ සිරවිය. මෙන්ඩිස්ගේ ඉනිම නිමාවට පත්වන විට ඔහු සිය ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 2කින් අලංකාර කර ගනිමින් පන්දු 30ක දී ලකුණු 57ක් රැස් කරගෙන සිටියේය.

හතේ හත වැදී සිටි ලංකාවට කුසල් පිහිට වුන හැටි

අවසන් වසර 2ක කාලය තුල දී විස්සයි විස්ස තරග අංශයේ දී ඉන්දියාව හමුවේ හතේ හත වැදී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ …

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පන්දු 3කට පසු දසුන් ශානකව තවත් ලකුණු 08ක් ලකුණු පුවරුවට එක් වන විට නායක චන්දිමාල් ද දැවී යෑම නිසා ශ‍්‍රී ලංකාවට යම් අවදානමක් එක් කරන්නක් විය. එහෙත් වගකීම කරට ගත් කුසල් පෙරේරා ශ‍්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා වෙමින් පන්දු 48ක දී ලකුණු 74ක් රැස් කළේය. 34 වැනි පන්දුවාරයේ දී 9 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් කුසල් සිය ඉනිම හයේ පහර 2කින් සහ හතරේ පහර 8කින් සරසා ගෙන තිබුණි. ශ‍්‍රී ලංකා ඉනිමේ 5 වැනි පිතිකරුවා ලෙසින් කුසල් දැවී යෑමට පෙර උපුල් තරංග සමඟ පන්දු 26ක දී ලකුණු 55ක වේගවත් සම්බන්ධතාවක් පවත්වා ශ‍්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ලකුණු 200 ඔබ්බට රැගෙන ගොස් තිබුණි. ලකුණු 205ක් තිබිය දී කුසල් දැවී ගිය ද සිය සටන අත් නොහළ උපුල් තරංග හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමඟින් පන්දු 15ක දී ලකුණු 32ක් ලබා ශ‍්‍රී ලංකා ඉනිම අවසාන වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියේය.

ශ‍්‍රී ලංකාව පන්දුවාර 20 දී 214/6 යි – කුසල් පෙරේරා 74, කුසල් මෙන්ඩිස් 57, ධනුෂ්ක ගුණතිලක 26, උපුල් තරංග 32*, මුස්ටෆිසූර් රෙහ්මාන් 48/3, මහමුදුල්ලා 15/2*

බංග්ලාදේශය පන්දුවාර 19.4 කදී ලකුණු 215/5 යි – ලිටන් දාස් 43, තමීම් ඉක්බාල් 47, මුෂ්ෆිකර් රහීම් 72*, සෞම්‍ය සර්කාර් 24, මහමුදුල්ලා 20, නුවන් ප‍්‍රදීප් 37/2, දුෂ්මන්ත චමීර 44/1, තිසර පෙරේරා 36/1*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<