යුධ, ගුවන් හමුදා සෙබලියන් අවසන් සටනට

336

2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි ලීගයේ කාන්තා අංශයේ අවසන් පූර්ව තරග අද (09) දී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

එහි දී අවසන් පූර්ව තරග ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් මෙවර තරගාවලිය සංවිධානය කරන ලැබුවේ සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් යුතුවයි.

තියුණු සටනකින් පසු වරායත්, විදුලිබලයත් අවසන් සංග්‍රාමයට

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ පිරිමි අංශයේ…

පළමු අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ MAS Casualline කණ්ඩායම

පළමු තරග වටයේ පළමු ලකුණ රැස් කිරීමට MAS Casualline කණ්ඩායම සමත් වුවත් ඉන්පසු ඔවුන් වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු දඩයමේ නිරත වීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට හැකි විය. එම පීඩනය තවදුරටත් පවත්වා ගනිමින් මැද භාගයේ දී ලකුණු 15-08ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර තරගය අවසාන වූයේ ලකුණු 25-17ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය අත්කර දෙමිනි.

පෙර තරගයේ දී මෙන් දෙවන තරගයේ ද මුල සිටම පිටිය තුළ තම අණසක පැතිරවීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. තරගයේ මුල් භාගයේ ලකුණු 10-06ක් ලෙස ඉදිරියෙන් සිටි ඔවුන් තරගය පුරාවටම MAS Casualline ක්‍රීඩිකාවන් අසරණ කරමින් තරග කරන අයුරු දැකගත හැකි විය. තරගයේ මැද භාගයේ අවස්ථාවක දී ලකුණු 21-15ක් ලෙස තිබුනත් ලකුණු 25-18ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

MAS Casualline ක්‍රීඩිකාවන් තෙවැනි තරගයට පිවිසියේ දැඩි පීඩනයකින් යුතුවයි. මීට පෙර පැවති තරග දෙකම පරාජයට පත්ව සිටි ඔවුන්ට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය නිසැකවම ජය ගත යුතු විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

නමුත් පෙර පරිදිම MAS Casualline ක්‍රීඩිකාවන්ට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තරගයේ මැද භාගය වන විට 15-13ක් ලෙස පෙරමුණ ගෙන සිටීමට සමත් විය. ඉන්පසු තරගය පුරාවට MAS Casualline ක්‍රීඩිකාවන්ට ලකුණු 5ක් පමණක් රැස් කිරීමට අවස්ථාව ලබා දුන් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 10ක් රැස්කර ගනිමින් ලකුණු 25-18ක් ලෙස එම තරගය ද ජයග්‍රහණය කර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය.

දෙවන අවසන් පූර්ව තරගය – ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය

කණ්ඩායම් දෙකම පළමු තරග වටයේ මුල් භාගයේ දී එකිනෙකාට නොදෙවෙනි ලෙස ක්‍රීඩා කළ අතර ලකුණු 10-09ක්ව තිබූ ලකුණු පුවරුව මැද භාගය වන විට 17-13ක් ලෙස ඉදිරියට ගෙන යමින් යුධ හමුදා ක්‍රීඩිකාවන් විසින් නාවික හමුදා ක්‍රීඩිකාවන්ගෙන් තරගය ඩැහැ ගන්නා අයුරු දැක ගත හැකි විය. නමුත් නාවික හමුදා ක්‍රීඩිකාවන් නැවත අවසන් භාගයේදී තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළ ද එය ද ව්‍යර්ථ කරමින් පළමු තරග වටය ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් සමත් විය.

දෙවන වටයේ පළමු ලකුණ රැස් කරමින් තරගයට පිවිසි යුධ හමුදා ක්‍රීඩිකාවන් කෙටි සහ උස ප්‍රහාර යොදා ගනිමින් තරගයේ මුල සිටම තම අණසක පැතිර වීමට සමත් විය. පළමුව ලකුණු 02-00ක් ලෙස ඉදිරියෙන් සිටි යුධ හමුදා ක්‍රීඩිකාවන්, පළමු කෙටි විවේකය නාවික හමුදා ප්‍රධාන පුහුණුකරු ඉල්ලුම් කරන විට ලකුණු 08-04ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. ලැබුණු කෙටි විවේකයෙන් පසුවද ලකුණු 13-06ක් ලෙස ඉදිරියෙන් සිටි යුධ හමුදා ක්‍රීඩිකාවන් තරගය අවසානයේ ලකුණු 25-16ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.

යුද හා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ ලබති

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ කාන්තා තරග….

තරග වට දෙකක පරාජයකින් පසු තීරණාත්මක තෙවන තරගයට නාවික හමුදා ක්‍රීඩිකාවන් පිවිසි නමුත් ඔවුන්ට එකදු ලකුණක්වත් රැස්කර ගැනීමට ඉඩහසර ලබා නොදෙමින් යුධ හමුදා ක්‍රීඩිකාවන් ලකුණු 5ක් රැස් කිරීමට සමත් විය. මුල් භාගයේ සිටම තරගයේ පාලනය තමන් සතුකර ගැනීමට උත්සාහ කළ යුධ හමුදා ක්‍රීඩිකාවන් මැද භාගය වන විට ලකුණු 13-07ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය. නාවික හමුදා ක්‍රීඩිකාවන් නැවත තරගයට පිවිසීමට කිහිප වරක් උත්සාහ කළ නමුත් එය උත්සාහයන් සියල්ල ගඟට කැපූ ඉණි මෙන් අසාර්ථක වූයේ තරගය ලකුණු 25-20ක් ලෙස යුධ හමුදා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ වල තෙවැනි ස්ථානය සඳහා වන තරග මේ වන විටත් මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. එම තරග වල සජීව විකාශය ThePapare.com  ඔස්සේ ඔබට නැරඹිය හැක.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<