ගම නගරය යා කරනා ජාතික තරගාවලියට ඔබ සූදානම් ද?

214
2018 Munchee national Volleyball

වොලිබෝල් ක්‍රීඩා පිටිය නැවත වරක් කාර්ය බහුල කරමින් “2018 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය” ඔක්තෝබර් මස 01 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා අඛණ්ඩව 11 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි ඉදිරිපත් වී සිටියි. පසුගිය වසරවල දී මෙන් මෙවරත් සුපර් ලීග් සහ ආධුනික ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙන් තරගාවලිය සංවිධානය කිරීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර 2500කට අධික කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වේ යැයි සංවිධායකයින් අපේක්ෂා කරයි.

රටවල් 8කින් එක වෙන්න ශ්‍රී ලංකා වොලිබෝල් සිහින දකී

සැප්තැම්බර් මස 15 වැනිදා සිට සැප්තැම්බර් මස 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා..

ආධුනික අංශයේ තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දිවයිනේ සිටින ඕනෑම ක්‍රීඩා සමාජයකට, ආයතනයකට, පාසලකට හෝ යෞවන සමාජයකට සහභාගී විය හැක. දිස්ත්‍රික් සහ ජාතික ලෙස තරගාවලිය කොටස් දෙකකින් සමන්විත වන අතර දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගන්නා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනී.

ඒ අනුව එක් දිස්ත්‍රික්කයකින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 100ක් ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර තරගාවලිය ආරම්භ වන්නේ ආධුනික තරගාවලියෙන් වීමත් විශේෂත්වයක්. කෙසේ නමුත් 2018 වසරේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ජාතික කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනාට ආධුනික තරගාවලිය සඳහා සහභාගී විය නොහැක.

සුපර් ලීග් තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 6ක් සහ පිරිමි කණ්ඩායම් 8ක් තරග කරන අතර පසුගිය වසරේ ඒ ඒ කණ්ඩායම් දක්වා ඇති දක්ෂතා අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තාක්ෂණික කමිටුව විසින් පහත පරිදි එම කණ්ඩායම් වෙන්කර දක්වා ඇත.

පිරිමි කාන්තා
A කොටස B කොටස A කොටස B කොටස
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා ගුවන් හමුදාව MAS කැෂුවල්ලයින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා යුධ හමුදාව
ශ්‍රී ලංකා පොලිසිය ජාතික තරුණසේවා සභාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජාතික තරුණසේවා සභාව
ශ්‍රී ලංකා නාවික හමුදාව MAS ලෙෂර්ලයින්

පිරිමි සහ කාන්තා දෙඅංශයම A සහ B වශයෙන් කොටස් දෙකකට බෙදා ලීග් ක්‍රමයට තරග කර ඉන්පසුව අවසන් පූර්ව තරග කතිර (Cross) ක්‍රමයට පවත්වනු ලබයි. මෙම තරගාවලියේ සියලුම තරග වට 5/3 ආකෘතිය යටතේ පවත්වනු ලබන අතර සෑම කණ්ඩායමක්ම තරග ඇතුලත් වීමේ ගාස්තු වශයෙන් රු.5000/= මුදලක් තරග අයදුම්පත්‍රය සමඟින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ගෙවිය යුතුයි. සැප්තැම්බර් මස 30 වැනිදායින් සුපර් ලීග් සහ ආධුනික අංශ දෙකේම අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් වේ.

සුපර් ලීග් තරගාවලිය සඳහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීම සඳහා මෙම තරගාවලියේ තරග 4ක් එළිමහන් ක්‍රීඩා පිටිවල දී පැවැත්වීමට නියමිතයි. සුපර් ලීග් තරගාවලියේ තරග නොවැම්බර් 5, 6, 7 සහ 8 යන දිනවල දී ආරම්භ වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම 13 වන ස්ථානය දිනා ගනී

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 14 වන දිනය වූ ඊයේ (01)..

තරගාවලිය අවසානයේ අංශ දෙකෙන්ම ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් සඳහා මුදලින් ත්‍යාග ප්‍රදානය කිරීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර අවසන් මහා තරග දෙසැම්බර් මස 16 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අඟහරුවාදා (04) සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹාලාපිටිය, වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, උප ලේකම් කාංචන ජයරත්න, තරගාවලි ලේකම් ධනපාල ජයම්පත්, CBL ආයතනයේ සමූහ අධ්‍යක්ෂ රසිත් වික්‍රමසිංහ, ප්‍රධාන විධායක නිලධාරි නලින් බී. කරුණාරත්න යන මහත්වරුන් සහභාගී වූ අතර ඊට අමතරව වොලිබෝල් සම්මේලනයේ සහ CBL ආයතනයේ සෙසු නිලධාරීන් පිරිසක් සහ මාධ්‍යවේදීන් ඊට එක්විය.

මාධ්‍ය හමුවේ දී තරගාවලියේ කුසලානය නිරාවරණය, අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානයට අමතරව www.muncheevolleyball.com නමින් නව වෙබ් අඩවියක් සයිබර් අවකාශයට එකතු කිරීම ද සිදු කෙරුණි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<