ඉසිපතන ක්‍රීඩකයින්ට ජනාධිපති කුසලානයේ දොරටු වැසේ

773

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (18) කොළඹ ඉසිපතන විද්‍යාලයත්, කොළඹ වෙස්ලි විද්‍යාලයත් අතර පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 22-15ක් ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට කොළඹ  වෙස්ලි විද්‍යාලය සමත් විය.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ත්‍රිත්ව සිහින බොඳ කරයි

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසාන පූර්ව තරගය අද (17) මහනුවර ත්‍රිත්ව…

තරගය පුරා කරට කර ක්‍රීඩා විලාසයක් පෙන්වීමට කණ්ඩායම් දෙකම සමත් වූ නමුත් අවසාන මොහොතේ සේශාන් ජයවර්ධන හා මෝහන්දාස් පරනිදරන් වෙස්ලි විද්‍යාලයට අවසන් පූර්ව තරගයේ  අසුන වෙන් කරන්නට සමත් විය.

ඉසිපතන නයක මනිල්ක රුබේරුගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ආරම්භක මිනිත්තු කිහිපයේ සිය පසුපෙළ යොදා ගනිමින් ඉදිරියට යාමට උත්සහ කළ ද කාල සීමා පසුව ලකුණු බවට පත් කර ගැනීමට හැකිව තිබූ අවස්ථාවක් පන්දුව ‘Knock on’ වීම නිසා ඔවුන්ගෙන් ගිලිහි ගියේය.

7 වන මිනිත්තුවේ දී ඉසිපතන නායක මනිල්ක රුබේරු මීටර 40 සීමාවේ සිට දඬුවම් පහරක් සඳහා උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

8 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහර පිටියෙන් ඉවතට යොමු කළ ඉසිපතන ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් සීමාව අසලම ‘Line out’ අවස්ථාවක් ලබා ගත් අතර ‘Line out’ අවස්ථාව සාර්ථක කර ගත් ඔවුන් 9 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. චන්දිම සඳරුවන් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර මනිල්ක රුබේරු අමතර ලකුණු එකතු කිරීමට කළ උත්සාහය පන්දුව ගෝල කණුවේ වැදී ව්‍යර්ථ විය. (ඉසිපතන 05-00 වෙස්ලි)

16 වන මිනිත්තුවේ දී වෙස්ලි ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් කරා යෑමට උත්සහ කළ අතර එම උත්සාහය අසාර්ථක වූ නමුත් ලද දඬුවම් පහරක් පහසුවෙන් ගෝල කණු අතරින් යවන්නට වෙස්ලි ක්‍රීඩක මුර්ශිඩ් සුබයිර් සමත් විය. (ඉසිපතන 05-03 වෙස්ලි)

18 වන මිනිත්තුවේ දී නැවත වරක් ඉසිපතන විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර මෙවර නම් නායක මනිල්ක රුබේරු ලකුණු තුනක් එකතු කිරීමට සමත් විය. (ඉසිපතන 08-03 වෙස්ලි)

සාන්ත ජෝසප් හමුවේ මලියදේවය පරාජය වේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර…

නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ වෙස්ලි කණ්ඩායමේ මුර්ශිඩ් සුබයිර් විශිෂ්ට ධාවනයක යෙදෙමින් පන්දුව සිය පසුපෙළට ලබා දුන් අතර අලංකාර පන්දු යොමු කිරීම් කිහිපයකට පසුව දකුණු පස සීමා කොඩිය අසලින් කවින්දන පෙරේරා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. මුර්ශිඩ් සුබයිර් අලංකාර ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ඉසිපතන 08-10 වෙස්ලි)

27 වන මිනිත්තුවේ සිට ඉසිපතන විද්‍යාලය උත්සාහක දිනුමක් කරා යාමට ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් වෙස්ලි ආරක්ෂක වළල්ල ඔවුන්ට ලකුණු රැස් කිරීමට නොදී මිනිත්තු පහක් පමණ ඔවුන්ව උත්සාහක දිනුම් සීමාව අසලම රඳවා තබා පන්දුව නැවත දිනා ගැනීමට සමත් විය.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 08 (1T,1P) 10 (1T,1P,1C) වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ වෙස්ලි ක්‍රීඩකයෝ ප්‍රබල ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වූහ. ‘scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන තරිඳු හේමාල් පන්දුව ගුවන්ගත කළ අතර පන්දුව හඹා ගිය කවින්දන පෙරේරා පන්දුව රැගෙන ඉසිපතන ක්‍රීඩකයින් මවිත කරමින් 37 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මුර්ශිඩ් සුබයිර් අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (ඉසිපතන 08-15 වෙස්ලි)

කණ්ඩායම් දෙකටම පන්දුව සමඟ වැඩි වෙලා රැඳී සිටීමට අවස්ථාවක් නොලැබුණු අතර 48 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඉසිපතන නායක මනිල්ක රුබේරු අසමත් විය.

52 වන මිනිත්තුවට ආසන්නයේ කෙටි කාල පරාසයක් තුල ඉසිපතන ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධයට ලක් වීම ඔවුන්ට මහත් අවාසියක් විය.

කෙසේ වෙතත් 54 වැනි මිනිත්තුවේ දී ඉසිපතන නායක මනිල්ක රුබේරු වෙස්ලි ක්‍රීඩකයින් මර්දනය කරමින් ඉදිරියට ඇදුණු අතර පන්දුව මනුල රත්නායක වෙත භාර දීමෙන් අනතුරුව මනුල විශිෂ්ට ලෙස ලකුණු සම කළ උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මනිල්ක රුබේරු අලංකාර ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ඉසිපතන 15-15 වෙස්ලි)

තරගයේ උණුසුම තවත් වැඩි වූ අතර අවසාන මිනිත්තු 12 හේ කණ්ඩායම් දෙකම ප්‍රබල තරගයකට අවතීර්ණ විය.

60 වන මිනිත්තුවේ දී ‘Line out’ අවස්ථාවකින් පන්දුව දිනා ගත් ඉසිපතන ක්‍රීඩකයෝ සිය පසුපෙළ යොදා ගනිමින් අනගි අවස්ථාවක් උදා කර ගත් නමුත් පිටිය කොනේ අංජුලගේ අවසාන පන්දු යොමු කිරීමත්, ප්‍රවීන් ස්ටෙෆාන්ගේ පන්දුව රැක ගැනීමත් අසාර්ථක වූ නිසා ඔවුන්ට ඉතා වටිනා අවස්ථාවක් අහිමි විය.

66 වන මිනිත්තුවේ දී සේශාන් ජයවර්ධන පන්දුව ලබාගෙන සුපිරි ධාවනයක නිරතවුණු අතර දිනුම් රේඛාව ආසන්නයේ දී පන්දුව ලබා ගත් පරනිදරන් ඉසිපතන ක්‍රීඩකයින්ට ඉහළින් පැන උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගොස් වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් ජයග්‍රාහි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මුර්ශිඩ් සුබයිර් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ඉසිපතන 15-22 වෙස්ලි)

රග්බි ක්‍රීඩාවේ ජිවගුණය පණගන්වන මයිලෝ ජනාධිපති කුසලානය

රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ දැමීමේ හා ක්‍රීඩාවේ හරය ආරක්ෂා කිරීම පෙරදැරි කර ගනිමින් 26 වැනි වතාවටත්…

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 15 (2T,1P,1C) 22 (3T,1P,2C) වෙස්ලි විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා: මුර්ශිඩ් සුබයිර් (වෙස්ලි)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතන විද්‍යාලය – චන්දිම සඳරුවන් (1T), මනිල්ක රුබේරු (1C,1P), මනුල රත්නායක (1T)
  • වෙස්ලි විද්‍යාලය – මුර්ශිඩ් සුබයිර් (1P,2C), කවින්දන පෙරේරා (2T), මෝහන්දාස් පරනිදරන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<