මොරටු ක්‍රීඩකයෝ සභාපති කුසලානය ජයග්‍රහණය කරති

512

සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලිය අද (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ එහි අවසන් තරගයේ දී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ ලකුණු 03-25ක පහසු ජයක් හිමි කර ගත් මොරටු මහා විද්‍යාලය තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරමිනි.

තියුණු සටනකට පසු සාන්ත පීතර ක්‍රීඩකයින් ජනාධිපති කුසලානය දිනා ගනියි

කොළඹ තුරඟ තරග පිටිය දෙවනත් කරමින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන…

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට අසමත් වූ අතර එහි දී ලැබුණු තියුණු අවස්ථාවන් ද උත්සාහක දිනුම් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් වූයේ නැත. ඒ සඳහා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පන්දුව හුවමාරු කර ගැනීමේ දී ප්‍රදර්ශනය කළ දුර්වලතා ඉවහල් විය.

කෙසේ නමුත් දඬුවම් පහරක් හරහා තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සමත් වූයේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය යි. ඒ අනුව ඔවුන්ට ලැබුණු දඬුවම් පහර අවස්ථාවකින් පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කළ සාන්ත තෝමස් ක්‍රීඩකයා සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. (STMC 03 – 00 MMV)

අනතුරුව තරගයට අවතීර්ණ වූ මොරටු මහා විද්‍යාල ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය නිමාවන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට එන්නට සමත් විය. එහි දී පන්දුව ඉතා හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය මොරටු ක්‍රීඩකයෙකු වෙත බාර කළ අතර ඔහු පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව නායක නිරංජන් රවීන්ද්‍රන් විසින් සාර්ථක කර ගනු ලැබීය. (STMC 03 – 07 MMV)

භානුක අවසන් මිනිත්තුවේ දී තෝමසුවන්ව අවසන් තරගයට රැගෙන යයි

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් මාතලේ සාන්ත…

අනතුරුව පළමු අර්ධයේ අවසානයට පෙර ඔවුන්ට දඬුවම් පහර අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කර ගන්නට රවීන්ද්‍රන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ 03 – 07 මොරටු මහා විද්‍යාලය

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම පන්දුව ඉදිරියට රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත්, අවසානයේ එම උත්සාහය සාර්ථක කර ගැනීමට සමත් වූයේ මොරටු මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් ය. එහි දී ඔවුන්ගේ අන්තයේ සිට ඔවුන් එල්ල කළ පා පහරකින් පන්දුව උත්සාහක දිනුම් කලාපය ආසන්නය වෙත ඇදී ගිය අතර එහි දී ඔවුන් එල්ල කළ පීඩනය හමුවේ පන්දුව ලබා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයා හට පන්දුව සිය උත්සාහක දිනුම් කලාපය අන්තයේ තැබීමට සිදු විය. ඒ අනුව උත්සාහක දිනුම් කලාපය ආසන්නයේ මොරටු මහා විද්‍යාලයට ‘scrum’ අවස්ථාවක් හිමි වූ අතර ඒ හරහා පන්දුව ලබා ගත් සමල්ක රුමේෂ් උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට රවීන්ද්‍රන් සමත් වූයේ නැත. (STMC 03 – 12 MMV)

අනතුරුව සාන්ත තෝමස් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගන්නට සමත් වුවත්, ඔවුන්ගේ දුර්වල පන්දු හුවමාරු කර ගැනීම සහ මොරටු විද්‍යාලයේ දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය හමුවේ එම අවස්ථාවන් සාර්ථකව උත්සාහක දිනුම් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පසුව මොරටු මහා විද්‍යාලයට හිමි වූ දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් රවීන්ද්‍රන් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගන්නට සමත් විය. (STMC 03 – 15 MMV)

අනතුරුව තරගය අවසන් වන්නට පෙර මොරටු මහා විද්‍යාලයේ රවිඳු ප්‍රනාන්දු විසින් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් රවීන්ද්‍රන් විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට සමත් වූයේ ප්‍රතිවාදීන්ට තරගයට අවතීර්ණ වීමට තිබූ සියලු අවස්ථාවන් අවහිර කරමිනි. (STMC 03 – 22 MMV)

මහනුවර නායක වීරරත්නත් පැරිස් යන සංචිතයට

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නවකයින් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත…

අවසානයේ දී මොරටු මහා විද්‍යාලයට හිමි වූ දඬුවම් පහර අවස්ථාවක් රවීන්ද්‍රන් විසින් සාර්ථක කර ගැනීමත් සමඟ විනිසුරුවරයා තරගය අවසන් කිරීමේ සංඥාව නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව තරගයේ ජයග්‍රහණය හිමි කර ගනිමින් සභාපති කුසලානය සිය පාසල වෙත රැගෙන යන්නට මොරටු මහා විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ 03 (1P) – 22 (3T,2C,2P) මොරටු මහා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – නිරංජන් රවීන්ද්‍රන් (මොරටු මහා විද්‍යාලය)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<