භානුක අවසන් මිනිත්තුවේ දී තෝමසුවන්ව අවසන් තරගයට රැගෙන යයි

1848

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගයක් මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර අද (24) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එහි දී ලකුණු 20-19ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් මෙහෙයුමෙන් කිංග්ස්වුඩ් බලාපොරොත්තු බිඳ වැටේ

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය

තරගය ආරම්භ වී මිනිත්තු කීපයක් ගත වන්නටත් මත්තෙන් තරගයේ පළමු උත්සාහක දිනුම ධනංජය බණ්ඩාර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් තරගයේ පැහැදිලි ඉදිරිය තෝමසුවන් විසින් ලබා ගන්නා ලදි. (05-00)

ඉන්පසු පිටියේ තරමක් උද්වේගකර ක්‍රීඩා විලාසයක් දෙපිලෙන්ම දක්නට ලැබුණු අතර දෙපිලේම ආරක්ෂක වළල්ල තරගයේ තීරණය වෙනුවෙන් සෘජුවම බලපාන බවක් පෙනෙන්නට තිබිණ. බාධා පසෙකලමින් නුගවෙල ආරක්ෂක වළල්ල අතරින් සූක්ෂමව රිංගා ගිය සාන්ත තෝමස් ෆ්ලෑන්කර් ක්‍රීඩක සංකල්ප බාලසූරිය තම පාසල වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (10-00)

ඉන් මිනිත්තු කීපයක් ගතවුණු තැන නුගවෙල විද්‍යාලයේ එන්. සංජය සිය පාසලේ පළමු උත්සාහක දිනුම දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (10-05)

පළමු අර්ධය: මාතලේ සා. තෝමස් විද්‍යාලය 10- 05 නුගවෙල ම.ම. විද්‍යාලය

තරගයේ ජයග්‍රහණය අභිලාසයෙන් දෙපිලම දෙවැනි අර්ධයට අවතීර්ණ වූ අතර පිටියේ පීඩනය නිසියාකාරව වටහා ගත් එම්. ගුණරත්න නුගවෙල විද්‍යාලය වෙනුවෙන් දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමිනි.(10-12)

තරගයේ තීරණය උඩු යටිකුරු කරමින් පිටියේ අණසක නුගවෙල ක්‍රීඩකයන් සතු වූ අතර තෝමසුවන්ගේ පීඩනය ද ඒ හා දෙවැනි නොවිණි.

ඒ අවසරයෙන් පෙර පරිදීම ක්‍රියාත්මක වුන නුගවෙල ක්‍රීඩක එම්. ගුණරත්න තම දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළේ තරගයේ පැහැදිලි ඉදිරිය සිය පාසල සතු කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (10-19)

අවසන් නිමේෂයේ වෑයමෙන් තර්ස්ටන් විද්‍යාලය අවසන් තරගයට

මයිලෝ ආයතනය විසින් සවි බලගන්වනු ලබන අගමැති කුසලාන

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී සාන්ත තෝමස් විද්‍යාලයේ දේවින්ද සෙනෙවිරත්න අලංකාර පන්දු පාලනයකින්  සහ එකා පසුපස එකා ලබා ගත් හැප්පීම් කිහිපයකින් තම පාසල වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් දිනා දුන්නේ තරගයේ පරතරය තරමකින් අඩු කරමින් කරමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (15-19)

තරගයේ ජය නුගවෙල විද්‍යාලය අසල නතර කරමින් තරගය අවසන් කරන්නට සැරසෙත්ම, තරගයේ අවසන් මිනිත්තුවේ දී නොසිතූ උත්සාහක දිනුමක් දිනා ගන්නට භානුක ජයරත්න සමත් විය. ඒ සමඟින් නුගවෙල මධ්‍ය විද්‍යාලය පරදවමින්  මයිලෝ සභාපති කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. (20-19)

අවසන් ලකුණු තත්වය: මාතලේ සා. තෝමස් විද්‍යාලය 20 (4T) – 19 (3T,2C) නුගවෙල ම.ම. විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – එම්. ගුණරත්න  (නුගවෙල ම.ම. විද්‍යාලය )

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

මාතලේ සා. තෝමස්  විද්‍යාලය –  ධනංජය බණ්ඩාර 1T, සංකල්ප බාලසුරිය  1T, දේවින්ද සෙනෙවිරත්න 1T භානුක ජයරත්න 1T

නුගවෙල මධ්‍ය විද්‍යාලය – එන්. සංජය 1T,  එම්. ගුණරත්න 2T 2C  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<