හේලීස් ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

1307

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (17) කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ දී නිමා වූ හේලීස් සමාගම සහ MAS Holdings – Unichela අතර තරගයෙන් ලකුණු 64ක ජයක් ලබා ගැනීමට හේලීස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සධීර සමරවික්‍රම පිට පිට දෙවැනි ශතකයත් රැස් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ..

හේලීස් සමාගම් ක්‍රීඩකයෝ පිට පිට ලැබූ දෙවැනි තරගයයි මේ.

කාසියේ වාසිය දිනූ MAS Unichela කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හේලීස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 267ක් ලබා ගත්හ. පෙර දිනයේ ශතකයක් වාර්තා කළ ලහිරු තිරිමාන්න අද ලකුණු 80ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම පන්දු 94කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ලකුණු ප්‍රමාණය 59ක්. පන්දු 41කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුලත් විය.

පන්දු යැවීමේ දී ධම්මික ප්‍රසාද් ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඔහුගේ ආරම්භක පන්දුවාර තුනේ දී වැඩි ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන්ට පිදූව ද ඉන් අනතුරුව යම් තරමක පාලනයකින් යුක්තව පන්දු යැවීමට ඔහු සමත් වීම කැපී පෙණුනි. තිලකරත්න ඩිල්ෂාන් දවා ගත් කඩුලු ප්‍රමාණය 2කි.

ඇෆ්ගන් ක්‍රීඩකයෝ පළමු පන්දුවට පහර දීම තෝරා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වෙනුවෙන් අද (17) අබුඩාබි නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට්..

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි  MAS Unichela ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 203ක් පමණයි. ඔවුන්ගේ ඉනිම අවසන් වීමට තවත් පන්දු 62ක් ම ඉතිරිව තිබුණි.

එම ඉනිමේ  ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට ටී. එම්. සම්පත් සහ රමිත් රඹුක්වැල්ල (14) සමත් වූහ. සම්පත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68කි. හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකකින් සමන්විත වූ එම ඉනිමට වැය වූ පන්දු සංඛ්‍යාව 67කි.

කඩුලු ලබා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවා ගත් අතර ඇන්ඩි සොලමන්ස් කඩුලු 2ක් දවා ගත්තේ ය.

හේලීස් සමාගම් කණ්ඩයම; සියලුම දෙනා දැවී 267 (48.2): ලහිරු තිරිමාන්න 80, අවිශ්ක ප්‍රනාන්දු 59, මධුරංග සොයිසා 24, නිමේෂ ගුණසිංහ 20, ධම්මික ප්‍රසාද් 4/50, තිලකරත්න ඩිල්ෂාන් 2/45

MAS Holdings – Unichela කණ්ඩායම; සියලුම දෙනා දැවී 203 (39.4): ටී. එම්. සම්පත් 68, ෆර්විස් මහරූෆ් 27, තිලකරත්න ඩිල්ෂාන් 22, ප්‍රභාත් ජයසූරිය 3/32, ලසිත් ඇඹුල්දෙණිය 3/35, ඇන්ඩි සොලමන්ස් 2/48

වෙළඳසේවා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම තරගවලත් උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<