සධීර සමරවික්‍රම පිට පිට දෙවැනි ශතකයත් රැස් කරයි

1848

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ශතකයත් වාර්තා කිරීමට සධීර සමරවික්‍රම අද (16) සමත් විය. මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එල්. බී. ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම් අතර තරගයේ දී සධීර කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව මෙම ශතකය වාර්තා කළේය.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (15) පැවති සම්පත් බැංකු කණ්ඩායම සහ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම අතර තරගයේ දී සධීර ලකුණු 121ක් ලබා ගත්තේ ය. සධීරට අමතරව අද දවසේ අනෙක් ශතකලාභියා වූයේ හේලීස් කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ය. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට රජීව වීරසිංහ සමත් විය.

වෙළඳසේවා තරග පිටියේ ශතක වැසි වසී

26 වැනි වරටත් පැවැත්වෙන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය…

අද පැවති තරග අතුරින් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ද, TeeJay ලංකා කණ්ඩායමට එරෙහිව හේලීස් කණ්ඩායම ද, සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව MAS Silueta කණ්ඩායම ද සහ ජෝන් කීල්ස් කණ්ඩායමට එරෙහිව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කළේය.

එල්. බී. ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 189ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එල්. බී. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එල්. බී. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 342ක් ලබා ගත් අතර කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි

එල්. බී. ෆිනෑන්ස් ඉනිමේ දී සධීර සමරවික්‍රම පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 118ක් ලබා ගත්තේ ය. ඊට අමතරව චරිත් අසලංක පන්දු 99ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 83ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට එක් කළ සබඳතාව ලකුණු 181කි.

පිළිතුරු ඉනිමේ දී අලංකාර අසංක සහ කවිඳු කුලසේකර ලකුණු 45ක් බැගින් ලබා ගත්ත ද එය තරගයේ ජයග්‍රහණයට තරම් ප්‍රමාණවත් නොවුණි. පන්දු යැවීමේ දී රජීව වීරසිංහ ලකුණු 37කට කඩුලු 5ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඉසුරු උදාන ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3කි.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 342 (50.0) සධීර සමරවික්‍රම 118, චරිත් අසලංක 83, මුතුමුදලිගේ පුෂ්පකුමාර 2/53, රොෂාන් ලක්සිරි 2/60, උදිත් මධුශාන් 3/61

කැන්රිච් ෆිනෑන්ස්; සියලුම දෙනා දැවී 153 (38.4) අලංකාර අසංග 45, කවිඳු කුලසේකර 45, සහන් විජේරත්න 32, ඉසුරු උදාන 3/27, රජීව වීරසිංහ 5/37

මාලිංග වසරකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙමින් ආසියානු පිටියේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ …

TeeJay ලංකා සහ හේලිස් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හේලීස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ හේලීස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 316ක් ලබා ගත්හ. පිළිතුරු ලෙසින් TeeJay ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 245ක් පමණි.

හේලීස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලහිරු තිරිමාන්න යි. පන්දු 130කට මුහුණ දුන් තිරිමාන්න ලකුණු 109ක් ලබා ගත් අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් කළේය.

ඊට අමතරව ඇන්ඩි සොලමන්ස් පන්දු 21ක දී ලකුණු 69ක් ලබා ගත්තේය. ඔහුගේ මේ ඉක්මන් ඉනිමට හතරේ පහර 2ක් සමඟින් හයේ පහර 9ක් ඇතුලත් විය. ආරම්භක වමත් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත ආබාධිත තත්ත්වයක් මත ඉනිම අතරමග නතර වෙන විට පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී හිමේෂ් රාමනායක, කසුන් මධුශංක, සචිතු සේරසිංහ සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් බෙදා ගත්හ.

TeeJay ලංකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ වමත් ආරම්භක පිතිකරු රුවිඳු ගුණසේකර ය. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. ඊට අමතරව සචිත් පතිරණ පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය.

වමතින් දඟපන්දු යැවූ ලසිත් ඇඹුල් දෙණිය ප්‍රතිවාදි කඩුලු 4ක් ලකුණු 78කට දවා ගනිමින් මෙවර තරගාවලියේ මෙතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

හේලීස් සමාගම; කඩුලු 4ක් දැවී 316 (50.0) අවිශ්ක ප්‍රනාන්දු 30, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 65, ලහිරු තිරිමාන්න නොදැවී 109, ඇන්ඩි සොලමන්ස් 69, සචිත්‍ර සේරසිංහ 1/37

TeeJay ලංකා; සියලුම දෙනා දැවී 245 (42.4) මිනෝද් භානුක 34, රුවිඳු ගුණසේකර 71, කිත්රුවන් විතානගේ 21, සචිත් පතිරණ 52, කසුන් මධුශංක 18, ප්‍රභාත් ජයසූරිය 2/29, ලසිත් ඇඹුල්දෙණිය 4/78

සම්පත් බැංකුව සහ MAS Silueta අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS Silueta කණ්ඩායම සමත් වූයේ තවත් පන්දු වාර 11ක් ඉතිරිව තිබිය දී ය.

කාසියේ වාසිය දිනූ  MAS Silueta ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි සම්පත් බැංකු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගත්හ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සමීන් කඳනාරච්චි. ඔහු ලකුණු 74ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී බුද්ධික සංජීව ලකුණු 39කට කඩුලු 3ක් ද, ධනෝෂ් ද සිල්වා සහ සංගීත් කුරේ කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS Silueta කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 206ක් ලබා ගත්තේය. එම ඉනිමේ දී වඩාත් වැදගත් කාර්යයක් කරනු ලැබුවේ ෂෙහාන් ප්‍රනාන්දු සහ නිමන්ද සුබසිංහ ය. ඔවුන් දෙදෙනා ම අර්ධ ශතක වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

සම්පත් බැංකු කණ්ඩායම; සියලුම දෙනා දැවී 203 (47.1) සමීන් කඳනාරච්චි 74, චරිත බුද්ධික 36, බුද්ධික සංජීව 3/39, ධනෝෂ් ද සිල්වා 2/39, සංගීත් කුරේ 2/41

MAS Silueta කණ්ඩායම; කඩුලු 6ක් දැවී 206 (39.0) ඉරෝස් සමරසූරිය 27, ෂෙහාන් ප්‍රනාන්දු 51, නිමන්ද සුබසිංහ නොදැවී 57, ජීවන් මෙන්ඩිස් 2/43, සචිත්‍ර පෙරේරා 2/70

සිදු වුනා යැයි පැවසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාවේ නවතම තත්වය

ලබන ඔක්තෝබර් මාසයේ ද ආරම්භ වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව..

ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ කොමර්ෂල් කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 271ක් ලබා ගත්හ. එම ඉනිමට අර්ධ ශතක 2ක් ඇතුලත් විය. ඒ භානුක රාජපක්ෂගෙන් සහ දිමුත් කරුණාරත්න ගෙනි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගත්හ. ජයග්‍රහණය කරා යන ගමනේ දී චාමර කපුගෙදර පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තේය. ඊට අමතරව චතුරංග ද සිල්වා පන්දු 80ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 162ක සබඳතාවක් එක් කළහ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  කණ්ඩායම; කඩුලු 9ක් දැවී 271 (50.0) ලහිරු මිලන්ත 38, භානුක රාජපක්ෂ 60, දිමුත් කරුණාරත්න 84,රිෂේන් සිල්වා 25, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 21, මාලින්ද පුෂ්පකුමාර 2/45,ලහිරු ගමගේ 2/53

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම;  කඩුලු4ක් දැවී 272 (44.3) චතුරංග ද සිල්වා 92, චාමර කපුගෙදර නොදැවී 91, සඳුන් වීරක්කොඩි 30, අශාන් ප්‍රියන්ජන් 29, ඉෂාන් ජයරත්න 2/48

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<