වෙළඳසේවා තරග පිටියේ ශතක වැසි වසී

720

26 වැනි වරටත් පැවැත්වෙන සිංගර් කුසලාන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භක දිනයේ ම ශතක වර්ෂාවක් වැස්ස වීමට වෙළඳසේවා කණ්ඩායම් ක්‍රීඩකයෝ සමත් වෙති. ජෝන් කීල්ස් කණ්ඩායමේ ලහිරු මිලන්ත ද එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ සධීර සමරවික්‍රම සහ ඇන්ජලෝ පෙරේරා ද අද (15) නිමා වූ තරගවල දී ශතක වාර්තා කළහ. ඒ කැන්රිච් ෆිනෑන්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම්වලට එරෙහිව ය.

මාලිංග වසරකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙමින් ආසියානු පිටියේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (15) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාෂා පළමුවෙන් පන්දුවට පහර දීම තම කණ්ඩායම…

තරගාවලිය ආරම්භ කරමින් අද තරග ත්‍රිත්වයක් පැවති අතර ඒ අතුරින් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිව ජෝන් කීල්ස් කණ්ඩායම ද, සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම ද සහ MAS Sileuta කණ්ඩායමට එරෙහිව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කළේය.

ජෝන් කීල්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ජොන් කීල්ස් හෝලිඩින්ග්ස් ආයතන කණ්ඩායමට ලකුණු 186ක ජයග්‍රහණයක් හිමි විය.

කාසියේ වාසිය දිනූ කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට ජෝන් කීල්ස් ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 402ක් ලබා ගත්තේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලහිරු මිලන්ත ය. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තේ ය.

ලහිරු සහ මනෝජ් සරත්චන්ද්‍ර (46) අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 136කි. ඊට අමතරව භානුක රාජපක්ෂ සහ ඉෂාන් ජයරත්න අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය.

කැන්රිච් ෆිනෑන්ස් පිළිතුරු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 216කින් නිමා විය. එම ඉනිමේ දී පැතුම් නිශ්ශංක පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 402 (50.0): ලහිරු මිලන්ත 114, මනෝජ් සරත්චන්ද්‍ර 46, භානුක රාජපක්ෂ 71, ඉෂාන් ජයරත්න 62, මධුක ලියනපතිරණගේ නොදැවී 38, සහන් විජේරත්න 2/46

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 216 (50.0): පැතුම් නිශ්ශංක 62, ඔසඳ ප්‍රනාන්දු 36, සහන් විජේරත්න 49, විශ්ව ධීමන්ත නොදැවී 40, භානුක රාජපක්ෂ 2/27, මධුක ලියනපතිරණගේ 2/41

අකිල දනංජය ආසියානු කුසලානයට සූදානමින්?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා ඩුබායි බලා පිටත්ව ගිය නමුත් සංචිතයට නම් කර සිටින අකිල ධනංජය ඔවුන් සමඟ…

එල්. බී. ෆිනෑන්ස් සහ සම්පත් බැංකුව අතර තරගය

කටුනායක වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති එල්. බී. ෆිනෑන්ස් සහ සම්පත් බැංකු කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 155ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එල්. බී. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සමත් වෙති.

කාසියේ වාසිය දිනූ සම්පත් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එල්. බී. ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 375ක් ලබා ගත්තේ ශතක දෙකක් තම ඉනිමට එක්කර ගනිමිනි.

ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තේ ය. ඇන්ජලෝ පෙරේරා පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබාගත් ලකුණු සංඛ්‍යාව නොදැවී 105කි. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 82ක දී ලකුණු 122ක් එක් කළ හ.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක සහ ඉසුරු උදාන ලකුණු 114ක් එක් කළහ. චරිත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 50කි. එල්. බී. ෆිනෑන්ස් ඉනිම නිමා වෙන විට ඇන්ජලෝ පෙරේරා සහ ඉසුරු උදාන සිව්වැනි කඩුල්ලට නොදැවූණ ලකුණු 124ක සබඳතාවක් ගොඩ නගමින් සිටිය හ. ඉසුරු උදාන පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සම්පත් බැංකු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 220ක් පමණි. එම ඉනිම වෙනුවෙන් හසන්ත ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. කඩුලු ලබා ගැනීමේ දී චතුරංග කුමාර සහ චරිත් සුදාරක කඩුලු 3 බැගින් දවා ගත් අතර චරිත් අසලංක කඩුලු 2ක් දවා ගත්තේ ය.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 375 (50.0) සධීර සමරවික්‍රම 121, ඇන්ජලෝ පෙරේරා නොදැවී 105, ඉසුරු උදාන නොදැවී 82, චරිත් අසලංක 50

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 9ක් දැවී 220 (50.0) රොමේෂ් බුද්ධික 41, තරිඳු කෞෂාල් 39, හසන්ත ප්‍රනාන්දු 65, කෞෂාල් සිල්වා 24, චතුරංග කුමාර 3/24, චරිත් සුදාරක 3/25, චරිත් අසලංක 2/30

MAS Sileuta සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ කොමර්ෂල් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS Sileuta ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණි. 32 වැනි පන්දු වාරයේ දී නිමා වූ ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඉරෝෂ් සමරසූරිය ය. ඔහු ලකුණු 29ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මාලින්ද පුෂ්පකුමාර, සුරාජ් රන්දීව් සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ 16 වැනි පන්දු වාරයේ පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළහ. එහි දී සඳුන් වීරක්කොඩි නොදැවී ලකුණු 80ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

MAS Sileuta කණ්ඩායම; සියලුම දෙනා දැවී 131 (31.1): ඉරෝෂ් සමරසූරිය 29, නිමන්ද සුබසිංහ 28, අසිත ප්‍රනාන්දු 3/26, මාලින්ද පුෂ්පකුමාර 2/23, සුරාජ් රන්දීව් 2/21, වනිඳු හසරංග 2/18

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 134 (15.5): සඳුන් වීරක්කොඩි නොදැවී 80

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<