400 වාර්තාව සමඟින් දක්ෂතම ක්‍රීඩකයා අරුණ

470

නව ජාතික වාර්තාවක්; තරග වාර්තා 26ක්!

නවීකරණයෙන් පසු අභිනවයෙන් ක්‍රීඩකයින්ට විවෘත වූ සුගතදාස ක්‍රීඩාංගණයට නැවුම් ආරම්භයක් ලබා දෙමින් 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද (26) එක් ජාතික වාර්තාවක් හා නව තරග වාර්තා 27ක් සමඟින් අවසන් විය.

තරගාවලිය දින හතරක් පුරා විහිදුණු අතර වයස් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්විය. මෙවර තරගාවලිය, එළඹෙන මැයි මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කනිෂ්ඨ දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස ද සැලකීම නිසා තරගාවලියේ උණුසුම් තවත් ඉහළ මට්ටමක පැවතුනි.

රුමේෂ් වසර 17ක වාර්තාවක් බිඳ දමයි

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ ක්‍රීඩා ඉසව් අතර වැදගත්ම ඉසව්වක් වන මීටර් 100 බාලක හා බාලිකා මූලික වටයේ ඉසව් ඇතුළුව තවත් ඉසව් ….

සිව්වැනි හා අවසාන දිනය වූ අද (26) තරගාවලියේ උද්වේගකරම ඉසව් වූ බාලක බාලිකා මීටර 100 ධාවන තරග ඇතුළු ඉසව් කිහිපයක් පැවැත්විය. පෙර දිනවල මෙන්ම උෂ්ණාධික තත්ත්ව යටතේ වුවද, නවීකරණය කරන ලද සුගතදාස මංතීරු වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ජවන හා පිටියේ ඉසව්වලින් අදත් නව තරග වාර්තා කිහිපයක් බිහි විය.  

දිනයේ පළමු වාර්තාව පිහිටුවීමට වයස අවුරුදු 16න් පහළ බාලක තුන් පිම්ම තරග ඉසව්ව නියෝජනය කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ පසිඳු මල්ෂාන් සමත් විය. මීටර 13.52ක දුරක් වාර්තා කරමින් පසිඳු තරග වාර්තාව අලුත් කරද්දී පිළිවෙළින් මීටර් 13.36ක් හා 13.01ක් බැගින් වාර්තා කරමින් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ මලිඳු බෙත්මගේ දෙවන ස්ථානයත්, මීගමුව සාන්ත ජූඩ් විද්‍යාලයේ ජොයෙල් තේජන් රොවෙල් තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.

බාලක  වයස අවුරුදු 20න් පහළ මිටිය විසිකිරීමේ ඉසව්වේ පිටියේ ඉසව් අතරින් ඉතා උණුසුම් ඉසව්වක් වූ අතර පළමු දෙවන හා තෙවන යන සියලු ස්ථාන දිනා ගැනීමට යාපනය – පේදුරුතුඩුව හාර්ට්ලි විදුහල් ක්‍රීඩකයෝ සමත්වීම විශේෂ කරුණකි. මීටර 39.73ක දුරක් වාර්තා කරමින් එස්. පිරගස්රාජ් (S. Piragasraj) නව තරග වාර්තාවක් සමඟින් ඉසව්වේ ජය තහවුරු කර ගත් අතර වී. ජතර්තන් (V. Jatharthan) මීටර 34.10ක දුරක් වාර්තා කරගනිමින් දෙවන ස්ථානයත් ටී. අභිශාන්ත් මීටර 31.56ක් මිටිය විසිකරමින් තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 23න් පහළ බාලක මිටිය විසිකිරීමේ ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් බිහිවූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එස්. එස්. ඩී. පෙරේරා මීටර 42.81ක දුරකට මිටිය විසිකරමින් එම වාර්තාව පිහිටුවීමට සමත් විය. පිළිවෙළින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ එච්. එම්. ඒ. එස් බණ්ඩාර (42.31m) හා වවුනියා දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ (Vavuiya DAA) සී. ජෙනොජන් (32.82m) දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

දෙවැනි දිනයේ දී ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් වාර්තා 9ක්

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (24) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ අතර තරගාවලියේ වැදගත්ම ක්‍රීඩා ඉසව්…..

බාලිකා ඉසව් අතුරින් බාලිකා මීටර 400 ධාවන ඉසව්වේ නව තරග වාර්තාවක් බිහිවූ අතර එම ඉසව්ව තත්පර 57.47කින් නිමා කළ ජනාධිපති බාලිකා  විද්‍යාලයේ කාවින්දි සංජානා එදිරිසිංහ එම වාර්තාවට හිමිකම් කීමට සමත් විය. ආනන්ද බාලිකා විද්‍යාලයේ ගයේෂා විජේතුංග හා ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයේ සදිනා සෙව්මිණි සේරසිංහ දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

මීටර 400 බාලක වයස අවුරුදු 16න් පහළ ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞශල්‍ය සමත්වූ අතර ඒ සඳහා ඔහු වැය කළේ තත්පර 49.14ක් පමණි. සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ සිතුම් ජයසුන්දර දෙවන ස්ථානයත් ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ කවීශ ද සොයිසා තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.

තත්පර 46.59කින් ඉසව්ව නිමා කළ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන බාලක වයස අවුරුදු 20න් පහළ මීටර 400 ඉසව්වේ නව තරග වාර්තාවක් බිහිකරද්දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී. එම්. පී. එල්. කොඩිකාර දෙවන ස්ථානයත්, කොළඹ නාලන්ද විද්‍යාලයේ පබාසර් නිකු තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදි.

තරගාවලිය පුරා නව තරගාවලි වාර්තා 27ක් බිහි වූ අතර බිහිවූ එකම ජාතික වාර්තාව රිටි පැනීම ඉසව්වෙන් යාපනය මලල ක්‍රීඩා සංගමය නියෝජනය කළ ජේ. අනීතා බිහි කිරීමට සමත් විය.

වයස අවුරුදු 16න් පහළ දක්ෂතම මලල ක්‍රීඩිකාවට හිමි සුසන්තිකා ජයසිංහ අභියෝගතා කුසලානය දිනා ගැනීමට උස පැනීම ඉසව්වෙන් මීටර 1.71ක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කළ ඉබ්බන්ගමුව මධ්‍ය විද්‍යාලයේ පී. පී. අයි. එන් පල්ලේගම සමත්වූ අතර කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් 55.34ක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කළ සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග වයස අවුරුදු 16න් පහළ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස එන්. ඒ. කිව්. එන්. ඒ. කුරේරා අභියෝගතා කුසලානය දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 18න් පහළ කාණ්ඩයේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස් ස්ටෙල්ලා, දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය දිනාගත් අතර දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සදීප ප්‍රනාන්දු එන්. ව්‍යරවනතන් (N. Vyrawanathan) අභියෝගතා ශූරතාව දිනා ගනු ලැබීය.

වයස අවුරුදු 20න් පහළ කාණ්ඩයේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස නව තරග වාර්තාවක් සමඟින් මීටර 400 ඉසව්ව තත්පර 54.36කින් නිමා කළ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ශ්‍යාමලී කුමාරසිංහ දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්ලිව්. විමලදාස අභියෝගතා කුසලානය දිනාගත් අතර ඩී. ස්ටැන්ලි තාබෘ අහියෝගතා කුසලානය දිනා ගනිමින්, දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස මීටර 400 ඉසව්ව තත්පර 46.59කින් නිමා කරමින් නව තරග වාර්තාවක් බිහි කළ අකුරම්බොඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන සම්මාන ලැබිය.

පළමු දිනයේ දී ම තරගාවලි වාර්තා 8ක් සහ එක් ජාතික වාර්තාවක්!

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය අද (23) සුගතදාස ක්‍රීඩා පිටියේ ඉදී වූ නවීන ධාවන පථයේ මංගල තරගාවලිය ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක …

නව තරගාවලි වාර්තාවක් සමඟින් උස පැනීමේ ඉසව්වේ මීටර 1.80ක් වාර්තා කළ කළුතර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ පූර්ණිමා ජයමාලි ගුණරත්න වයස අවුරුදු 23න් පහළ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනූ අතර 23න් පහළ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ගම්පහ මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් මීටර 2.20ක නව තරග වාර්තාවක් පිහිටු වූ තිවංක පෙරේරා සම්මාන ලැබීය.

56 වැනි කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ හොඳම දස්කම් පෙන්නුම් කළ ක්‍රීඩකයා ලෙස වයස 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනූ උස පැනීමේ ඉසව්වේ තරග වාර්තාව අලුත් කළ තිවංක පෙරේරා සම්මාන දිනා ගන්නා ලදි.

ThePapare.com අප ප්‍රථම වතාවට මලල ක්‍රීඩා තරගාවලියක සජීව අත්දැකීම් ඔබට සමීප කරන්නට සමත් වූ අතර එම සජීව විකාශයේ වීඩියෝව පහතින්. 

56 වන කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 අවුරුදු 20න් පහළ බාලිකා අවසන් තරගය සජීව විකාශය. සුගතදාස ක්‍රීඩාංගනයේ නව දාවන පථයේ සිට…

56th Junior National Championship Under 20 100M Girls' Final

56 වන කනිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 අවුරුදු 20න් පහළ බාලිකා අවසන් තරගය සජීව විකාශය. සුගතදාස ක්‍රීඩාංගනයේ නව දාවන පථයේ සිට…

Posted by ThePapare සිංහල on Thursday, 26 April 2018

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<