රුමේෂ් වසර 17ක වාර්තාවක් බිඳ දමයි

620
Junior National Championships

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ ක්‍රීඩා ඉසව් අතර වැදගත්ම ඉසව්වක් වන මීටර් 100 බාලක හා බාලිකා මූලික වටයේ ඉසව් ඇතුළුව තවත් ඉසව් රාශියක්ම තෙවැනි දිනය වූ අද (25) දිනයේ දී ක්‍රියාත්මක විය.

දෙවැනි දිනයේ දී ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් වාර්තා 9ක්

56 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (24) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ අතර තරගාවලියේ වැදගත්ම ක්‍රීඩා

දිනයේ උදෑසන භාගයේ පිටියේ ඉසව් කීපයක්ම දක්නට ලැබුණු අතර ඒ අතරින් කාගේත් අවධානය දිනාගත් වයස අවුරුදු 16න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි විය. ඒ සාන්ත පීතර විද්‍යාලය නියෝජනය කළ රුමේෂ් තරංග ගෙනි. ඔහු වාර්තා කළ දක්ෂතාවය මීටර් 65.26 කි. මෙහි පෙර තිබූ වසර 17ක් පැරණි වාර්තාව 2001 වසරේ කොළඹ නාලන්ද විද්‍යාලයේ අයි. ඒ. පරණගම විසින් පිහිටුවූවක් වූ අතර එහි දක්ෂතාවය මීටර් 62.27කි.

තරගාවලියේ  කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් ද රුමේෂ් නව තරග වාර්තාවක් පිහිටුවීම කැපී පෙනිණ. මෙහි දෙවන ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ එස්. මිතුන්රාජ් විසින් දිනා ගත් අතර සාන්ත පීතර විද්‍යාලයේම කවිෂ්ක මධුරංග ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගත්තේය.

මීටර් 400 බාලිකා ඉසව්ව නියෝජනය කළ වළල ඒ. රත්නායක විද්‍යාලයේ ශ්‍යාමලී කුමාරසිංහ තත්පර 55.94ක විශිෂ්ට කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ තරග වර්තාව අලුත් කළ අතර 2012 වසරේ දී කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ශානිකා කුමාරි රත්නයක තැබූ තත්පර 56.08 ක වාර්තාව ඒ අනුව බිඳ වැටිණි. එළඹෙන දකුණු ආසියානු තරගාවලිය වෙනුවෙන් ඇයගේ පෙර සූදානම හෙට දිනයේ දී දක්නට ලැබෙනු නොඅනුමානයි.

වයස අවුරුදු 18න් පහළ බාලක ඉසව්ව නියෝජනය කළ ඩී. එම්. බෝගොඩ කුරුණෑගල මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් තවත් තරග වාර්තාවක් දිනා දුන්නේ තත්පර 48.55ක කාලයක් වාර්තා කරමිනි. ඒ අනුව පසුගිය වසරේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත් තැබූ තත්පර 48.87ක වර්තාව අද බිඳ දැමීමට බෝයගොඩ සමත් විය.

හෙට (26) තරගාවලියේ අවසන් දිනයයි. වේගවත්ම ජාතික කනිෂ්ඨ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් තම ජවය උරගා බලන තීරණාත්මක තරග කිහිපයක්ම හෙට (26) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <