පොලීසිය හා යුධ හමුදාව අතර ද්වන්ද සටනක්

183

මේ දිනවල පැවැත්වෙන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය වන ඊයේ (06) දිනය සාර්ථකව නිමා විය. ඊයේ දින කාන්තා සහ පිරිමි අංශ දෙකෙහිම තරග පැවැත්වූ අතර එහි වැඩි ජයග්‍රහණ සහිතව පොලිස් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය පෙරමුණේ පසු විය.

ඊයේ දිනය තුළ තරග 30ක් සාර්ථකව නිම වූ අතර එහි දී ජය-පරාජය පහත පරිදි විය.

යුධ හමුදාව බොක්සිං වළල්ල ආක්‍රමණය කරයි

මේ දිනවල පැවැත්වෙන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලියේ තෙවන දිනය වන අද (05) දින යුධ හමුදා ක්‍රීඩා සමාජයට වැඩි ජයග්‍රහණ හිමි කරදෙමින්…

  • කාන්තා, කි.ග්‍රෑ. 48 ලයිට්ෆ්ලයි බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් දෙපලක් වන එම්. පී. කොළඹගේ හා ජී. එන්. නිසංසලා අතර පැවති තරගය ප්‍රධාන විනිසුරු විසින් නතර කරන ලද්දේ නිසංසලාට ජය අත් කර දෙමිනි.

MAS තුරුලිය ක්‍රීඩා සමාජයේ ඒ. ඒ. රණසිංහ හා පොලිස් ක්‍රීඩා සමාජයේ ආර්. එස්. ඉලංගරත්න අතර පැවති තරගය 3-2ක් ලෙස ජය ගැනීමට රණසිංහ සමත් විය.

  • කාන්තා, කි.ග්‍රෑ. 51 ෆ්ලයිවෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ සී. එච්. ජයවීර හා MAS තුරුලිය ක්‍රීඩා සමාජයේ ඩී. ඩී. දිනූෂා අතර තරගය දිනූෂා ජය ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායම විසින් තරගය නවතන ලෙස කළ ඉල්ලීම නිසාය.

විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ කේ. ඉන්දුගදේවී හා MAS ලීනියා ක්‍රීඩා සමාජයේ ජී. එන්. ප්‍රියදර්ශා අතර පැවති තරගය ප්‍රධාන විනිසුරු විසින් නවතන ලද්දේ ප්‍රියදර්ශාට ජය අත්කර දෙමිනි.

  • කාන්තා, කි.ග්‍රෑ. 57 ෆෙදර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එච්. සී. පස්යාල හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ටී. එස්. ඉමන්දි අතර තරගය ප්‍රධාන විනිසුරු විසින් ඉමන්දිට ජය අත්කර දෙමින් නවතනු ලැබීය.

MAS තුරුලිය ක්‍රීඩා සමාජයේ ඩී. ආර්. මෙන්ඩිස් හා විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ කේ. සාරන්ජා අතර පැවති තරගය ද ප්‍රධාන විනිසුරු විසින් නවතන ලද්දේ මෙන්ඩිස් හට ජයග්‍රහණය ලබා දෙමිනි.

  • කාන්තා, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ ඒ. එන්. සඳරුවනි හා විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ වී. ක්‍රිස්ටිනා අතර පැවති තරගය සඳරුවනි ජය ගත්තේ ප්‍රධාන විනිසුරු විසින් තරගය නවතනු ලැබූ නිසාය.

පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. එන්. සඳමාලී හා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඒ. පී. වීරක්කොඩි අතර පැවති තරගය ප්‍රධාන විනිසුරු විසින් සඳමාලීට ජය අත්කර දෙමින් නවතනු ලැබීය.

  • කාන්තා, කි.ග්‍රෑ. 64 ලයිට්වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. කේ. තිවංකා හා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ටී. එස්. නදීශානි අතර පැවති තරගය තිවංකාට ජය හිමි කර දෙමින් ප්‍රධාන විනිසුරු තරගය නිමා කළේය.

පොලිස් ක්‍රීඩා සමාජයේ කේ. ඩී. ප්‍රියදර්ශනී හා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ එච්. බී. ද සිල්වා අතර පැවති තරගය ප්‍රධාන විනිසුරු විසින් නවතන ලද්දේ ප්‍රියදර්ශනීට ජය අත්කර දෙමිනි.

  • කාන්තා, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

MAS ලීනියා ක්‍රීඩා සමාජයේ එස්. එච්. පෙරේරා හා පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. කේ. පෙරේරා අතර පැවති තරගය එස්. එච්. පෙරේරා විසින් ජය ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායම තරගය නතර කරන ලෙස ඉල්ලීම් කළ නිසාවෙනි.

  • පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට්ෆ්ලයි බරපන්තිය

විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ පී. එම්. හඳුවල හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. එන්. කුමාර අතර පැවති තරගය කුමාර විසින් ජය ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායම තරගය නවතන ලෙස කළ ඉල්ලීම හේතුවෙනි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කුමාර හා පේරාදෙණිය බොක්සිං සමාජයේ එච්. එන්. ජිනදාස අතර පැවති තරගය 5-0ක් ලෙස ජය ගැනීමට ජිනදාස සමත් විය.

  • පිරිමි, කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. කේ. අබේගුණවර්ධන හා ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ඩබ්. බී. මනරම් අතර පැවති තරගය 3-2ක් ලෙස ජය ගැනීමට අබේගුණවර්ධන සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. උදයකුමාර හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. එස්. ඉසංක අතර පැවති තරගය නොක්-අවුට් ආකාරයෙන් ජය ගැනීමට උදයකුමාර සමත් විය.

  • පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එම්. ඩී. දසනායක හා එස්. කුමාර අතර පැවති තරගය ජය ගැනීමට කුමාර සමත් විය.

  • පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. කේ. පෙරේරා හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. කේ. රත්නායක අතර පැවති තරගය ප්‍රධාන විනිසුරු විසින් රත්නායකට ජය හිමි කර දෙමින් නවතනු ලැබීය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්. ඩී. හෙට්ටිආරච්චි හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. ඒ. මදුශංක අතර පැවති තරගය 5-0ක් ලෙස ජය ගැනීමට මදුශංක සමත් විය.

  • පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට්වෙල්ටර් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. ශ්‍රීහරන් හා පේරාදෙණිය බොක්සිං සමාජයේ වයි. කිරිදරන් අතර පැවති තරගය නොක්-අවුට් ආකරයෙන් ජය ගැනීමට කිරිදරන් සමත් විය.

යුධ හමුදා ක්‍රීඩකයින් දෙපලක් වන ඩී. කේ. සමීර හා එම්. එම්. ජයවීර අතර පැවති තරගයේ දී නිතරගයෙන් ඉදිරියට යාමට ජයවීරට හැකි වූයේ සමීරගේ නොපැමිණීම හේතුවෙනි.

  • පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන එස්. තෙන්නකෝන් හා ඒ. ජී. මදුරංක අතර පැවති තරගය ප්‍රතිවාදී කණ්ඩායම තරගය නවතන ලෙස ඉල්ලූ නිසා මදුරංක ජය ගත්තේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. බී. ගමගේ හා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. සමරනායක අතර පැවති තරගය 5-0ක් ලෙස ජය ගැනීමට සමරනායක සමත් විය.

  • පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපලක් වන ඒ. ඩී. සම්පත් හා එස්. රූපසිංහ අතර පැවති තරගය 4-1ක් ලෙස ජය ගැනීමට රූපසිංහ සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයේ කිව්. පී. රත්නසිරි හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. ඩී. පුෂ්පකුමාර අතර පැවති තරගය 3-2ක් ලෙස රත්නසිරි ජය ගත්තේය.

  • පිරිමි, කි.ග්‍රෑ. 81 ලයිට් වෙවිවෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ වී. නිකලස් හා පොලිස් ක්‍රීඩා සමාජයේ පී. ඩී. බණ්ඩාර අතර පැවති තරගයෙන් 4-1ක් ලෙස ජය ගැනීමට නිකලස් සමත් විය.

  • පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ කේ. සෙවාන් හා පොලිස් ක්‍රීඩා සමාජයේ ජී. එල්. නිශාන්ත අතර පැවති තරගය ප්‍රතිවාදී කණ්ඩායම තරගය නතර කරන ලෙස ඉල්ලූ නිසාවෙන් ජය ගැනීමට සෙවාන් සමත් විය.

නුගවෙල ක්‍රීඩා සමාජයේ වී. හේමචන්ද්‍ර හා එස්. මදුරසිංහ අතර පැවති තරගය ප්‍රධාන විනිසුරු විසින් නවතන ලද්දේ මදුරසිංහට ජය අත්කර දෙමිනි.

  • පිරිමි, කි.ග්‍රෑ. 91+ සුපර් හෙවිවෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. අභයසිංහ හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඒ. රත්නායක අතර පැවති තරගයෙන් 5-0ක ජයක් ලැබීමට අභ්‍යසිංහ සමත් විය.

අද (07) දිනය තරගාවලියේ අවසාන දිනය වන අතර එහි දී සියලුම අංශවල අවසාන මහා තරග පැවැත්වෙනු ඇත. එහි සියලු පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<