අන්තර් සමාජ දැල්පන්දු තරගාවලියක් මාර්තු මස අන්තිම සතියේ

198

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනත්, යාපනය දැල්පන්දු සංගමයත්, ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරනු ලබන 2018 අන්තර් සංගම් ක්‍රීඩා සමාජ දැල්පන්දු තරගාවලිය මාර්තු මස 24, 25, 26 සහ 27 යන දිනවල දී යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර DSI පාසල් වොලිබෝල් තරගාවලියට නව වයස් කාණ්ඩයක්

පාසල් වොලිබෝල් ක්‍රීඩකයින්ට අනාගතය දිනන්නට වේදිකාව තනා දෙන තරගාවලිය ලෙස සැලකෙන “DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල්…

තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සංගමය සත්කාරකත්වය දරණු ලබන අතර යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය හරහා උතුරු පළාත තුල තවතවත් දැල්පන්දු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සහ ජාතීන් අතර සංහිඳියාව වැඩි දියුණු කිරීම යන කරුණු මූලික වේ.

මෙම තරගාවලිය සඳහා දැල්පන්දු සම්මේලනයේ ලියාපදිංචි සංගම් 32න් සංගම් 26කින් කණ්ඩායම් ඉදිරිපත් වන අතර සත්කාරකත්වය දරන යාපනය දිස්ත්‍රික් දැල්පන්දු සංගමයෙනුත් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට කමිටු අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වේ යැයි අපේක්ෂා කරන ක්‍රීඩිකාවන් ගණන 350කට ආසන්නය. එමෙන්ම නිලධාරීන් සහ පරිපාලකයින් 50කට ආසන්න ප්‍රමාණයකුත් මෙම තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

තරගාවලියේ මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වීමට සංවිධායකවරුන් තීරණය කර ඇති අතර පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනෙකුත් තරග පැවැත්වෙනු ඇත. ඒ අනුව මූලික වටයේ තරග මාර්තු මස 24 සහ 25 පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව තරග 26 වැනිදා ද, අවසන් මහා තරගය 27 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියට සහභාගී වී ජයග්‍රහණය ලබා ගන්නා ක්‍රීඩිකාවන් සඳහා කුසලාන සහ සහතික පත්‍ර ප්‍රදානයක් සිදු කිරීමට නියමිත අතර මූල්‍ය ත්‍යාග පිරිනැමීමක් සිදු නොවේ.

අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැමිණීමට නියමිත අතර උතුරු පළාතේ ප්‍රභූවරුන් පිරිසක් ද මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් බ්‍රහස්පතින්දා (15 වැනිදා) කොළඹ පාපන්දු නිවහනේ දී පැවති අතර ඒ සඳහා දැල්පන්දු සම්මේලනයේ සභාපති ට්‍රික්සි නානායක්කාර මහත්මිය, ලේකම් ජයන්ති සෝමසේකරම් මහත්මිය, ජාතික පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය ඇතුළු මහත්මීන් කිහිප දෙනෙක් සහභාගී සිටියහ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<