පොන්ටින් ඉහළම සම්මානයෙන් පුද ලබයි

500

ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ඕස්ට්‍රේලියානු පිළට තම නායකත්වය යටතේ දෙවරක් ලෝක ශූරතා කිරුළ හිමි කර දෙමින් වසර ගණනක් විශිෂ්ඨ ලෙස කණ්ඩායම මෙහෙයවනු ලැබූ හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ඊයේ (26) දිනයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තම ජීවිතයේ ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය වන අයි. සී. සී. හෝල් ඔෆ් ෆේම් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ස්ටේන් කලක් තිස්සේ බලා සිටි ඒ මොහොත උදාවේ

වසර 10කට ආසන්න කාලයක් නොබිඳී සුරක්ෂිතව තිබූ වාර්තාවක් ඊයේ….

මෙම සම්මානයත් සමඟම පිරිනැමෙන සුවිශේෂ රාමු කරන ලද සමරු තොප්පිය රිකී පොන්ටින් හට සංකේතාත්මකව පිළිගැන්වීම සිදුකළේ ඔහුගේ සමකාලීන සඟයා වන ග්ලේන් මැක්ග්‍රාත් විසිනි. පසුගිය ජූලි මාසයේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවේ දී රිකී පොන්ටින් ද ඇතුළුව හිටපු ඉන්දීය නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන රාහුල් ඩ්‍රාවිඩ් සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නිය මෙන්ම දක්ෂ පිතිකාරිනියක් ලෙසින් නම් දරා සිටින ක්ලෙයාර් ටේලර් මෙම හෝල් ඔෆ් ෆේම් සම්මානයෙන් පිදුම් ලැබීමට නිර්දේශ වී සිටියා. නමුත් එම උත්සවය සඳහා පොන්ටින් හට සහභාගී වීමට නොහැකි වූයෙන් ඊයේ දින ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙමින් තිබූ තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාර වේලාව අතරතුර දී සම්මානය පිරිනැමීමට කටයුතු සම්පාදනය කර තිබුණා.

පැමිණ සිටි සියලු දෙනා අමතමින් පොන්ටින් තම සිතුවිලි වචන වලට පරිවර්තනය කරමින් මෙසේ පවසා සිටියා.

“මේ අවස්ථාවේ දී මට දැනෙන හැඟීම වචන වලින් කියා නිම කරන්න බෑ. මෙම උත්සවය මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු කිරීම තවත් මෙම අවස්ථාව හැඟීම්බර වෙන්න හේතු වෙනවා කියලයි මට හිතෙන්නේ. මෙසේ හෝල් ඔෆ් ෆේම් සම්මානය හිමිකරගන්නා 25වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා වීම ගැන මට තියෙන්නෙ විශාල සතුටක්.”

“යම් කෙනෙක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්නවා කියන්නේ එය ඔහුගේ ජිවිත කාලය තුළ දී ලඟාකර ගත හැකි විශිෂ්ඨ ජයග්‍රහණයන්ගෙන් එකක්, මොකද බැගී ග්‍රීන් හිස්වැසුම පැළදීමේ වාසනාව හැමොටම නැහැ. ඒ සඳහා ඔබ නියම දක්ෂයෙකු වන්නට ඕනෑ. ඒ අතරිනුත් මෙම හෝල් ඔෆ් ෆේම් නාමලේඛනයට ඇතුළත් වෙනවා කියන්නේ එය ඉතා විශේෂ අමතක නොවන සිදුවීමක්.”

ශ්‍රී ලංකාව සමඟ සටනට එන නවසීලන්ත එක්දින සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ටෙස්ට් තරග….

“මගේ මිත්‍ර ග්ලේන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරපු සමය ඉතා සුන්දර මතකයන්ගෙන් පිරිච්ච එකක්. මම ග්ලේන්ව හඳුනන්නේ සෑහෙන කාලයක සිටයි. කුඩා කලයේ අපි දෙන්නා ගියේ එකම ක්‍රිකට් පුහුණු පාසලකට. හෝල් ඔෆ් ෆේම් සම්මානලාභියෙකු අතින් සම්මාන ලැබීමත්  ඉතාමත් අගනා දෙයක් විදියටයි මම දකින්නේ. ඉතින් මම දැනටත් වැඩකරන සහ අවුරුදු 10-12ක කාලයක් මා සමඟ එකට වැඩ කළ මගේ මිතුරා ග්ලේන් අතින් සම්මානය ලැබීම තවත් මෙම අවස්ථාවේ සුවිශේෂත්වය ඉහළ දමනවා.”

“මෙය මට ඉමහත් ගෞරවයක්. මම අයි. සී. සී. යට මගේ කෘතවේදීත්වය පලකරනවා මෙම සිහිනය සැබෑවක් කරගැනීමට ඔවුන් ඉටුකළ කාර්‍යභාරය වෙනුවෙන්.”

twitter.com

පොන්ටින්ගේ ක්‍රීඩා දිවියෙන් බිඳක්

  • ඕස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනාගත් අවස්ථා තුනක දී තම දායකත්වය කණ්ඩායමට සපයමින් සහ ඉන් අවස්ථා දෙකක දී කණ්ඩායම මෙහෙයවීමේ භාරධූර කටයුත්ත ඉටු කරමින් කැපී පෙනෙන මෙහෙවරක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සිදු කර ඇත.
  • 2012 වර්ෂයේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා මොහොත වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 168කට ක්‍රීඩා කරමින් ශතක 41ක් සමඟින් ටෙස්ට් ලකුණු 13,378ක් ද එක්දින ජාත්‍යන්තර තරග 375කට සහභාගි වෙමින් ශතක 30ක් සමඟින් එක්දින ලකුණු 13,407ක් තම පිත්තෙන් වාර්තා කිරීමට ඔහු සමත් වී තිබේ.
  • 2006 සහ 2007 වර්ෂයන් හි වසරේ හොඳම ක්‍රීඩකයා ලෙසත් 2006 වර්ෂයේදීම වසරේ හොඳම ටෙස්ට් පිතිකරුවා ලෙසත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් රිකී පොන්ටින් ව නම් කරන ලදී.
  • ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලත් 25 වන ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ද ඔහු ඉතිහාසගත වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<