මහනුවර ආධිපත්‍ය හැව්ලොක් හමුවේ සුනුවිසුනු වෙයි

970
Havelock SC v Kandy SC

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයට තවත් සතියක් ඉතිරිව තිබිය දී මේ වන විට ලකුණු සටහනේ පෙරමුණ ලබාගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජය, පසුගිය සතියේ පෙරමුණ ගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟින් සටනට පිවිසියේ කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දීයි.

මෙම තරගය කණ්ඩායම දෙකටම අතිශය වැදගත් වූ අතර එහි දී ලකුණු 28-26ක් ලෙස ජයග්‍රහණය කළ හැව්ලොක් ක්‍රීඩා සමාජය තරගාවලියේ පෙරමුණ ගනිමින් සුපිරි වටයට පිවිසීමට සමත් විය.

අනුරාධපුරයෙන් පැමිණ කොළඹ 7 හොල්ලන අනුරාධ හේරත්

අනුරාධපුරයෙන් කොළොම් තොටට පා තබා වසර තුනකින් සුපිරි රග්බි තරුවක් වූ ක්‍රීඩකයෙක් ..

මහනුවර කණ්ඩායම පසුගිය සතියේ CR&FC කණ්ඩායම ලකුණු 31-26ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර මහනුවරට දැඩි අභියෝගයක් CR කණ්ඩායමෙන් එල්ල වූ ආකාරයක් දක්නට ලැබුණි. අවසන් මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගැනීමට CR කණ්ඩායම ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක කිරීමට මහනුවර සමත් විය.

හැව්ලොක් කණ්ඩායම පසුගිය සතිය වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූයේ මහනුවර කණ්ඩායම CH&FC හමුවේ ලත් පරාජය නිසාවෙනි. නමුත් මහනුවර හමුවේ ලබාගත් රිද්මය තවදුරටත් රඳවා ගත් CH කණ්ඩායම පසුගිය සතියේ හැව්ලොක් කණ්ඩායම පරාජය කිරීමට සමත් වූයේ ලකුණු 40-33ක් ලෙසිනි. එම පරාජයත් සමඟම හැව්ලොක් කණ්ඩායමට නැවතත් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්වීමට සිදු විය.

මෙවර තරගාවලියේ පළමු වටයේ දී මහනුවර විසින් හැව්ලොක් කණ්ඩායම ලකුණු 31-21ක් ලෙස පරාජය කළ අතර හැව්ලොක් කණ්ඩායම පසුගිය සතියට පෙර අත්විඳි එකම පරාජය ද එය වීම විශේෂත්වයකි.

තරගය ආරම්භ කිරීමේ වගකීම නයිජල් රත්වත්තේට හිමිවී තිබූ අතර මුල් මිනිත්තු කීපය අතිශය උද්වේගකර විය. 6 වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ හැව්ලොක් ක්‍රීඩකයින් මෙල්ල කළ මහනුවර කණ්ඩායම පන්දුව නැවතත් හැව්ලොක් සීමා ඉර ආසන්නයට ගෙන ගියේ දක්ෂ අයුරිනි.

තරගයේ 15 වැනි මිනිත්තුව වන විටත් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට කණ්ඩායම් දෙකම සමත් නොවූ අතර 16 වැනි මිනිත්තුවේ දී එම කාර්යය ඉටු කිරීමට මහනුවර කණ්ඩායමේ ගනුක දිසානායක සමත් වූයේ නයිජල් රත්වත්තේ විසින් ලබා දුන් අනගි පන්දු පිරිනැමීමත් සමඟිනි. තවත් ලකුණු දෙකක් තිළිණ විජේසිංහ එක් කිරීමට සමත් විය. (මහනුවර 07-00 හැව්ලොක්)

හැව්ලොක් – මහනුවර තරගයේ වෙනසක්

මෙවර ඩයලොග් ලීගයේ විදුලි ආලෝකය මධ්‍යයේ (Under Lights) පැවැත්වීමට නියමිත වූ හැව්ලොක්..

තරගයේ 19 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ඉදිරිපෙළ සාර්ථකව ආක්‍රමණය කළ නයිජල් තමා විසින්ම එල්ල කළ පා පහරක් නැවතත් ලබා ගැනීමෙන් මහනුවර කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම ලබා ගත්තේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වුවත් ලකුණු 12ක් කණ්ඩායමට එකතු විය. (මහනුවර 12-00 හැව්ලොක්)

තවත් මිනිත්තු 10ක් ඉක්මවා ‍යාමත් සමඟම තරගයේ 31 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට ලැබුණු Line-Out අවස්ථාවක් මගහැරී ගිය අතර එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත් මහනුවර කණ්ඩායම හැව්ලොක් සීමා ඉර ආසන්නයට පන්දුව ‍රැගෙන ගියේය. එහි දී නැවතත් ක්‍රියාත්මක වූ නයිජල් රත්වත්තේ තරිඳු චතුරංග හට ලබා දුන් පන්දුව සාර්ථකව සීමා ඉරේ පතිත කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් තිළිණ විජේසිංහ ලකුණු තත්ත්වය ලකුණු 19ක් දක්වා ඉහල නැංවිය. (මහනුවර 19-00 හැව්ලොක්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී තරගයට අවතීර්ණ වූ හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම සඳුන් හේරත් විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් රීසා මුබාරක් හැව්ලොක් ලකුණු තත්ත්වය ලකුණු 7ක් බවට පත්කළේය. (මහනුවර 19-07 හැව්ලොක්)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 19 – 07 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ මුල් මිනිත්තු කීපයේ දී ම මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ හැව්ලොක් ක්‍රීඩකයෝ මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් එල්ල කරන ආකාරයක් දක්නට ලැබුණු අතර හැව්ලොක් කණ්ඩායමේ රැන්ඩි සිල්වා 46 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟම හැව්ලොක් ලකුණු තත්ත්වය ලකුණු 14ක් ලෙස සටහන් විය. (මහනුවර 19-14 හැව්ලොක්)

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී මහනුවර කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර එය ප්‍රවර්තනයක් මගින් සාර්ථක කර ලකුණු 3ක් ලබා ගැනීමට මහනුවර තිබූ අවස්ථාව මගහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි.

හැව්ලොක් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන මිතුන් හපුගොඩ ඒ වන විට තරග බිමට පිවිස සිටි අතර ඔහුගේ ක්‍රීඩා විලාසය මහනුවරට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. 53 වන මිනිත්තුවේ දී සාර්ථක වූ හැව්ලොක් කණ්ඩායමේ උමේශ් මදුශංක උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඒ සමඟම ලකුණු තත්ත්වය සම විය. රීසා මුබාරක් විසින් සාර්ථක කර ගත් ප්‍රවර්තනය සමගම හැව්ලොක් කණ්ඩායම තරගයේ පෙරමුණ ගත් අතර මහනුවර කණ්ඩායමේ දුර්වලතා රැසක් ද දක්නට ලැබිණි. (මහනුවර 19-21 හැව්ලොක්)

68 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මිතුන් හපුගොඩ සමත් වීමත් සමඟම ලකුණු 26ක් ලෙස හැව්ලොක් ලකුණු පුවරුව දිස්වූ අතර රීසා මුබාරක් විසින් ප්‍රවර්තන ලකුණු දෙකක් එක් කිරීමත් සමඟම ලකුණු තත්ත්වය ලකුණු 28ක් බවට පත්වූයේ මහනුවර කණ්ඩායම තවමත් 19හි රඳවා තබමිනි. (මහනුවර 19-28 හැව්ලොක්)

තරගය නිමා වීමට මිනිත්තු 7ක් ඉතිරිව තිබිය දී මහනුවරට ජයග්‍රහණයක බලාපොරොත්තු ගෙන දීමට රිචඩ් ධර්මපාලගේ උත්සාහක දිනුම සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද තිළිණ විජේසිංහ විසින් සාර්ථක කරගත්තේ ලකුණු 26ක් දක්වා මහනුවර ලකුණු තත්ත්වය ඉහළ දමමිනි. (මහනුවර 26 – 28 හැව්ලොක්)

ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම…

අවසන් මිනිත්තු කීපය ඉතාමත් උද්වේගකර වූ අතර පන්දුව කණ්ඩායම් දෙක අතරම දෝලනය විය. මහනුවර විසින් එල්ල කළ ආක්‍රමණයන් සාර්ථකව මැඩලු හැව්ලොක් ක්‍රීඩකයෝ මහනුවරට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදීමට සමත් වූහ. මිනිත්තු 80ක් ඉක්මවා යන විටත් ලකුණු පුවරුවේ වෙනසක් සිදුනොවූ අතර හැව්ලොක් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් තරගය අවසන් විය.

මහනුවර කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ඔවුන්ට හැව්ලොක් පීඩනය දරා ගැනීම අපහසු විය. Line-Out අවස්ථාවන් කිහිපයක්ම අසාර්ථක වූ අතර එහි වාසිය හැව්ලොක් කණ්ඩායමට ලැබුණි. හැව්ලොක් කණ්ඩායම දෙවන අර්ධයේ දී දක්ෂ ලෙස මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ අතර අනගි පන්දු පිරිනැමීම් කිහිපයක්ම දක්නට ලැබුණි. මිතුන් හපුගොඩගේ ආගමනය කණ්ඩායමේ ජවය වැඩි කළ අතර ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය ඔවුන්ගේ ජයග්‍රහණයට උපකාරී විය.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 26 – 28 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • මහනුවර ක්‍රීඩා සමාජය: ගනුක දිසානායක (1T), නයිජල් රත්වත්තේ (1T), තරිඳු චතුරංග (1T), රිචඩ් ධර්මපාල (1T), තිළිණ විජේසිංහ (3C)
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය: මිතුන් හපුගොඩ (1T), සඳුන් හේරත් (1T), රැන්ඩි සිල්වා (1T), උමේශ් මදුශංක (1T), රීසා මුබාරක් (4C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<