යුධ හමුදාවට පාඩම් උගන්වමින් CHට තියුණු ජයක්

257

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සති අන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (16) කොළඹ තුරඟ තරග පිටියේ දී නිමාව දුටු අතර සත්කාරක CH&FC කණ්ඩායම සහ ප්‍රතිවාදී යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති මෙම තරගයෙන් ලකුණු 24-22ක් වශයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට CH&FC කණ්ඩායම සමත් විය.

මහනුවර ආධිපත්‍ය හැව්ලොක් හමුවේ සුනුවිසුනු වෙයි

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයට තවත් සතියක් ඉතිරිව තිබිය දී මේ වන විට ලකුණු සටහනේ පෙරමුණ ලබාගෙන සිටින……

සත්කාරක CH&FC කණ්ඩායම අවසන් වරට සහභාගී වූ තරගයේ දී හැව්ලොක් කණ්ඩායමට එරෙහිව ලකුණු 40-33ක අතිවිශිෂ්ට ජයක් අත්කර ගත්තේ දෙවන වටයේ දී අපරාජිතව සිටිමිනි.

සත්කාරක CH කණ්ඩායම තරගාවලියේ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් මෙතෙක් ක්‍රීඩා කළ තරග සියල්ලකම ජය තමන් වෙත නතුකර ගැනීමට සමත් වීම විශේෂයක් වුවද ඔවුන් ප්‍රබල මහනුවර සහ හැව්ලොක් කණ්ඩායම්වලට පමණක් දෙවෙනි වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයෙහි පසු වේ.

දෙපිලේම අධාරකරුවන් තම කණ්ඩායමේ ජයග්‍රහණය දැක බලා ගැනීමට තුරග තරඟ පිටියට එක්රොක්වී සිටි අතර උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ප.ව. 4.00ට සැමුවෙල් මධුවන්තගේ පා පහරින් ආරම්භ වූ තරගය මද වේලාවක් යනතුරු කිසිදු කණ්ඩායමක ග්‍රහණයට නතුනොවුවද යූධ හමුදා කණ්ඩායමේ දැඩි පීඩනයට හසු වූ CH කණ්ඩායමට පන්දුව පාලනය කිරීමේ අතපසුවීම් සුලබව දක්නට ලැබුණි.

එලෙස සිදු වූ අතපසුවීමක් තම වාසියට හරවා ගත් යුධ හමුදා කණ්ඩායමේ සොසිවිට බොයිලා ආකර්ෂණීය ලෙස පිටියේ මධ්‍යයේ පටන් දිවයමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ ද, එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. (යුධ 05-00 CH)

එයින් පසුබට නොවූ යුධ හමුදා ක්‍රීඩක ධනුෂ්ක තලවත්ත නැවතත් ක්‍රියාත්මක වෙමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ ද නැවතත් ගයාන් සාලින්දට ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (යුධ 10-00 CH)

සිදු වූ සියලු අතපසුවීම් පසෙකලා ක්‍රියාත්මක වූ CH කණ්ඩායමේ ඉදිරිපෙළ, යුධ හමුදා කණ්ඩායමට පීඩනයක් එක් කරමින් සුදම් සූරියආරච්චි CH කණ්ඩායමේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත එය අලංකාර ලෙස ගෝල කනු අතරින් පා කර හැරීමට සමත් විය. (යුධ. 10-07 CH)

හැව්ලොක් – මහනුවර තරගයේ වෙනසක්

මෙවර ඩයලොග් ලීගයේ විදුලි ආලෝකය මධ්‍යයේ (Under Lights) පැවැත්වීමට නියමිත වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර……

ප්‍රතිවාදියාගේ පීඩනය හමුවේ නොනැවතුණු යුධ හමුදා කණ්ඩායමේ රසික අබේනායක උත්සාහක දිනුමක් වාර්තා කළ අතර සිදු වූ අතපසුවීම් නිවැරදි කරමින් ගයාන් සාලින්ද ප්‍රවර්තනය අලංකාර ලෙස ගෝල කනු අතරින් පා කර හැරීමට සමත් විය. (යුධ 17-07 CH)

ප්‍රථම භාගයේ අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ සත්‍ය රණතුංගගේ උත්සාහක දිනුමට සාධාරණයක් කිරීමට සැමුවෙල් මධුවන්තට නොහැකි විය. (යුධ 17-12 CH)

පළමු අර්ධය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 17 – 12 CH&FC කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භ වී 60 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ නිවංක ප්‍රසාද් CH කණ්ඩායම ඉදිරියට තල්ලු කරමින් වාර්තා කළ උත්සාහක දිනුමට සාධාරණයක් ඉටු කිරීමට සැමුවෙල් මධුවන්තට හැකි විය. (යුධ 17-19 CH)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එයින් නොනැවතුණු යුධ හමුදා කණ්ඩායමේ අශාන් බණ්ඩාර 83 වැනි මිනිත්තුවේ උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය.(යුධ 22-19 CH)

යුධ හමුදාවේ ජය පෙනෙන තෙක් මානෙක තිබුණ ද තරගයේ ආරම්භයේ පටන්ම සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමට අසමත් වීම ද කරුණු කොටගෙන ක්‍රියාත්මක වූ සැමුවෙල් මධුවන්ත විශිෂ්ට ලෙස අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රවර්තනය අසාර්ථක වුවද යුධ හමුදාවේ සිහින බොඳ වී යන්නේ අවසන් මිනිත්තුවේ විනිසුරු තරගය අවසන් කිරීමත් සමඟිනි.(යුධ 22-24 CH)

අවසන් ලකුණු තත්වය: යුධ හමුදා ක්‍රීඩා සමාජය 22 (4T,1C) – 24 (4T,2C) CH&FC කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – නිවංක ප්‍රසාද් (CH&FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

යුධ හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – සොසිවිට බොයිලා 1,දනුෂ්ක තලවත්ත 1, රසික අබේනායක 1, අශාන් බණ්ඩාර 1
  • ප්‍රවර්තන ගෝල – අශාන් බණ්ඩාර 1

CH&FC කණ්ඩායම

  • උත්සාහක දිනුම -සුදම් සූරිආරච්චි 1, සත්‍ය රණතුංග 1, නිවංක ප්‍රසාද් 1, සැමුවෙල් මධුවන්ත 1
  • ප්‍රවර්තන ගෝල – සැමුවෙල් මධුවන්ත 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<