ගැමුණු චේතියගේ වේගයෙන් ගුවන් සෙබළුන් අමාරුවේ වැටෙයි

346

දෙවන අර්ධයේ සුපිරි ප්‍රහාරයකින් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36-26ක තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (16) ප්‍රබල CR&FC කණ්ඩායම සමත් විය. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයක් ලෙස රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විය.

යුධ හමුදාවට පාඩම් උගන්වමින් CHට තියුණු ජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 14 වැනි සති අන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (16) කොළඹ තුරඟ තරග පිටියේ දී නිමාව…

වැහි අඳුරත් සමඟින්ම ඉෂාර මධුශාන්ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු 10 තුළ දී සම්පූර්ණයෙන් CR ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ගුවන් ක්‍රීඩකයෝ සමත් වූහ. පරාක්‍රම රත්නායක සුපුරුදු පරිදි තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ 12 වන මිනිත්තුවේ දීයි. CR ක්‍රීඩකයින් පෙරළමින් ඔහු උත්සාහක දිනුම් සීමාව වෙත ඇදුනත් ඉෂාර අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (ගුවන් 05-00 CR)

ඊට මිනිත්තු කිහිපයකට පසු Raduva Kausoo ගුවන් හමුදාව වෙනුවෙන් දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ඔහුගේ මහන්සියට උපරිම සාධාරණයක් ඉටු කරමින් ඉෂාර අලංකාර ලෙස ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ගුවන් 12-00 CR)

CR කණ්ඩායම පළමු වරට ලකුණු රැස් කළේ ගැමුණු චේතියගේ සුරතිනි. පිටියේ කොණෙන් පවනට බඳු වේගයෙන් ගුවන් නැවියන් පසු කළ ගිය ඔහු ලකුණු රැස් කරද්දී තරින්ද රත්වත්ත ප්‍රවර්තනය ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (ගුවන් 12-07 CR)

Photos: Air Force SC vs CR & FC – Dialog Rugby League 2018/19 | #Match 53

පළමු අර්ධය අවසානයට මොහොතකට පෙර ගුවන් නැවියන් නැවතත් ක්‍රියාත්මක වූයේ CR ක්‍රීඩකයින් දැඩි අර්බුදයකට ඇද දමමිනි. චාල්ස් ප්‍රවීන් දක්ෂ ලෙස පන්දුවත් රැගෙන ධවල රේඛාව ඉක්මවා ගිය අතර ඉෂාර මදුශාන් අමතර ලකුණු ද එකතු කළේ ගුවන් හමුදාවට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.  

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 19 (3T, 2C) – 07 (1T, 1C) CR & FC ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ප්‍රබල ලෙස ආරම්භ කරමින් තරින්ද රත්වත්ත දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කිරීමට සමත් විය. (ගුවන් 19-10 CR)

ලකුණු පරතරය අඩු කර ගැනීමේ ප්‍රබල සටනක නිරත වූ CR කණ්ඩායම වෙනුවෙන් ගයාන් ජයසේකර අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් තරින්ද මෙවර නම් එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට සමත් වූයේ නැත. (ගුවන් 19-15 CR)

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදෙනු CR වෙනුවෙන් තවත් වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට ගැමුණු චේතිය සමත් විය. තරින්ද පහසුවෙන් අමතර ලකුණු රැස් කළ අතර CR කණ්ඩායම තරගයේ පළමු වරට පෙරමුණ ගත්තේ අනර්ඝ දෙවන අර්ධයේ ප්‍රහාරයක් සමඟිනි. (ගුවන් 19-22 CR)

මහනුවර ආධිපත්‍ය හැව්ලොක් හමුවේ සුනුවිසුනු වෙයි

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයට තවත් සතියක් ඉතිරිව තිබිය දී මේ වන විට ලකුණු සටහනේ පෙරමුණ ලබාගෙන සිටින මහනුවර ක්‍රීඩා සමාජය, පසුගිය…

තරගය අවසන් මිනිත්තු කිහිපය ඉතා උණුසුම් වූ අතර CR හුකර් ක්‍රීඩක ස්වෙන් මුලර් 74 වන මිනිත්තුවේ දී CR වෙනුවෙන් ප්‍රසාද ලකුණ රැස් කරගත්තේ සිව්වැනි CR උත්සාහක දිනුම වාර්තා කරමිනි. දැඩි සුළඟ පරයමින් තරින්ද අමතර ලකුණු එකතු කළේ CR කණ්ඩායමට ලකුණු 10ක පෙරමුණක් ගෙන එමිනි. (ගුවන් 19-29 CR)

පිටියේ කොනෙන් ප්‍රතිවාදී ගුවන් සෙබළු දෙදෙනෙකු බිම හෙලූ නලින් කුමාර, පිටියට පිවිසී මිනිත්තු කිහිපයක් ගත වන්නට පෙර අලංකාර ලෙස ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. සාර්ථක දිනයක් ගත කළ තරින්ද එහි ප්‍රවර්තනයත් අලංකාර ලෙස ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (ගුවන් 19-36 CR)

දෙවන අර්ධයේ සම්පූර්ණයෙන් බිඳ වැටුණු ගුවන් හමුදා ගෞරවය මද පමණකට හෝ රැක දෙමින් පරාක්‍රම රත්නායක තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නුවන් පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් නමුත් තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීම සඳහා කාලය ඔවුන් සතුව තිබුණේ නැත.     

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26 (4T, 3C) – 36 (5T, 4C, 1P) CR&FC කණ්ඩායම

  • ThePapare.com තරගයේ වීරයා – ගැමුණු චේතිය (CR&FC)

ලකුණු රැස් කිරීම

  • ගුවන් හමුදාව – පරාක්‍රම රත්නායක (2T), චාල්ස් ප්‍රවීන් (1T), Raduva Kausoo (1T), ඉෂාර මදුශාන් (2C), නුවන් පෙරේරා (1C)
  • CR&FC – ගැමුණු චේතිය (2T), ගයාන් ජයසේකර (1T), ස්වෙන් මුලර් (1T), නලින් කුමාර(1T), තරින්ද රත්වත්ත (4C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<