හැව්ලොක් ආධිපත්‍යය CH හමුවේ බිඳ වැටේ

294

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් සඳහා CH&FC කණ්ඩායම සමඟින් හැව්ලොක් කණ්ඩායම අද (10) තරග වැදුණේ කොළඹ තුරඟ තරග පිටියේ දී යි. මෙවර තරගාවලියේ 51 වැනි තරගය වූ මෙම තරගය ලකුණු 40-33ක් ලෙස ජයග්‍රහණය කළේ CH&FC කණ්ඩායමයි.

සාලින්දගේ වැයම ගැස්සෙයි; තරගය සමව නිමා වේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ තරග සඳහා තවත් සති දෙකක කාලයක් පමණක් ඉතිරිව තිබිය දී තවත්

පසුගිය සතියේ දී CH කණ්ඩායම එවකට ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 33-17ක් ලෙස පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළේ මහනුවර කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයට ඇද දමමිනි. එම තරගයේ දී CH කණ්ඩායමේ සැමුවෙල් මදුවන්ත කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට ද ඔහු සමත් විය.

CH කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායම දෙවන ස්ථානයට ඇද දැමීමත් සමඟම තරගාවලියේ පෙරමුණ ගත් හැව්ලොක් කණ්ඩායම එයට සාධාරණයක් ඉෂ්ට කරමින් පොලිස් කණ්ඩායම පසුගිය සතියේ පරාජයට පත්කළේ ලකුණු 35-26ක් ලෙසයි.

තරගාවලියේ පළමු අර්ධයේ දී හැව්ලොක් කණ්ඩායම CH කණ්ඩායම පරාජය කළේ ලකුණු 30-29ක් ලෙස ප්‍රබල තරගයකින් අනතුරුවයි. ඒ අනුව මෙම තරගයේ දී හැව්ලොක් කණ්ඩායම තම පෙරමුණ රැකගැනීමට තරග වැදුණු අතර CH කණ්ඩායම ලකුණු සටහනේ තම ස්ථානය ‍රැකගැනීමට මහනුවර කණ්ඩායම හමුවේ ලද පන්නරය සමඟ ක්‍රීඩා කළේය.

තරගය සැමුවෙල් මදුවන්තගේ පා පහරින් ආරම්භ වූ අතර දෙවන මිනිත්තුවේ දී ලකුණු රැස්කිරීමේ අවස්ථාවක් CH කණ්ඩායමට උදා වූයේ දඬුවම් පහරක් ලබා ගැනීම නිසාවෙනි. එම කර්තව්‍යය මනාව ඉටු කළ සැමුවෙල් මදුවන්ත ලකුණු 3ක් තම කණ්ඩායමට එක්කළේය. (CH 03-00 හැව්ලොක්)

තරගයේ මුල් විනාඩි කිහිපයේ ඇතිවූ පසුබැස්ම මනාව මගහරවාගත් හැව්ලොක් කණ්ඩායම තෙවැනි මිනිත්තුවේ දී ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ CH සීමා ඉර ආසන්නයේ ලැබුණු ඉක්මන් දඬුවම් පහරක් මගින් දුශ්මන්ත ප්‍රියදර්ශන ලබා ගත් උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරයි. (CH 03–07 හැව්ලොක්)

තවත් විනාඩි 5ක් ගතවීමත් සමඟම නැවතත් ක්‍රියාත්මක වූ හැව්ලොක් කණ්ඩායම තම දෙවන උත්සාහක දිනුම ද වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. එම උත්සාහක දිනුම අස්මීර් ෆාජුඩීන් විසින් වාර්තා කළේය. (CH 03–12 හැව්ලොක්)

යොවුන් CR ක්‍රීඩකයින් හමුවේ මහනුවර ගෞරවය නූලෙන් බේරේ

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ තවත් ඉතා වැදගත් තරගයක් අද (9) පැවැත්වුණේ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය හා

ආක්‍රමණය තව තවත් දැඩි කළ හැව්ලොක් කණ්ඩායම තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 16 වැනි මිනිත්තුවේ දී ය. එම උත්සාහක දිනුම ශාවාකට් ලහීර් විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (CH 03–19 හැව්ලොක්)

තරගයේ 18 වැනි මිනිත්තුවේ දී CH කණ්ඩායම වෙනුවෙන් හිරන්ත පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළේ CH කණ්ඩායම තරගයට අවතීර්ණ කරමිනි. සැමුවෙල් මදුවන්තට එවර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා නොවූ අතර ඔවුන්ගේ ලකුණු තත්ත්වය ලකුණු 8ක් දක්වා ඉහළ ගියේය. (CH 08–19 හැව්ලොක්)

28 වැනි මිනිත්තුවේ දී CH වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඇඩම් ගවුඩර් සමත් වූ අතර ඒත් සමඟින් CH කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් තරගයට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුණි. එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සැමුවෙල් සමත් විය. (CH 15–19 හැව්ලොක්)

තරගයේ පෙරමුණ ගැනීමට CH කණ්ඩායම ගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් හැව්ලොක් කණ්ඩායමේ මිතුන් හපුගොඩ 31 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයත් සාර්ථකයි. (CH 15–26 හැව්ලොක්)

හැව්ලොක් කණ්ඩායම එල්ල කළ දැඩි අභියෝගය හමුවේ නොසැලුණු CH කණ්ඩායම ක්‍රමයෙන් හැව්ලොක් ඉදිරිපෙළ ආක්‍රමණය කිරීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය අවසාන වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී සුදම් සූරියආරච්චි උත්සාහක දිනුමක් වාර්තා කළේය. සැමුවෙල්ගේ පා පහරින් තවත් ලකුණු දෙකක් ඔවුන්ට හිමි විය. (CH 22–26 හැව්ලොක්)

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 22 – 26 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටන් කළ අතර 46 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සැමුවෙල් මදුවන්ත CH කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේ එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගනිමිනි. (CH 29–26 හැව්ලොක්)

තරගයේ 53 වැනි මිනිත්තුවේ දී CH කණ්ඩායමේ ඇඩම් ගවුඩර් විසින් අනතුරුදායක පහරක් එල්ල කිරීම නිසා ඔහුට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. ක්‍රීඩකයෙක් අඩුවීමේ වාසිය ලබාගත් හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් 58 වැන මිනිත්තුවේ දී ලබාගැනීමට සමත් වූහ. එහි ප්‍රවර්තනය සාර්ථක වීමත් සමඟම ලකුණු තත්ත්වය ලකුණු 33ක් දක්වා ඉහළ ගියේ CH කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. (CH 29–33 හැව්ලොක්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

CH කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ තවත් අවස්ථාවක් සැමුවෙල්ට හිමි වූයේ දඬුවම් පහරක් මගිනි. (CH 32–33 හැව්ලොක්)

CH කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ සුදම් සූරියආරච්චි තරගයේ තීරණාත්මක අවස්ථාවක දී උත්සාහක දිනුමක් වාර්තා කළේ හැව්ලොක් ක්‍රීඩකයෝ අසරණ කරමිනි. ප්‍රවර්තනය අසාර්ථක වුවද තරගයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය. (CH 37–33 හැව්ලොක්)

විදේශීය විනිසුරුවරයෙක් මෙරටට පැමිණෙයි

ඩයලොග් රග්බි ලීගයේ මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග දෙකක් සඳහා විදේශීය විනිසුරුවරයෙකුගේ සහාය ලබාගැනීමට

තරගයේ අවසන් මිනිත්තු කිහිපය අතිශය උද්වේගකර වූ අතර 77 වැනි මිනිත්තුවේ දී ලකුණු ලබා ගැනීමට CH කණ්ඩායමට ලැබුණු ආසන්න අවස්ථාවක් සීමා ඉර ආසන්නයේ Knock-on වීම නිසා මගහැරී ගිය අතර 78 වැනි මිනිත්තුවේ දී හැව්ලොක් ක්‍රීඩකයෝ විසින් පන්දුව නිදහස් නොකිරීම නිසා දඬුවම් පහරක් CH කණ්ඩායමට හිමි විය. ඒ අවසරයෙන් කණ්ඩායම වෙනුවෙන් තවත් ලකුණු 3ක් ලබා ගැනීමට සැමුවෙල් සමත් විය. (CH 40–33 හැව්ලොක්)

මෙම තරගයේ දී CH කණ්ඩායම දෙවන අර්ධයේ දී ආක්‍රමණශීලීව හැව්ලොක් කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ අතර සුදම් සූරියආරච්චි හා සැමුවෙල් මදුවන්ත කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

සැමුවෙල් මදුවන්ත මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස තවමත් පෙරමුණේ පසුවෙයි.

අවසන් ලකුණු තත්ත්වය: CH&FC කණ්ඩායම 40 (5T, 3C, 3P)- 33 (5T, 4C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සුදම් සූරියආරච්චි (CH&FC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

CH&FC: 40 සැමුවෙල් මදුවන්ත (1T, 3C, 3P), සුදම් සූරියආරච්චි (2T), හිරන්ත පෙරේරා (1T), ඇඩම් ගවුඩර් (1T)

හැව්ලොක්: ඩී. ප්‍රියදර්ශන (1T), මිතුන් හපුගොඩ (1T), චාමර දාබරේ (1T), අස්මීර් ෆජුඩීන් (1T), ශාවාකට් ලහීර් (1T), රීසා මුබාරක් (4C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<