මහනුවර ක්‍රීඩකයින් පරාජයේ වේදනාව මකාගනී

542

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන වටයේ තුන්වැනි සතියේ තවත් තරගයක් සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණගැසුණු අතර ප්‍රබල සටනකින් පසුව ලකුණු 27-20ක් ලෙස තරගය ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

ප්‍රබල සටනකින් පසුව ගුවන් හමුදාවට ගෞරවාන්විත පරාජයක්

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන වටයේ තුන්වැනි සතියේ ආරම්භක තරගය CH&FC කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර අද (18) රත්මලාන ගුවන් හමුදා…

වසර දෙකක්, තරග 33ක් පුරා අපරාජිතව රග්බි පිටියේ තම අණසක පතුරවා ගෙන සිටි මහනුවර කණ්ඩායමේ අපරාජිත බව අවසන් කිරීමට යුද හමුදාව පසුගිය සතියේ සමත් වූයේ ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ පෙරළිකාරයන් තමන් බව තහවුරු කරමිනි. එම පරාජයේ වේදනාව මකා දැමීමේ අරමුණින් මහනුවර කණ්ඩායම පොලිස් ක්‍රීඩාංගණයේ දී තරග බිමට පිවිසියේ පොලිස් කණ්ඩායමට එරෙහිවය. යුද හමුදා කණ්ඩායම ආදර්ශයට ගනිමින් මහනුවරට අභියෝගයක් වීමට පොලිස් කණ්ඩායම ද සැලසුම් සකස් කර ඇති බව නොඅනුමානයි.

පසුගිය තරගයේ දී ආබාධයක් නිසා ක්‍රීඩා නොකළ බුවනෙක උඩන්ගමුව මෙම තරගයට ක්‍රීඩා කළ අතර අනුරුද්ධ විල්වර වෙනුවට ලවන්ග පෙරේරා කැඳවා තිබුණි.

පොලිස් පා පහරින් ආරම්භ වූ තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ වගකීම මහනුවර කණ්ඩායම ලබා ගත් අතර තරගයේ 5 වැනි මිනිත්තුවේ දී තිලිණ විජේසිංහ ලබා දුන් කෙටි පා පහරක් සාර්ථකව උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරන්නට විශ්වමිත්‍ර ජයසිංහ සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් තිළිණ විජේසිංහ මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 7 දක්වා ඉහල නැංවිය. (මහනුවර 7-0 පොලිස්)

තවත් මිනිත්තු කිහිපයක් ගෙවීයත්ම අනුරුද්ධගේ ආදේශකය වූ ලවන්ග පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළේ 12 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා ලකුණු 5කින් සෑහීමකට පත්වීමට මහනුවරට සිදු විය. (මහනුවර 12-00 පොලිස්)

තරගයේ 20 වැනි මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩකයන් අතින් සිදු වූ offside අවස්ථාවක් නිසා පොලිස් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එමගින් පොලිස් ක්‍රීඩකයෝ තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහ. එම දඬුවම් පහර සචිත් සිල්වා ලබා ගැනීමට සමත් විය. (මහනුවර 12-03 පොලිස්)

බ්‍රැඩ්බි කිරුල සඳහා දින නියමවේ

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පැරණිතම හා ස්වර්ණමය තරගාවලියක් වන කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර බ්‍රැඩ්බි තරගාවලියේ 2019 දිගහැරුම එළඹෙන…

මහනුවර ක්‍රීඩක විශ්වමිත්‍ර ජයසිංහ 23 වැනි මිනිත්තුවේ දී තම දෙවන උත්සාහක දිනුම ලබාගත් අතර පොලිස් ක්‍රීඩාංගණයේ පැවති දැඩි සුළං තත්ත්වය නිසා එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (මහනුවර 17-03 පොලිස්)

මීළඟ මිනිත්තු කිහිපයේ දී පොලිස් ක්‍රීඩකයෝ පන්දුව මහනුවර සීමා ඉර ආසන්නයේ තබා ගත් අතර මහනුවර ප්‍රබල ඉදිරිපෙළ දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම නිසා උත්සාහක දිනුමක් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් තරගයේ 32 වැනි මිනිත්තුවේ දී පොලිස් ඉදිරිපෙළ ක්‍රීඩක රසිත් සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟම පොලිස් ලකුණු තත්වය 8ක් දක්වා ඉහළ ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් සචිත් සිල්වා ලකුණු තත්ත්වය 10ක් දක්වා ඉහළ නැංවිය. (මහනුවර 17-10 පොලිස්)

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයකට පෙර තම දක්ෂතාවන් මනාව පෙන්වූ බුවනෙක උඩන්ගමුව තවත් උත්සාහක දිනුමක් 36 වැනි මිනිත්තුවේ දී ලබා ගත්තේ පොලිස් ඉදිරිපෙළ අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය තිළිණ විජේසිංහ සාර්ථක කර ගැනීමත් සමඟම මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 24ක් දක්වා ඉහළ නැංවිය. (මහනුවර 24-10 පොලිස්)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 24 – 10 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය තිළිණ විජේසිංහගේ පා පහරින් ආරම්භ වූ අතර මහනුවර තම ග්‍රහණය තව තවත් වැඩිකරමින් ක්‍රීඩා කරන ආකාරයක් පෙනී ගියේය.

මහනුවර ක්‍රීඩකයන්ට අභියෝගයක් එල්ල කළ පොලිස් ක්‍රීඩකයන් පන්දුව මහනුවර සීමා ඉර ආසන්නයේ තබා ගැනීමට සමත් විය. පොලිස් කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් ගිහාන් සිල්වා වාර්තා කළේ තරගයේ 45 වැනි මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය එවර අසාර්ථක වීම නිසා තවත් ලකුණු 5ක් පමණක් ලකුණු පුවරුවට එක්විය. (මහනුවර 24 – 15 පොලිස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ මීළඟ මිනිත්තු කිහිපය කණ්ඩායම දෙකම කරට කර සටන් කළ අතර පන්දුව කණ්ඩායම් දෙක අතරම දෝලනය විය. මෙහි දී පොලිස් කණ්ඩායමට ලැබුණු අවස්ථාවක් මගහැරී ගියේ පන්දුව පොලිස් ක්‍රීඩකයෙක් විසින් knock-on වූ නිසාවෙනි. තරගයේ මෙම අර්ධයේ දී කණ්ඩායම් දෙකේම scrum අවස්ථාවන් එතරම් සාර්ථක නොවූ බවක් දක්නට ලැබුණි.

දැඩි අභියෝගයක් වූ මහනුවර ඉදිරිපෙළ ආක්‍රමණය කළ පොලිස් ක්‍රීඩකයෝ මහත් පරිශ්‍රමයක් දරා මහනුවර සීමා ඉර ආසන්නයේ තබා ගත් අතර තරගයේ 66 වැනි මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමේ හශාන් ප්‍රනාන්දු සමත් වීමත් සමඟ ලකුණු පරතරය ලකුණු 4ක් දක්වා අඩු වූ අතර සචිත් සිල්වා ප්‍රවර්තනයේ දී අසාර්ථක වීම නිසා ලකුණු 20ක් දක්වා ලකුණු තත්ත්වය ඉහළ නැංවිය. (මහනුවර 24-20 පොලිස්)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ඉතාමත් තීරණාත්මක වූ අතර උත්සාහක දිනුමක් තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඉඩ තිබුණි. පොලිස් ක්‍රීඩකයෝ මහනුවර ඉදිරිපෙළ බිඳ දැමීමට ගත් දැඩි උත්සහය ව්‍යර්ථ කිරීමට අත්දැකීම් බහුල මහනුවර කණ්ඩායම සමත් විය. මහනුවර කණ්ඩායම සිදු කළ වැරදි කිහිපයක් නිසා ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් කිහිපයක්ම පොලිස් ක්‍රීඩකයන්ට ලැබුණ ද සාර්ථක වීමට මහනුවර ක්‍රීඩකයෝ ඉඩ නොදුන්හ.

CR පුහුණුකරු ඉල්ලා අස්වේ

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී ප්‍රබල CR&FC කණ්ඩායම නොසිතූ ලෙස අසාර්ථක වීමත් සමඟ CR ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා…

තරගයේ තීරණාත්මක අවසන් මිනිත්තු දෙක තුල දී ප්‍රබල ලෙස ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම පොලිස් සීමා ඉර ආසන්නයේ පන්දුව තබා ගැනීමට සමත් විය. අවසන් මිනිත්තුවේ දී දඬුවම් පහරක් පොලිස් ක්‍රීඩකයන් විසින් ලබා දීම නිසා තවත් ලකුණු 3ක් සමඟින් තරගය නිමා කිරීමේ අවස්ථාව මහනුවරට හිමි වූ අතර එම කාර්යය මනාව ඉටු කළ තිළිණ විජේසිංහ ලකුණු 27ක් දක්වා මහනුවර ලකුණු තත්ත්වය ඉහළ දැමීය.

ඒ අනුව ලකුණු 27-20ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එම ලකුණු 3ත් සමඟම මෙම තරගාවලියේ තම පෞද්ගලික ලකුණු තත්ත්වය ලකුණු 98ක් බවට පත්කර ගැනීමට තිළිණ විජේසිංහට හැකි විය.

මෙම ජයග්‍රහණය ඔවුන් මෙවර තරගාවලියේ ලබාගත් 10 වැනි ජයග්‍රහණය වූ අතර තම ස්ථානය රැක ගැනීමට ද සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 27 (4T, 2C, 1P) – 20 (3T, 1C, 1P) පොලිස් ක්‍රීඩා සමාජය

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • මහනුවර ක්‍රීඩා සමාජය: විශ්වමිත්‍ර ජයසිංහ (2T), බුවනෙක උඩන්ගමුව (1T), ලවන්ග පෙරේරා (1T), තිළිණ විජේසිංහ (2C, 1P)
  • පොලිස් ක්‍රීඩා සමාජය: රසිත් සිල්වා (1T), ගිහාන් සිල්වා (1T), හශාන් ප්‍රනාන්දු (1T), සචිත් සිල්වා (1T, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<