ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

645

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ තවත් තරගයක් අද (5) පැවැත්වුණේ CR&FC කණ්ඩායම හා පොලිස් ක්‍රීඩා සමාජය අතරයි.

ප්‍රබල හැව්ලෝක් ප්‍රහාර හමුවේ යුධ සෙබලුන් අසරණ වේ

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් යෙන් ෆූ පක්ස්ටන් අභියෝගතා පලිහ වෙනුවෙන් සත්කාරක යුධ හමුදා ක්‍රීඩා සමාජය…

මීට දින කිහිපයකට පෙර අප අතරින් වෙන්ව ගිය සුපිරි CR&FC ක්‍රීඩක කෝකිල සම්මන්දපෙරුම සිහි කරමින් CR ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වුණේ සිය සගයාගේ නමට ජයග්‍රහණයක් ලිවීමේ අරමුණිනි.

CR&FC කණ්ඩායමේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ දී ම පොලිස් ක්‍රීඩකයින් ලකුණු රැස් කළේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. ඊට හොඳ පිළිතුරක් ලබා දුන් CR ක්‍රීඩකයින් සිව්වැනි මිනිත්තුවේ දී සිය පසුපෙළ යොදා ගනිමින් සාර්ථක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නායක කවිඳු පෙරේරාගේ  අඩුව පිරවූ සුමුදු රන්කොත්ගේ විශිෂ්ට ධාවනයක් සමඟින් ලකුණු රැස් කළ අතර තරින්ද රත්වත්තගේ ස්ථානය ගනිමින් රීසා රෆයිඩීන් ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (CR 07-03 පොලිස්)

>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<

අනතුරුව 7 වන මිනිත්තුවේ දී ජනිත් චන්දිමාල් දක්ෂ ධාවනයක් සමඟින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර වගීෂ වීරසිංහ උත්සාහක දිනුම අසලම පන්දුව ‘Knock On’ අවස්ථාවකට ලක් කරද්දී 11 වන මිනිත්තුවේ දී ජනිත් චන්දිමාල්ගේ ඩ්‍රොප් ගෝල අවස්ථාවක් ද අපතේ ගියේය. පොලිස් ක්‍රීඩකයින් මිනිත්තුවෙන් මිනිත්තුව සිය ග්‍රහණය තද කළේ ජනිත් චන්දිමාල්ගේ පාදයෙන් තවත් දෙවතාවක් ලකුණු රැස් කරමින්. (CR 07-09 පොලිස්)

කණ්ඩායම් දෙකම අතපසුවීම් රැසක් සිදු කළේ තරගය වරින් වර නැවැත්වීමට හේතු වෙමිනි. කිසිදු කණ්ඩායමක් පළමු අර්ධය පුරා ස්ථාවර ක්‍රීඩා විලාසයක්, ස්ථාවර රිද්මයක් පවත්වා ගැනීමට සමත් වූයේ නැත.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 09 (3P) – 07 (1C, 1T) CR & FC ක්‍රීඩා සමාජය

පසුපෙළට මුසුවුණු ඔමල්ක ගුණරත්න විශිෂ්ට ධාවනයක් සමඟින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ පොලිස් ආරක්ෂක වළලු සුනුවිසුනු කරමිනි. දෙවන අර්ධයේ පිටියට පිවිසුණු තරින්ද රත්වත්ත එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. 46 වන මිනිත්තුවේ දී ජනිත් චන්දිමාල් හට දඬුවම් පහරක් මඟ හැරුණේ තරගයේ පළමු වතාවටයි. (CR 12-09 පොලිස්)

‘ඉවර කරපු නැති වැඩක් තියෙනවා ඉවර කරන්න’ – ෂෝන් විජේසිංහ

මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රවීණ පුහුණුකරුවෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයෙකු ද වූ ෂෝන් විජේසිංහ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය සඳහා ද ශ්‍රී ලංකාවේ…

කෙසේ වෙතත් CR ආක්‍රමණයට සාර්ථක පිළිතුරක් ලබා දුන් පොලිස් ක්‍රීඩකයෝ  48 වන මිනිත්තුවේ දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළේ සචිත් සිල්වාගේ සුරතිනි. ජනිත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (CR 12-14 පොලිස්)

57 වන මිනිත්තුවේ දී හා 72 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්ත සමත් වූයේ නැවත පෙරමුණ CR කණ්ඩායමට රැගෙන එමිනි. (CR 18-14 පොලිස්)

විනිසුරු ප්‍රියන්තගේ සුරතින් CR ක්‍රීඩකයින් දෙදෙනෙකුට දෙවතාවක දී කහ කාඩ්පත් හිමිවූ  නමුත් ඒ කිසිදු අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් ලකුණු රැස් කිරීමට පොලිස් ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

CH&FCට ඕස්ට්‍රේලියාවෙන් රග්බි ක්‍රීඩකයෙක්

සති දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් හෙට (04) යළිත් ජීවය ලබන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් සැමගේ අවධානය…

අවසන් මිනිත්තු කිහිපයේ දී පොලිස් ක්‍රීඩකයින්ට සිය උත්සාහක දිනුම් සීමාව ආසන්නයේම Line out අවස්ථාවක් හිමි වූ අතර සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ඉදිරියට ගිය ඔවුන් මිනිත්තු කිහිපයක උත්සාහයකට පසු ලකුණු රැස් කළේ ප්‍රිමේෂ් ධනුෂ්කගේ සුරතිනි. CR ආරක්ෂක වළලු නොමඟ යැවූ scrum half ක්‍රීඩක ප්‍රිමේෂ් ක්ෂණිකව ලකුණු රැස් කරද්දී ජනිත් චන්දිමාල් අමතර ලකුණු රැස් කළේ පොලිස් කණ්ඩායමට සුපිරි ජයග්‍රහණයක් ගෙන එමිනි.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 21 (3P, 2T, 1C) – 18 (2T, 2P, 1C) CR & FC ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CR&FC – රීසා රෆයිඩීන් (1C), සුමුදු රන්කොත්ගේ (1T), ඔමල්ක ගුණරත්න (1T), තරින්ද රත්වත්ත (2P)
  • පොලිස් ක්‍රීඩා සමාජය – ජනිත් චන්දිමාල් (3P, 1C), සචිත් සිල්වා (1T), ප්‍රිමේෂ් ධනුෂ්ක (1T)

>> තවත් රග්බි පුවත් සඳහාDRL පිවිසෙන්න – රග්බි පිටුවට <<