CR&FC කණ්ඩායමට ගුවන් හමුදාවෙන් ප්‍රබල තරගයක්

413

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ලෙස CR&FC ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ලොන්ඩන් පෙදෙස ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 36-27ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට CR&FC ක්‍රීඩා සමාජයට හැකි විය.

‘බෝධී’ ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ හමුවේ CR දණ ගසයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ තවත් තරගයක් අද (8) ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දී සත්කාරක CR&FC කණ්ඩායම…

මෙම වසරේ CR&FC ක්‍රීඩා සමාජයේ නායකත්වය දැරූ කවිඳු පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගයේ දී එම කණ්ඩායමේ නායකත්වය ප්‍රබල පසුපෙළ ක්‍රීඩක තරින්ද රත්වත්තේ හට හිමිවී තිබුණි.

නායක තරින්ද රත්වත්තේගේ පා පහරින් ආරම්භ වූ තරගයේ 03 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ හට හැකි විය. (CR&FC 00-03 ගුවන්)

ඉන්පසු නැවත තරගයට අවතීර්ණ වූ CR&FC ක්‍රීඩකයින් විසින් දැඩි පීඩනයක් ගුවන් හමුදා ක්‍රීඩකයින්ට එල්ල කිරීමට සමත් වූ අතර එය සාර්ථක කරගනිමින් CR&FC ක්‍රීඩා සමාජයේ වාජිත් ෆවුමි විසින් 06 වන මිනිත්තුවේ දී තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. CR&FC කණ්ඩායමේ නායක තරින්ද රත්වත්තේට එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හැකි විය. (CR&FC 07-03 ගුවන්)

ගුවන් හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කිහිප වරක් උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට ප්‍රබල CR&FC කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් විය. තරගයේ 12 වන මිනිත්තුවේ දී චරන සෙන්දනායක විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟ CR&FC කණ්ඩායමේ ලකුණු තත්ත්වය නැවත ඉහළ ගිය අතර ලැබුණු ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. (CR&FC 14-03 ගුවන්)

චීන තායිපේ හමුවේ යොවුන් දළ ඇතුන් දණ ගසයි

2018 ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ සිය පළමු තරගය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි කණ්ඩායම චීන තායිපේ කණ්ඩායම හමු වූ අතර…

ප්‍රබල උත්සාහයකින් අනතුරුව නැවත වරක් තම ලකුණු පුවරුව ඉහළ දැමීමට CR&FC ක්‍රීඩකයින් සමත් වූයේ 20 වන මිනිත්තුවේ දී පණ්ඩුක අංගම්මන විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟයි. එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. (CR&FC 21-03 ගුවන්)

තරගයේ 21 වන මිනිත්තුවේ දී CR&FC කණ්ඩායම හට උත්සාහක දිනුම් රේඛාව අසල දී හිමි වූ Line out අවස්ථාව උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කිරීමට නොහැකි වූවත් 27 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහර සාර්ථක කරගැනීමට CR&FC කණ්ඩායමේ නායක තරින්ද රත්වත්තේ සමත් විය. (CR&FC 24-03 ගුවන්)

CR&FC කණ්ඩායම දිගින් දිගටම ලකුණු රැස්කරමින් තමන් වෙත එල්ල කරනු ලැබූ පීඩනය මැඩලමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් තම පළමු උත්සාහක දිනුම 33 වන මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් විය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ තිලිණ බණ්ඩාර විසින් රැස්කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ හට හැකි විය. (CR&FC 24-10 ගුවන්) 

‘බුවා’ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයින්ගෙන් අගනුවර ක්‍රීඩකයින්ට හොඳ සංග්‍රහයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තය අවසන් කරමින් අපරාජිත මහනුවර කණ්ඩායම හා CH&FC ක්‍රීඩා සමාජය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග…

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර 38 වන මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩ විසින් තම කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. පන්දුව රැගෙන CR&FC ක්‍රීඩකයින් දෙදෙනෙකුම තම පා චලන මඟින් මුලා කරමින් රැස්කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට ගයන්ත හට හැකි විය. (CR&FC 24-17 ගුවන්)

පළමු අර්ධය: CR&FC ක්‍රීඩා සමාජය  19 – 08 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධය ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් ආරම්භ වූ අතර ඉන් මිනිත්තු 6ක් ගතවූ පසු CR&FC කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දමමින් රන්දිත වර්ණපුර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. CR&FC කණ්ඩායමේ චරිත් සෙනෙවිරත්න එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් විය. (CR&FC 31-17 ගුවන්)

CR&FC කණ්ඩායමට වඩා ලකුණු 14කින් පසුපසින් සිටි ගුවන් හමුදා ක්‍රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වෙමින් තරගයේ 63 වන මිනිත්තුවේ දී නැවත උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ජෙරෝ දනංජය විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට චරිත් සෙනෙවිරත්න සමත් විය. (CR&FC 31-24 ගුවන්)

පොලිස් ප්‍රහාරයෙන් ගුවන් භටයෝ තවත් අසරණ වෙති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ නිමාව සනිටුහන් කරමින් ඊයේ (09) සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජය ප්‍රතිවාදි ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට…

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ලකුණු තත්ත්වය ඉහළ දමමින් තරගයේ 67 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට චරිත් සෙනෙවිරත්න සමත් විය. (CR&FC 31-27 ගුවන්)

නැවත තරගයට අවතීර්ණ වෙමින් ලකුණු රැස් කිරීමේ උත්සාහයක යෙදුණු CR&FC කණ්ඩායමේ බලාපොරොත්තු ඉටුකිරීමට ඔමල්ක ගුණරත්න සමත් වූයේ තරගයේ 78 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ හට නොහැකි විය. (CR&FC 36-27 ගුවන්)

අවසන් ලකුණු තත්වය: CR&FC කණ්ඩායම 36 (5T, 1P, 4C) – 27 (3T, 2P, 3C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – ජොයෙල් පෙරේරා (CR&FC ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CR&FC – වාජිත් ෆවුමි (1T), චරන සෙන්දනායක (1T), පණ්ඩුක අංගම්මන (1T), රන්දිත වර්ණපුර (1T), ඔමල්ක ගුණරත්න (1T), තරින්ද රත්වත්තේ (1P, 4C)
  • ගුවන් හමුදාව – ගයන්ත ඉද්දමල්ගොඩ (1T, 1P, 2C), තිලිණ බණ්ඩාර (1T), ජෙරෝ දනංජය (1T), චරිත් සෙනෙවිරත්න (1P, 1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<