උමේෂ් ප්‍රමුඛ හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් බලාපොරොත්තු සුනුවිසුනු කරයි

197

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (30) කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය පොලිස් රග්බි ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ලකුණු 26-31ක් ලෙස පොලිස් කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

රහල් සහ රීසා, මධුවන්තගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය අරඹමින් ප්‍රබල කණ්ඩායම්..

හැව්ලොක් පා පහරින් තරගය ආරම්භ වූ අතර සහභාගී වූ තරග තුනම ජය ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්ව තිබුණි. කෙසේ වෙතත් පළමු අර්ධයේ පොලිස් ක්‍රීඩා සමාජය හැව්ලොක් ක්‍රීඩකයින්ට නොසිතූ පීඩනයක් එල්ල කළේ පළමු අර්ධයේ ගෞරවය සම්පූර්ණයෙන්ම දිනා ගනිමිනි. 19-00ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජයට වාසි ලෙස තිබූ තරගය ඉතා අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ හැව්ලොක් ක්‍රීඩා සමාජය නොසිතූ ලෙස තමන්ගේ දෙසට හරවා ගැනීමට සමත් විය.

පළමු මිනිත්තු කිහිපයේ දී හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කරන්නට සමත් වුවත් හැව්ලොක් කණ්ඩායම ක්‍රමයෙන් සිය ඉදිරි පෙළ යොදා ගනිමින් පොලිස් ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කරන්නට සමත් විය. කෙසේ වෙතත් පස්වැනි මිනිත්තුවේ දී හා හත්වැනි මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට හිමි වූ අනගි අවස්ථා ව්‍යර්ථ කරන්නට පොලිස් ඉදිරිපෙළ ක්‍රීඩකයෝ සමත් වූහ.

පොලිස් ක්‍රීඩාංගණයට ඇද වැටී තිබූ දැඩි වර්ෂාව නිසා ක්‍රීඩකයින්ට පන්දුව හැසිරවීම ඉතා අපහසු වූ අතර එම නිසාම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් වැදගත් අවස්ථාවල දී පන්දුව අත හරිනු දක්නට ලැබුණි.

15 වන මිනිත්තුවේ දී තරගයේ පළමු වතාවට පොලිස් ක්‍රීඩකයෝ හැව්ලොක් මීටර 22 සීමාවට ඇතුළු වූ අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගනිමින් පොලිස් ක්‍රීඩකයෝ ලකුණු සමඟින් නැවත එන්නට සමත් විය. ලහිරු පවිත්‍ර ප්‍රමුඛ පොලිස් ඉදිරිපෙළ එම උත්සාහක දිනුම වාර්තා කළ අතර සචිත් සිල්වා දක්ෂ ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (පොලිස් 07-00 හැව්ලොක්)

යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට

වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මේ වසරේ …

මේ අතරම හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් පසුගිය සති අන්තයේ දී ඉහළ දක්ෂතා දැක්වූ දිනුක් අමරසිංහ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූයේ හැව්ලොක් කණ්ඩායමට අමතර පීඩනයක් එල්ල කරමිනි.

අනතුරුව 31 වන මිනිත්තුවේ දී යළිත් ක්‍රියාත්මක වූ ඉරෝෂන් සිල්වා අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කළේ පොලිස් ලකුණු පුවරුව දෙගුණ කරමිනි. පොලිස් ක්‍රීඩකයින් පන්දුව ගුවන්ගත කර පන්දුව හඹා ගිය අතර හැව්ලොක් ක්‍රීඩකයින් පන්දුව ආරක්ෂා කර ගැනීමට අසමත් වීමත් සමඟ පන්දුව රැක ගත් පොලිස් පසුපෙළ ලකුණු රැස් කළ දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමිනි. සචිත් සිල්වා අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (පොලිස් 14-00 හැව්ලොක්)

40 වැනි මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩා සමාජයට දඬුවම් පහරක් හිමි වූ නමුත් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට සචිත් සිල්වා සමත් වූයේ නැත.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 14 – 00 හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ද ආක්‍රමණශීලී ලෙස ආරම්භ කරන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. 42 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයෝ සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කළ හැව්ලොක් කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කරමිනි. උත්සාහක දිනුම් රේඛාව අසල ලැබුණු Scrum අවස්ථාවක සිට පන්දුව රැගෙන සීමාව ඉක්මවූ ශානක හරිශ්චන්ද්‍ර එම උත්සාහක දිනුම වාර්තා කරද්දී එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (පොලිස් 19-00 හැව්ලොක්)

මිනිත්තු කිහිපයක් ඇතුළත හැව්ලොක් ක්‍රීඩකයෝ නොසිතූ ලෙස සම්පූර්ණ තරගයම කණපිට හැරවීමට සමත් විය. පොලිස් ආක්‍රමණයට ප්‍රබල ප්‍රතිචාරයක් ලබා දෙමින් හැව්ලොක් කණ්ඩායම දක්ෂ ලෙස ඉදිරියට ඇදුණු අතර සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් 47 වැනි මිනිත්තුවේ දී ඔවුන් සිය පළමු උත්සාහක දිනුම රැස්කර ගන්නට සමත් විය. උමේෂ් මධුශාන් එම අවස්ථාව සාර්ථක කර ගත් අතර ප්‍රින්ස් චාමර එහි ප්‍රවර්තනය අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි. (පොලිස් 19-07 හැව්ලොක්)   

අනතුරුව 52 වන මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ හැව්ලොක් ඉදිරිපෙළ යළිත් වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ රහල් දෙල්පචිත්‍රගේ සුරතිනි. ප්‍රින්ස් චාමර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (පොලිස් 19-14 හැව්ලොක්)

කෙටි කාලසීමාවක් තුළ දෙවතාවක් උත්සාහක දිනුම් වාර්තා කළ හැව්ලොක් ක්‍රීඩකයෝ තෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ පොලිසිය සතු වූ පෙරමුණ පහසුවෙන් උදුරා ගනිමිනි. උමේෂ් මදුශාන් සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළ අතර ප්‍රින්ස් දක්ෂ ලෙස එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (පොලිස් 19-21 හැව්ලොක්)

ද්වන්ද සටනකට මග විවර කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ලබා දුන් දඬුවම් පහර අවස්ථා පහකට පමණ පසුව නිසල් සමාධී පොලිස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. සචිත් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (පොලිස් 26-21 හැව්ලොක්)

තිළිණ විජේසිංහ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයෝ යුධ හමුදාව මෙල්ල කරති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ තවත් තරගයක් …

දෙපසට දෝලනය වීම ආරම්භ වූ තරගය නැවතත් තමන්ගේ වාසියට හරවා ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් වූයේ 68 වන මිනිත්තුවේ රහල් දෙල්පචිත්‍ර ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ වාර්තා කළ උත්සහ දිනුමක් සමඟයි. ප්‍රින්ස්ගේ ප්‍රවර්තනය ගෝල කණුවල වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි. (පොලිස් 26-26 හැව්ලොක්)

අවසන් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම ප්‍රබල උත්සාහයක නිරත වූ නමුත් 73 වන මිනිත්තුවේ දී ලසිඳු කරුණාතිලක දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කළේ වැඩි වාසි හැව්ලොක් වෙත ගෙන එමිනි. ප්‍රින්ස්ගේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (පොලිස් 26-31 හැව්ලොක්)

අවසන් මිනිත්තු කිහිපයේ පොලිසිය ප්‍රබල සටනක් ලබා දුන් නමුත් හැව්ලොක් ක්‍රීඩකයෝ  ඔවුන්ට නැවත ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 26 (4T, 3C) – 31 (5T, 3C) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – උමේෂ් මධුසංක

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – ඉරෝෂන් පෙරේරා (1T), සචිත් සිල්වා (3C), ලහිරු පවිත්‍ර (1T), ශානක හරිස්චන්ද්‍ර (1T), නිසල් සමාධි (1T),
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – උමේෂ් මදුශාන් (2T), ප්‍රින්ස් චාමර (3C), රහල් දෙල්පචිත්‍ර (2T), ලසිඳු කරුණාතිලක (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<