CH&FCට එරෙහිව යුධ හමුදාවෙන් පෙරළිකාර මෙහෙයුමක්

542

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තයේ තවත් තරගයක් අද (1) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජය හා CH&FC කණ්ඩායම අතර පැවැත්වුණු අතර ලකුණු 24–18ක් ලෙස තරගය ජය ගත්තේ යුධ හමුදා ක්‍රීඩා සමාජයයි.

උමේෂ් ප්‍රමුඛ හැව්ලොක් ක්‍රීඩකයෝ පොලිස් බලාපොරොත්තු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සති අන්තය ආරම්භ කරමින් අද (30) කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය පොලිස් රග්බි…

CH කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ අද තරගයට සහභාගී නොවුණු අතර CH&FC කණ්ඩායම පසුගිය සතියේ දී ගුවන් හමුදාව පරාජය කරමින් සිය පළමු ජය වාර්තා කරන ලදි. පළමු අර්ධයේ කණ්ඩායම් දෙකම හොඳ සටනක නිරත වූවත් දෙවන අර්ධයේ දී දරුණු ප්‍රහාරයක් එල්ල කළ යුධ හමුදා ක්‍රීඩකයෝ අවසානය වනතුරු ජයග්‍රහණයේ එල්ලී සිටියේ මෙවර තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කරමිනි.

සැමුවෙල් මධුවන්තගේ ආරම්භක පා පහර අසාර්ථක වූ අතර ගයාන් සාලින්ද ප්‍රමුඛ යුධ හමුදා පසුපෙළ පළමු මිනිත්තු කිහිපයේ දී CH&FC කණ්ඩායම පසු පදයට ඇද දමන්නට සමත් විය. කෙසේ වෙතත් සිව්වැනි මිනිත්තුවේ දී හිරන්ත පෙරේරා CH වෙනුවෙන් ක්‍රියාත්මක වූ නමුත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ කරන්නට මොහොමඩ් රිස්වි සමත් වූයේ හිරන්ත පා පහරක් දී ඉදිරියට යොමු කළ පන්දුව ඔහුට පෙර රැක ගනිමිනි.

තරගයේ පළමු දඬුවම් පහර 7 වන මිනිත්තුවේ දී CH&FC කණ්ඩායමට හිමි වූ අතර මෙවර තරගාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ සැමුවෙල් මධුවන්ත ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. (CH 03-00 යුධ)

11 වන මිනිත්තුවේ දී හිරන්ත පෙරේරා හා නවීන් හේනකන්කානම්ගේ දක්ෂ ධාවනයක යෙදෙමින් පන්දුව සුදම් සූරියආරච්චි වෙත ලබා දුන් අතර ඉතා ක්ෂණිකව ක්‍රියාත්මක වූ සුධාරක දික්කුඹුර දක්ෂ ලෙස සුදම් නවත්වා ගත්තේ CH කණ්ඩායමට නියත උත්සාහක දිනුමක් අහිමි කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

14 වන මිනිත්තුවේ දී සැමුවෙල් ඩ්‍රොප් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් එම අවස්ථාව සාර්ථක වූයේ නැත. කෙසේ වෙතත් එතැන් සිට යුධ හමුදා ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේ මොහොමඩ් රිස්විගේ වේගවත් ධාවනයක් සමඟිනි. 16 වැනි මිනිත්තුවේ දී යුධ හමුදා උත්සාහය සාර්ථක කරමින් ඔවුන්ට දඬුවම් පහරක් හිමි වූ අතර ගයාන් සාලින්ද පහසුවෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. (CH 03-03 යුධ)

26 වන මිනිත්තුවේ දී Line out අවස්ථාවකින් පන්දුව ලබා ගත් CH ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් මගින් ඉදිරියට ඇදුණු අතර පන්දුව ක්ෂණිකව පසුපෙළට භාර දීමෙන් පසු නවීන් හේනකන්කානම්ගේ පහසුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම් සම්පූර්ණ කරන්නට සමත් විය. සැමුවෙල් මධුවන්ත අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරිමින් අමතර ලකුණු රැස් කිරීමට සමත් විය. (CH 10-03 යුධ)

පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයකට පෙර සමීර බුලත්සිංහල ප්‍රතිවාදී ක්‍රීඩකයන් තිදෙනෙක් බිම හෙළමින් ලකුණු රැස් කළේ යුධ හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරමිනි. දක්ෂ පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු එම උත්සාහක දිනුම වාර්තා වූ අතර ගයාන් සාලින්ද ඉතා අපහසු ප්‍රවර්තනයක් දක්ෂ ලෙස ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (CH 10-10 යුධ)

ගුවන් හමුදාව පරදා CH ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සිය පළමු ජයග්‍රහණයට අද (25) වාර්තා කරනු ලැබීය. ඒ ලකුණු 26-18ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමිනි.

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ සැමුවෙල් මධුවන්ත අලංකාර ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු රැස් කළේ පළමු අර්ධයේ පෙරමුණ CH කණ්ඩායමට ගෙන දෙමිනි. (CH 13-10 යුධ)

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 13-10 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අදියරේ පළමු වෙඩිමුරය තබන්නට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් විය. Line out අවස්ථාවකින් පන්දුව ලබා ගෙන Rolling maul අවස්ථාවක් මගින් යුධ හමුදා ක්‍රීඩකයින් ඉදිරියට ඇදුණු අතර CH ආරක්ෂක වළලු සුනුවිසුනු කරමින් තිරුෂ අධිකාරම් දෙවන යුධ හමුදා උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ගයාන් සාලින්ද මෙවරත් අලංකාර ප්‍රවර්තනයකින් අමතර ලකුණු රැස් කරන ලදි. (CH 13-17 යුධ)

45 වන මිනිත්තු පටන් යුධ හමුදා ක්‍රීඩකයින් සිව්වතාවක් අවාසනාවන්ත වූයේ නොසිතූ ලෙසයි. 45 වන මිනිත්තුවේ දී, 46 වන මිනිත්තුවේ දී හා 50 වන මිනිත්තුවේ දී පන්දුව උත්සාහක දිනුම් රේඛාව මත දී Held Up අවස්ථාවන්ට ලක්වූ අතර දිලීප නිරෝෂන්ගේ උත්සහයක් විනිසුරු උත්සාහක දිනුමක් නොවන බව තීරණය කරන ලදි. සිව්වතාවක් මගහැරුණු අවස්ථාව පස්වැනි වතාවේ යුධ හමුදාව සාර්ථක කර ගත් අතර අශාන් බණ්ඩාර උත්සාහක දිනුම රැස් කරද්දී ඉතා අසීරු ප්‍රවර්තනයක් ගයාන් සාලින්ද අලංකාර ලෙස ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (CH 13-24 යුධ)

තිළිණ විජේසිංහ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයෝ යුධ හමුදාව මෙල්ල කරති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ තවත් තරගයක් අද (24) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ප්‍රබල මහනුවර…

CH කණ්ඩායම දැඩි පීඩනයකට ලක්ව සිටි අතර ඒ නිසාම ඔවුන් පන්දුව හැසිර වීමේ දී යම් යම් අතපසුවීම් සිදු කරනු දක්නට ලැබුණි. 60 වන මිනිත්තුවේ දී ඔවුන් එම පීඩනයෙන් මුදවා ගනිමින් සුදම් සූරියආරච්චි දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. අවාසනාවන්ත ලෙස සැමුවෙල් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ නැත. (CH 18-24 යුධ)

ලකුණු පරතරය අඩු වූ නිසා තරගය තවත් උණුසුම් වූ නමුත් CH කණ්ඩායමට ලකුණු රැස් කර ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට දක්ෂ ලෙස ක්‍රීඩා කළ යුධ හමුදා ක්‍රීඩකයින් සමත් විය. ඉතා වැදගත් අවස්ථාවල යුධ හමුදාව Line out අවස්ථා දිනා ගත්තේ CH කණ්ඩායමට ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම අහිමි කරමිනි. අවසන් මිනිත්තු කිහිපයේ දී CH කණ්ඩායම කෙතරම් උත්සහ කළත් හමුදා ක්‍රීඩකයෝ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළේ දිනා ගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමිනි.

අවසන් ලකුණු තත්වය: CH&FC කණ්ඩායම 18 (2T, 1C, 1P, 1DG) – 24 (3T, 3C,1P) යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – සමීර බුලත්සිංහල (යුධ හමුදා)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CH&FC ක්‍රීඩා සමාජය – සැමුවෙල් මධුවන්ත (1C, 1P, 1DG), නවීන් හේනකන්කානම්ගේ (1T), සුදම් සූරියආරච්චි (1T)
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – ගයාන් සාලින්ද (1P, 3C), තිරුෂ අධිකාරම් (1T), සමීර බුලත්සිංහල (1T), අශාන් බණ්ඩාර (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<