ගුවන් හමුදාව පරදා CH ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි

321

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සිය පළමු ජයග්‍රහණයට අද (25) වාර්තා කරනු ලැබීය. ඒ ලකුණු 26-18ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමිනි. තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය.

CR&FC ක්‍රීඩකයෝ තෙවැනි ජයත් වාර්තා කරති

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද (24) කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවති තරගයකින් ජය ගැනීමට CR&FC කණ්ඩායමට හැකි විය.

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය වූ මෙම තරගය ආරම්භ වන විට දෙපිලම තරගාවලියේ දී ජයක් හිමිකරගෙන නොතිබුණි. ඒ අනුව තරගය ජය ගැනීම දෙපිලටම ඉතා වැදගත් විය.

උත්සාහක දිනුමක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට CH&FC ක්‍රීඩකයන් හට වැඩි වෙලාවක් ගත වූයේ නැත. 3වැනි මිනිත්තුවේ දී අනුරාධ හේරත් විසින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ඒ සඳහා අවන්ත ලීගෙන් හොඳ සහයක් අනුරාධට ලැබුණි. එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සැමුවෙල් මධුවන්තට නොහැකි විය. (CH&FC 5-0 ගුවන් හමුදා)

නැවත වරක් ගුවන් හමුදා අර්ධය ආක්‍රමණය කළ CH&FC ක්‍රීඩකයන් 8 වැනි මිනිත්තුවේදීත් ගුවන් හමුදා සීමා ඉර අභිබවා යාමට සමත් විය. එවර උත්සාහක දිනුමේ හිමිකරු වූයේ නිවංක ප්‍රසාද්ය. සැමුවෙල් මදුවන්තගෙන් දෙවැනි වරටත් ප්‍රවර්තනය අසාර්ථක විය. (CH&FC 10-00 ගුවන් හමුදා)

නැවත නැවතත් ගුවන් හමුදා ක්‍රීඩකයන් හට පීඩනය එල්ල කළ CH&FC ක්‍රීඩකයන් 13 වැනි මිනිත්තුවේ දී වාර්තා කරනු ලැබුවේ තරගයේ ඔවුන් විසින් ලබා ගත් තෙවැනි උත්සාහක දිනුමයි. එම උත්සාහක දිනුමේ හිමිකරු වූයේ පෙර උත්සාහක දිනුමේ හිමිකරු වූ නිවංක ප්‍රසාද්මයි. (CH&FC 15-00 ගුවන් හමුදා)

තිළිණ විජේසිංහ ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයෝ යුධ හමුදාව මෙල්ල කරති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තයේ තවත් තරගයක් අද (24) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ප්‍රබල මහනුවර…

22 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගනිමින් තරගයට ප්‍රවිෂ්ට වීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය. ගුවන් හමුදා කණ්ඩායමේ ජෙරෝ ධනංජය උත්සාහක දිනුම වාර්තා කළ අතර ගයන්ත ඉද්දමල්ගොඩට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. ඒ අනුව තරගයේ පිට පිට සිව්වැනි වරට ද ප්‍රවර්තනය අසාර්ථක වූ අතර දැඩි සුළං තත්ත්වය එයට හේතුව විය. (CH&FC 15-05 ගුවන් හමුදා)

තරගයේ 32 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් ගුවන් හමුදාවට හිමි විය. ගයන්ත ඉද්දමල්ගොඩ විසින් එම දඬුවම් පහර සාර්ථකව එල්ල කළ හෙයින් ලකුණු 3ක් ගුවන් හමුදා කණ්ඩායමට ලැබුණි. ඒ අනුව තරගයේ ලකුණු සටහන දැක්වුණේ 15-08ක් වශයෙනි.

පසුගිය තරග සමයේ සහ මෙම තරග සමයේ දී හොඳින් ක්‍රීඩා කළ CH&FC කණ්ඩායමේ යෝෂිත රාජපක්ෂ හට ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වන්නට සිදු විය. යෝෂිත වෙනුවට සුදර්ශන මුතුතන්ත්‍රී ක්‍රීඩා පිටියට පැමිණියේය.

37 සහ 38 මිනිත්තු දෙකෙහි දී ම ගුවන් හමුදා කණ්ඩායමට දඬුවම් පහර අවස්ථා දෙකක් හිමිවූවත් එම අවස්ථා දෙකෙහිම ඔවුන් scrum අවස්ථාව තෝරාගන්නා ලද්දේ දඬුවම් පහර එල්ල නොකරමිනි. එහි අවාසිය ගුවන් හමුදා කණ්ඩායමටම දරාගන්නට සිදු වූයේ එම scrum අවස්ථා ද්විත්වයෙන් අනතුරුව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායමට නොහැකි වීම නිසාවෙනි.

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 15 – 08 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

පළමු අර්ධයේ අවසාන මිනිත්තු කිහිපයේ දී තමුන් විසින් ලබාගත් ඉහළ මානසික මට්ටම දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කිහිපයේ දී මැනවින් ප්‍රදර්ශනය කරමින් CH&FC ක්‍රීඩකයන්ට ඉතා දැඩි පීඩනයක් එල්ල කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

42 සහ 46 යන මිනිත්තු දෙකෙහි දී ම උත්සාහක දිනුම් වාර්තා කිරීමට තිබූ අමිල අවස්ථා දෙකක් ගුවන් හමුදා ක්‍රීඩකයන්ට අහිමි වූවත් 47 වැනි මිනිත්තුවේ දී තම කණ්ඩායමට හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගත් ගුවන් හමුදා කණ්ඩායමේ චරිත් සෙනෙවිරත්න තරගයේ ලකුණු පරතරය 4ක් දක්වා අඩු කරන්නට සමත් විය. (CH&FC 15-11 ගුවන් හමුදා)

එම දඬුවම් පහරට ක්ෂණික ප්‍රතිචාර CH&FC කණ්ඩායමෙන් හිමි විය. 52 වැනි මිනිත්තුවේ දී CH&FC කණ්ඩායම ලද දඬුවම් පහර සාර්ථක කර ගත් සැමුවෙල් මධුවන්ත කණ්ඩායම් අතර ලකුණු පරතරය පෙර තිබූ තත්ත්වයටම ගෙන ආවේය. (CH&FC 18-11 ගුවන් හමුදා)

තරගයේ 54 වැනි මිනිත්තුවේ දී CH&FC කණ්ඩායමේ චතුර දිල්ශාන් විසින් උත්සාහක දිනුමක් ලබා ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය 12ක් දක්වා වැඩි කළේය. (CH&FC 23-11 ගුවන් හමුදා)

ගුවන් හමුදා කණ්ඩායමේ ගයන්ත ඉද්දමල්ගොඩ විසින් නීති විරෝධී High tackle අවස්ථාවක් භාවිතා කිරීම හේතුවෙන් 61 වැනි මිනිත්තුවේ දී CH&FC කණ්ඩායමට දඬුවම් පහරක් හිමි විය. එම අවස්ථාවේ දී ගුවන් හමුදා ක්‍රීඩක චාර්ල්ස් ප්‍රවීන් විසින් විනිසුරු සමඟ වචන හුවමාරු කරගැනීමක් සිදු කළ බැවින් විනිසුරු විසින් රතු කාඩ්පතක් චාර්ල්ස් හට ලබා දුන්නේය. ඒ තරගයේ මෙයට පෙර කහ කාඩ්පතක් චාර්ල්ස් හට පෙන්වා තිබූ බැවිනි. (දෙවැනි කහ කාඩ්පත)

එම දඬුවම් පහර නිවැරදි දිශාවට එල්ල කිරීමට සැමුවෙල් මධුවන්තට හැකි විය. CH&FC කණ්ඩායමේ ලකුණු තත්ත්වය 26ක් දක්වා ඉහළ නැඟුණි. (CH&FC 26 – 11 ගුවන් හමුදා)

දිනුක් හා සශාන් නාවිකයෝ මුහුදුබත් කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තය ආරම්භ කරමින් අපරාජිත හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අද (23) කොළඹ හැව්ලොක්…

තරගයේ අවසාන තත්පර කිහිපයේ දී ගුවන් හමුදා කණ්ඩායමේ නුවන් පෙරේරා විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින්, චරිත සෙනෙවිරත්න විසින් එහි ප්‍රවර්තන සාර්ථක කරගනිමින්, ගුවන් හමුදා කණ්ඩායමට සැනසුමක් ගෙන ආවද, ගුවන් හමුදා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට හෝ ප්‍රසාද ලකුණ ලබා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

ප්‍රසාද ලකුණ හිමිකර ගැනීමට නම් ලකුණු 7ට අඩු ලකුණු පරතරයකින් තරගය පරාජය වීම අවශ්‍ය වන අතර ගුවන් හමුදා කණ්ඩායම ඔවුන් ලද දඬුවම් පහරක් එල්ල කිරීම සිදු කරේ නම් තරගයේ ලකුණු තත්ත්වය මෙයට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. අවම වශයෙන් ප්‍රසාද ලකුණ හෝ ලබා ගැනීමට අවස්ථාවක් ඔවුන්ට තිබුණි.

ඒ අනුව 26-18ක් වශයෙන් තරගය ජය ගනිමින් මෙවර තරගාවලියේ දී තම කණ්ඩායම් ලද පළමු ජය වාර්තා කිරීමට CH&FC කණ්ඩායමට හැකි විය. ගුවන් හමුදා කණ්ඩායම තවමත් එක් ප්‍රසාද ලකුණක් හෝ හිමිකරගෙන නොමැත.

අවසන් ලකුණු තත්වය: CH&FC කණ්ඩායම 26 (4T, 2P) – 11 (1T, 2P) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – නිවංක ප්‍රසාද්

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CH&FC – නිවංක ප්‍රසාද් (2T), අනුරාධ හේරත් (1T), චතුර දිල්ශාන් (1T) සැමුවෙල් මධුවන්ත (2P)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ජෙරෝ ධනංජය (1T), නුවන් පෙරේරා (1T) ගයන්ත ඉද්දමල්ගොඩ (1P) චරිත සෙනෙවිරත්න (1P,1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<