ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් පොලිසියට සංග්‍රහ කරයි

456

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (18) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී, වත්මන් ශූර මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර ඉතා තියුණු සටනකට පසු ලකුණු 32-23ක් ලෙස සිය බලකොටුව රැක ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ධනුෂ්ක රන්ජන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ මහනුවර ජය තහවුරු කරමින්.

නිරෝෂ්ගේ උත්සාහක දිනුම් අපතේ යවමින් තරින්ද වැලිසර හොල්ලයි

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (17) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය හා CR&FC…

පසුගිය සතියේ දී තියුණු සටනකින් පසු නාවික හමුදාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වන්නට පොලිස් ක්‍රීඩා සමාජයට සිදු වූ අතර මහනුවර කණ්ඩායම ගුවන් හමුදාව පරාජය කරන ලදි.

පොලිස් කණ්ඩායමට මෙවර විදෙස් ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන අතර ඔහුගේ සේවය පෙර  තරගයේ දී මෙන්ම මේ තරගයේ දී ද පොලිස් කණ්ඩායමට නොමඳව ලැබුණි. පොලිස් ඉදිරිපෙළ ඉතා දක්ෂ ලෙස තරගය පුරා ක්‍රීඩා කළ අතර මහනුවර කණ්ඩායමේ ඉදිරිපෙළ නම් තවමත් හොඳින් සංවිධානය වී ඇති බවක් දක්නට නොලැබුණි.

පොලිස් කණ්ඩායමේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේම පොලිස් ක්‍රීඩකයින් මහනුවර ක්‍රීඩා සමාජයට දැඩි තර්ජනයක් එල්ල කරනු දක්නට ලැබුණි. විදෙස් ක්‍රීඩක EMOSI VUNIVOSA පොලිස් කණ්ඩායමට ඉතා හොඳ ආරම්භයක් ලබා දෙමින් දක්ෂ ලෙස ධාවනයක නිරත වූ අතර EMOSI නිරෝෂ් සිල්වාට පන්දුව යොමු කරනු ලදුව සිල්වා විසින් උත්සාහක දිනුම් රේඛාව පහසුවෙන් ඉක්මවා ගියත් අවාසනාවන්ත ලෙස ඔහු දෙවන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් රේඛාව මත දී ම පන්දුව Knock On අවස්ථාවකට පත් කරන ලදි.

පොලිස් කණ්ඩායමට අනගි අවස්ථාවක් ගිලිහුනත් මහනුවර කණ්ඩායම සිව්වැනි මිනිත්තුවේ දී තමන්ට ලද අවස්ථාව මනා ලෙස ප්‍රයෝජනයට ගත අතර තිළිණ විජේසිංහ දඬුවම් පහරකින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. (මහනුවර 03-00 පොලිස්)

සචිත් සිල්වා 7 වන මිනිත්තුවේ දී පොලිස් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් අලංකාර ලෙස ගෝල කණු අතරින් යවමින් ලකුණු රැස් කිරීමට සමත් විය. (මහනුවර 03-03 පොලිස්)

රහල් සහ රීසා, මධුවන්තගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය අරඹමින් ප්‍රබල කණ්ඩායම් දෙකක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා…

පොලිස් ආක්‍රමණයට ඉක්මන් පිළිතුරක් ලබා දුන් දනුෂ් දයාන් දක්ෂ ධාවනයකින් පොලිස් ආරක්ෂක වළලු මග හැර ගිය අතර නයිජල් රත්වත්ත අතට පත් වූ පන්දුව නයිජල් විසින් ධනුෂ්ක රන්ජන් අතට පත් කළ අතර අලංකාර පාද චලනයකින් රන්ජන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. තිළිණ අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (මහනුවර 10-03 පොලිස්)

16 වන මිනිත්තුවේ දී ධනුෂ්ක රන්ජන් නැවත වරක් ක්‍රියාත්මක වූ අතර පසුපෙළ පන්දුව යොමු කිරීම් කිහිපයකට පසු රන්ජන් දක්ෂ ලෙස උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ පොලිස් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනි. තිළිණ වීරසිංහ එහි ප්‍රවර්තනය සාර්ථකව ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (මහනුවර 17-03 පොලිස්)

පොලිස් ක්‍රීඩකයින් දිගින් දිගටම මහනුවර ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරද්දී EMOSIගේ පන්දු යොමු කිරීමක් රොෂාන් වීරරත්න උදුරාගෙන වේගවත් ධාවනයක යෙදුනත් ධවල රේඛාව පේන මානයේ දී ඔහුව බිම හෙලීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් විය.

මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් තරගාවලිය අරඹති

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ජයග්‍රහණයකින්ම ආරම්භ කිරීමට මහනුවර ක්‍රීඩකයන් අද (10) සමත් විය. ඒ රත්මලාන ක්‍රීඩාංගණයේ දී ගුවන් හමුදා…

24 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සමඟින් නැවත තරගයට පිවිසීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. Line Out අවස්ථාවක් සාර්ථකව ලබා ගෙන සිය ඉදිරිපෙළ යොදා ගෙන පියවරින් පියවර ඉදිරියට ඇදුණු පොලිස් ක්‍රීඩා සමාජය වගීෂ වීරසිංහගේ සුරතින් එම උත්සාහක දිනුම වාර්තා කරන ලදි. සචිත් සිල්වා අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (මහනුවර 17-10 පොලිස්)

26 හා 29 වැනි මිනිත්තුවල දී පිළිවෙළින් නයිජල් රත්වත්තගේ හා තිළිණ විජේසිංහගේ උත්සාහයන් දෙකක් ව්‍යර්ථ කරන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් වූ අතර 37 වන මිනිත්තුවේ දී පොලිස් ඉදිරිපෙළ වාර්තා කළ උත්සාහක දිනුමක් විනිසුරු නිශ්ප්‍රභ කළේ අවාසනාවන්ත ලෙසයි. පෙර ලෙසම Line Out අවස්ථාවකින් පන්දුව ලබා ගත් පොලිස් ක්‍රීඩකයින් පියවරෙන් පියවර ඉතා ඉවසිලිවන්ත ලෙස පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ගෝල කණු ආසන්නයටම පැමිණි ඔවුන් ගෝල කණු පාමුල පන්දුව තැබීමට සමත් වුවත් විනිසුරු තීරණය කළේ එය Knock On අවස්ථාවකට ලක් වූ බවයි.

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 17-10 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ඉතා හොඳින් අරඹන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වූ නමුත් 41 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සචිත් සිල්වා හට මග හැරිණි. 46 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩා සමාජයට අමතර වාසියක් හිමි වූයේ මහනුවර ක්‍රීඩා සමාජයේ ෂෙහාන් පතිරණ කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම නිසයි.

ඒ අවසරයෙන් හා මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩකයින් දිගින් දිගටම කළ අතපසුවීම් නිසා පොලිස් ක්‍රීඩා සමාජයට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර සචිත් එම අවස්ථාව නම් මගහැරියේ නැත. (මහනුවර 17-13 පොලිස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දෙවන අර්ධය පළමු මිනිත්තු කිහිපය තුළ සෑහෙන වතාවක් පොලිස් ඉදිරිපෙළ මහනුවර ක්‍රීඩකයින්ගෙන් පන්දුව උදුරා ගත්තේ මහනුවරට ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි. 57 වන මිනිත්තුවේ දී සියල්ලන්ම අන්දමන්ද කරමින් පොලිස් ක්‍රීඩා සමාජය සිය පසු පෙළ යොදා ගනිමින් දක්ෂ ආක්‍රමණයක නිරත වූ අතර අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකට පසු ගිහාන් සිල්වා උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ පොලිස් කණ්ඩායම පළමු වරට තරගයේ පෙරමුණට රැගෙන එමිනි. සචිත් සිල්වා අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (මහනුවර 17-18 පොලිස්)

පොලිස් ප්‍රහාරයට එවේලේම ප්‍රතිප්‍රහාර එල්ල කළ ධනුෂ්ක රන්ජන් තරිඳු චතුරංගගේ අලංකාර ධාවනයක් දක්ෂ ලෙස ධවල රේඛාව ඉක්මවා ගොස් නිමා කළේ තෙවන වතාවටත් ලකුණු පුවරුවේ සිය නම සටහන් කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (මහනුවර 22-18 පොලිස්)

ලකුණු හතරක පරතරය සඳහා කණ්ඩායම් දෙකම තියුණු තරගයකට අවතීර්ණ වූ අතර පොලිස් බලාපොරොත්තු එක්වරම බිඳ දැමූ මහනුවර ඉදිරිපෙළ ක්‍රීඩක යාකුබ් අලි එක්වරම පන්දුවත් සමඟ පොලිස් ආරක්ෂක වළලු බිඳ උත්සාහක දිනුමක් වාර්තා කළේ මහනුවර ප්‍රේක්ෂකයින්ට අස්වැසිල්ලක් වෙමිනි. ජමාල්ඩීන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (මහනුවර 29-18 පොලිස්)      

තරගය අත් නොහල පොලිස් ක්‍රීඩකයෝ ලවංග පෙරේරාගේ අතපසුවීමක් යොදා ගෙන 70 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඒ වගීෂ වීරසිංහගේ දෙවන උත්සාහක දිනුමයි. මහනුවර ක්‍රීඩකයින්ගේ අනවශ්‍ය බාධා කිරීමක් නිසා සචිත් සිල්වාට එහි ප්‍රවර්තනයට දෙවරක්ම අවසථාව හිමි වුනත් එකදු අවස්ථාවක් හෝ සාර්ථක කර ගැනීමට ඔහු සමත් වූයේ නැත. (මහනුවර 29-23 පොලිස්)

අවසන් මිනිත්තු කිහිපයේදීත් පොලිස් කණ්ඩායමට තරගය තමන්ගේ දෙසට හරවා ගැනීමට අවස්ථාව තිබූ නමුත් 77 වන මිනිත්තුවේ දී ජමාල්ඩීන් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් මහනුවර ජයග්‍රහණය ස්ථිර කළේය.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 32 (4T, 3C, 2P)-23 (3T, 1C, 2P) පොලිස් ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා – ෆීජී ජාතික EMOSI VUNIVOSA (පොලිස්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • මහනුවර ක්‍රීඩා සමාජය – ධනුෂ්ක රන්ජන් (3T), තිළිණ විජේසිංහ (2C, 1P), ජමාල්දීන් (1C, 1P), යාකුබ් අලී (1T)
  • පොලිස් ක්‍රීඩා සමාජය – වගීෂ වීරසිංහ (2T), සචිත් සිල්වා (1C, 2P), ගිහාන් සිල්වා (1T)      

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<