රහල් සහ රීසා, මධුවන්තගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරයි

544

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය අරඹමින් ප්‍රබල කණ්ඩායම් දෙකක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා සමාජය අද (16) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර තියුණු තරගයකින් පසු අවසන් මොහොතේ ලකුණු 29-30ක් ලෙස එක් ලකුණක ජයක් වාර්තා කරන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය අන්තයේ දී හැව්ලොක් කණ්ඩායම, යුධ හමුදා කණ්ඩායම පරාජය කරමින් පළමු තරගයෙන් ජය වාර්තා කළ නමුත් තරින්ද රත්වත්තගේ සුපිරි ක්‍රීඩා විලාශය නිසා CH&FC කණ්ඩායම CR&FC හමුවේ පරාජය විය.

රත්වත්තගේ වික්‍රමයෙන් කොළඹ 7 රග්බි සටන CR&FC ජය ගනී

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන තරගය අද (10) ප්‍රබල ප්‍රතිමල්ලවයින් වන CH&FC කණ්ඩායම හා CR&FC කණ්ඩායම අතර පැවැත්වුණු අතර අතිශය තියුණු…

CH&FC කණ්ඩායමේ සැමුවෙල් මධුවන්තගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ සිටම ආක්‍රමණයේ නිරත වූ CH කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි මිනිත්තුවේ දී අලංකාර ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරන්නට මධුවන්ත සමත් විය. (හැව්ලොක් 00-03 CH&FC)

පළමු මිනිත්තු කිහිපයේ දී හැව්ලොක් ක්‍රීඩකයින් CH&FC කණ්ඩායමට දඬුවම් පහර කිහිපයක් ලබා දීමට ක්‍රියා කළේ ඉතා වැදගත් අවස්ථා කිහිපයක්ම අහිමි කර ගනිමිනි.

CH ප්‍රහාරයට ඉක්මන් පිළිතුරක් ලබා දුන් රීසා මුබාරක් නවවැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ හැව්ලොක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (හැව්ලොක් 03-03 CH&FC)

13 වන මිනිත්තුවේ දී CH කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ නමුත් අවාසනාවන්ත ලෙස මධුවන්ත එම අවස්ථාව සාර්ථක කර ගත්තේ නැත. මේ වන විට කණ්ඩායම් දෙකම තියුණු තරගයකට අවතීර්ණ වී සිටි අතර 20 වන මිනිත්තුවේ දී සිය ඉදිරිපෙළ යොදා ගනිමින් CH කණ්ඩායම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඉදිරිපෙළ ක්‍රීඩකයින් සමඟ පන්දුව ඉදිරියට රැගෙන ගිය අනුරාධ හේරත් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර මධුවන්ත අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (හැව්ලොක් 03-10 CH&FC)

ද්වන්ද සටන තවත් තියුණු කරමින් 24 වන මිනිත්තුවේ දී ලැබුණු තවත් දඬුවම් පහරක් පහසුවෙන් ගෝල කණු අතරින් යවන්නට රීසා මුබාරක් සමත් විය. (හැව්ලොක් 06-10 CH&FC)

27 වන මිනිත්තුවේ දී CH ක්‍රීඩක මතීෂ සරත්චන්ද්‍ර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට දරුණු බාධා කිරීමක් කළ අතර ඔහුට කහ කාඩ්පතක් හිමි වුනේ හැව්ලොක් ක්‍රීඩකයින්ට එක් ක්‍රීඩකයෙකුගේ අමතර වාසියක් ගෙන දෙමිනි.

යුධ හමුදා බල බිඳිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජය ගනී

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අද (9) ආරම්භ වූ අතර සිය පළමු තරගයේ දී ම යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරමින් ලකුණු 23-12ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට…

28 වන මිනිත්තුවේ දී හැව්ලොක් ‘Wing’ ක්‍රීඩක පන්දුවත් සමඟ උත්සාහක දිනුම් සීමාව ආසන්නයට යාමට සමත් වූවත් නවීන් හේනකන්කානමගේ දක්ෂ ලෙස ඔහුව පිටියෙන් ඉවතට තල්ලු කර දැමීමට සමත් විය.

කහ කාඩ්පතේ වාසිය ලබා ගනිමින් 29 වන මිනිත්තුවේ දී හිමි වූ ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගෙන ලසිඳු කරුණාතිලක CH ක්‍රීඩකයින් පෙරළමින් ඉදිරියට ඇදුණු අතර ශෝකට් ලාහිර් ඔහුගෙන් පන්දුව ලබා ගෙන දක්ෂ ලෙස පළමු හැව්ලොක් උත්සාහක දිනුම සඳහා ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. රීසා අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (හැව්ලොක් 13-10 CH&FC)

හැව්ලොක් මුෂ්ටි ප්‍රහාරයට සාර්ථක පිළිතුරක් ලබා දීමට CH කණ්ඩායමට අනගි අවස්ථාවක් හිමි වූ අතර 33 වන මිනිත්තුවේ දී තවත් අලංකාර පා පහරකින් පන්දුව ගුවන් ගත කළ සැමුවෙල් මධුවන්ත තරගයේ ලකුණු සම කිරීමට සමත් විය. (හැව්ලොක් 13-13 CH&FC)

CH&FC කණ්ඩායම දැවැන්ත අර්බුදයකට ඇද දමමින් ජේසන් මෙල්ඩර් හට කහ කාඩ් පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කරන ලදි.

තරගය මිනිත්තුවෙන් මිනිත්තුව උණුසුම් වූ අතර ෂාරෝ ප්‍රනාන්දු හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට අනවශ්‍ය බාධා කිරීමක් කළ නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මීටර 60 සීමාවට ආසන්නයේ සිට CH කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර අලංකාර පා පහරකින් පන්දුව ගුවනට මුසු කළ සැමුවෙල් මධුවන්ත දක්ෂ ලෙස CH කණ්ඩායමට තරගයේ පෙරමුණ උදුරා දීමට සමත් විය. (හැව්ලොක් 13-16 CH&FC)

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 13-16 CH&FC කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භයේ කණ්ඩායම් දෙකටම එක් ක්‍රීඩකයෙකු අඩුවෙන් ක්‍රීඩා කිරීමට සිදු වූයේ විනිසුරු විසින් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දෙදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට ක්‍රියා කර තිබූ නිසයි.

දෙවන අර්ධයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට CH කණ්ඩායමට 45 වන මිනිත්තුවේ අනගි අවස්ථාවක් හිමි වූ අතර දිනය පුරා ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ මධුවන්ත පිටිය හරි මැද සිට අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (හැව්ලොක් 13-19 CH&FC)

CH ක්‍රීඩකයින් දිගින් දිගටම පෙරමුණ ගැනීම නිසා හැව්ලොක් ක්‍රීඩකයින් දැඩි පීඩනයකට නතු වූ අතර ඔවුන් එම පීඩනයෙන් ගලවා ගනිමින් අස්මීර් ෆාජුඩින් ප්‍රමුඛ හැව්ලොක් ඉදිරිපෙළ 48 වන මිනිත්තුවේ දී ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. රීසා අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (හැව්ලොක් 18-19 CH & FC)

එක් ලකුණක පරතරය සඳහා කණ්ඩායම් දෙකම තියුණු සටනකට පිවිසුණු අතර පන්දුව සමඟ හැව්ලොක් ආරක්ෂක වළලු අතරින් රිංගා ගිය අනුරාධ හේරත් 55 වන මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ CH පෙරමුණ තවත් වැඩි කරමිනි. ’Rolling Maul’ අවස්ථාවකින් ඉදිරියට රැගෙන ගිය පන්දුව අනුරාධ ධවල රේඛාවෙන් එපිටට රැගෙන යද්දී මධුවන්ත නැවත වරක් සිය පාදයේ මහිමය පෙන්වමින් ඉතා අපහසු ප්‍රවර්තනයක් දක්ෂ ලෙස සාර්ථක කර ගැනීමට සමත් විය. (හැව්ලොක් 18-26 CH&FC)

අගාධයට වැටී සිටි හැව්ලොක් කණ්ඩායම ගොඩ ගන්නට හැව්ලොක් පුහුණුකරු සනත් මාටිස් විසින් නව ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායමට ඇතුලත් කළ අතර නව ජීවයකින් බල ගැන්වුණු හැව්ලොක් කණ්ඩායම සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගෙන තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු පරතරය අඩු කරමින්. ’Rolling Maul’ අවස්ථාවකින් ඉදිරියට ගිය ඔවුන් දුෂ්මන්ත ප්‍රියදර්ශනගේ සුරතින් ලකුණු රැස් කළ අතර රීසා අමතර ලකුණු එකතු කිරීමට අසමත් විය. (හැව්ලොක් 23-26 CH&FC)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සිහිනයක් බඳු වූ දිනයක් ගත කරමින් සිටි මධුවන්තට 71 වන මිනිත්තුවේ දී තවත් ලකුණු රැස් කිරීමට අවස්ථාවක් හිමි වූ අතර මධුවන්ත මීටර 55 සීමාවේ සිට අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (හැව්ලොක් 23-29 CH&FC)

අවසන් මිනිත්තු කිහිපයේ හැව්ලොක් කණ්ඩායම සිය උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේම ‘Line out’ අවස්ථාවක් හිමි වූ අතර යෝෂිත රාජපක්ෂ එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට සමත් විය.

අවසන් මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමට මීටර 5 සීමාව ආසන්නයේ ‘Scrum’ අවස්ථාවක් හිමි වූ අතර CH කණ්ඩයමේ දැඩි ප්‍රතිරෝධය නොතකා රහල් දෙල්පචිත්‍ර උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ රැස්ව සිටි හැව්ලොක් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමිනි. රීසා මුබාරක් පහසුවෙන් අමතර ලකුණු රැස් කරමින් CH කණ්ඩායමට දෙවන වරටත් එක් ලකුණට තියුණු පරාජයක් අත්කර දෙන්නට සමත් විය. (හැව්ලොක් 30-29 CH&FC)

ThePapare.com තරගයේ වීරයා – සමුවෙල් මධුවන්ත

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 30 (3T, 2P, 1C) – 29 (1DG, 4P, 2C, 2T) CH&FC කණ්ඩායම

ලකුණු රැස් කිරීම

CH&FC: සැමුවෙල් මධුවන්ත (1DG ,3P, 2C), අනුරාධ හේරත් (2T)

හැව්ලොක්: රීසා මුබාරක් (2P, 2C), ශෝකට් ලාහීර් (1T), අස්මීර් ෆජුඩින් (1T), රහල් දෙල්පචිත්‍ර (1T), දුෂ්මන්ත ප්‍රියදර්ශන (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<