රත්වත්තගේ වික්‍රමයෙන් කොළඹ 7 රග්බි සටන CR&FC ජය ගනී

482

2018 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන තරගය අද (10) ප්‍රබල ප්‍රතිමල්ලවයින් වන CH&FC කණ්ඩායම හා CR&FC කණ්ඩායම අතර පැවැත්වුණු අතර අතිශය තියුණු සටනකට පසු ලකුණු 23-24ක් ලෙස එක් ලකුණකින් තරගය ජය ගැනීමට CR&FC කණ්ඩායම සමත් විය. තරගය CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

අවසන් මොහොතේ දඬුවම් පහරෙන් පොලිස් බලාපොරොත්තු බිඳී යයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට සුපිරි ආරම්භයක් ලබා දෙමින් නාවික හමුදා කණ්ඩායම පෙරළිකාර පොලිස්

CR&FC කණ්ඩායමේ තරින්ද රත්වත්තගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර ඔහුගේ ආරම්භය නම් එතරම් සාර්ථක වූයේ නැත. CR කණ්ඩායමෙන් පන්දුව උදුරා ගත් CH&FC කණ්ඩායම පළමු මිනිත්තුවේම ප්‍රබල ආක්‍රමණයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සැමුවෙල් මධුවන්ත සමත් විය. (CH 03-00 CR)

CR&FC කණ්ඩායම පසුගිය වසරේ දී අවසන් කණ්ඩායම් හතර අතරට ඇද වැටීම නිසා ඔවුන්ට මේ වසරේ දී විදේශ ක්‍රීඩකයෙකු ඇතුලත් කර ගැනීමට අවස්ථාව හිමි වීම ඔවුන්ට අමතර ශක්තියක් විය. CH&FC කණ්ඩායමේ පුහුණුකරු ලෙස රොනී ඊබ්‍රහිම් මහතා ද CR&FC කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහුගේ සොහොයුරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා ද කටයුතු කිරීම විශේෂත්වයකි.

අනතුරුව තරගයේ පළමු වතාවට CH අර්ධය ආක්‍රමණය කළ CR ක්‍රීඩකයින් 12 වන මිනිත්තුවේ දී ලකුණු සමඟින් නැවත තමන්ගේ අර්ධයට පැමිණීමට සමත් වූයේ තරින්ද රත්වත්තගේ විශිෂ්ට ධාවනය නිසයි. තරින්ද CH ආරක්ෂක වළලු බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අතර ඔහු පන්දුව රෙහාන් සිල්වාට භාර දී, රෙහාන්ගෙන් පන්දුව ලබා ගත් සැමෝවා ජාතික ජෝසප් පළමු CR&FC උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අමතර ලකුණු එකතු කිරීම සඳහා තරින්ද කළ උත්සාහය ගෝල කණුවේ වැදී ඉවත ගියේය. (CH 03-05 CR)

ඊට මිනිත්තු පහකට පසු CH කණ්ඩායමට දඬුවම් පහරක් ලැබුණු අතර පසුගිය වසරේ සුපිරි ක්‍රීඩා විලාශය මෙම තරග වාරයටත් රැගෙන ආ බව මනාව පෙන්නුම් කරමින් සැමුවෙල් මධුවන්ත මීටර 40ක පමණ දුර සිටි අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (CH 06-05 CR)

2018/19 ‘Dialog’ රග්බි ලීගයට සියල්ල සූදානමින්

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම අනුග්‍රාහකයා වන ‘Dialog Axiata PLC’ සමාගම අඛණ්ඩව 7 වන වසරටත් ‘Dialog’ රග්බි ලීග්

21 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සීමාව ආසන්නයේම CR කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර ඉක්මනින් එම අවස්ථාව ලබා ගනිමින් උත්සාහක දිනුමක් කරා යෑමට තරින්ද උත්සහ කළත්, තරින්දගේ පන්දු යොමු කිරීම චරණ චාමිකර අවාසනාවන්ත ලෙස හරි හැටි ග්‍රහණය කර ගත්තේ නැත.

මිනිත්තුවෙන් මිනිත්තුව තරගයේ උණුසුම ඉතා ඉහළ ගිය අතර 25 වැනි මිනිත්තුවේ දී ‘Line out’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් CH ක්‍රීඩකයෝ දක්ෂ ලෙස සිය ඉදිරිපෙළ යොදා ගනිමින් පළමු වරට උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට සමත් වූහ. හැව්ලොක් කණ්ඩායමේ සිට CH කණ්ඩායම හා එක්වූ ප්‍රසාද් මදුසංක එම උත්සාහක දිනුම වාර්තා කළ අතර සමුවෙල් මධුවන්ත ඉතා අපහසු ප්‍රවර්තනයක් අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි. (CH 13-05 CR)

කණ්ඩායම් දෙකම වරින් වර පන්දුව හැසිරවීමේ දී යම් යම් අතපසුවීම් කළ අතර 30 වන මිනිත්තුවේ දී CR කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් පහසුවෙන් සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්ත සමත් විය. (CH 13-08 CR)

කෙවින් ඩික්සන් හා කවිඳු පෙරේරා සංකලනය CR&FC කණ්ඩායම් වෙනුවෙන් ඉතා සාර්ථක වන බව පෙනී ගිය නමුත් 33 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ දෙදෙනා අතර පන්දු හුවමාරුවක් වැරදී ගියේ ලකුණු කරා යාමට තිබූ අවස්ථාවක් අපතේ යවමිනි.

යුධ හමුදා බල බිඳිමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජය ගනී

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අද (9) ආරම්භ වූ අතර සිය පළමු තරගයේ දී ම යුධ

කෙසේ වෙතත් දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ රත්වත්ත ජොඑල් වෙත පන්දුව යොමු කළ අතර ඔහුගේ විශිෂ්ට ධාවනයෙන් පසු නැවත පන්දුව ලබා ගත් තරින්ද රත්වත්ත දෙවන CR උත්සාහක දිනුම කරා ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. රීසා රෆයිඩීන් පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (CH 13-15 CR)

ද්වන්ද මුෂ්ටි ප්‍රහාරය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යාමට CH කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වූ නමුත් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට සැමුවෙල් මධුවන්ත අසමත් විය. කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වීමට මොහොතක් තිබිය දී සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගෙන් පන්දුව ලබා ගත් CH&FC කණ්ඩායමේ නවීන් හේනකන්කානම්ගේ වේගවත් ධාවනයකින් සිය කණ්ඩායම වාසනාවන්ත උත්සාහක දිනුමක් හිමි කර දීමට සමත් විය. සැමුවෙල් එහි ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගන්නා ලදි. (CH 20-15 CR)

පළමු අර්ධය: CH & FC 20 – 15 CR & FC

දෙවන අර්ධයටත් උණුසුම් ආරම්භයක් ලබා දෙමින් 42 වැනි මිනිත්තුවේ දී CR&FC කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර අලංකාර පා පහරකින් පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට තරින්ද රත්වත්ත සමත් විය. (CH 20-18 CR)

ඊට මිනිත්තු තුනකට පසු සැමුවෙල් මධුවන්ත CH කණ්ඩායම වෙනුවෙන් තවත් දඬුවම් පහරක් ලබා ගත් තවත් අලංකාර පා පහරකින් ඔහු තවත් ලකුණු තුනක් ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් විය. (CH 23-18 CR)

අනතුරුව 46 වැනි මිනිත්තුවේ දී සැමෝවා ක්‍රීඩක ජෝසප් හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේ CR කණ්ඩායම දැවැන්ත අර්බුදයකට ඇද දමමිනි. ඊට මිනිත්තු දෙකකට පසු CH කණ්ඩායමේ අංක 7 ක්‍රීඩකයාට ද කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේ කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ගණන නැවතත් සම කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව CR ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් උත්සාහක දිනුම් සීමාව ඉතා ආසන්නයේ ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව ‘Knock on’ අවස්ථාවකට ලක් කළේ ඉතා ආසන්න අවස්ථාවක් අපතේ යවමිනි.

අනතුරුව කණ්ඩායම් දෙකම තියුණු සටනක නිරත වුනත් කණ්ඩායම් දෙකම සිදු කළ අතපසු වීම් නිසා එකදු කණ්ඩායමකට හෝ සාර්ථක වීමට නොහැකි වූ අතර විශේෂයෙන් CR ක්‍රීඩකයින් පන්දුව හැසිරවීමේ දී විවිධ දුර්වලතා සිදු කරනු දක්නට ලැබුණි. ඔවුන් නැවත නැවතත් Line out අවස්ථා ලබා ගැනීමේ දී අසාර්ථක වීම ඔවුන්ට දැඩි අවාසියක් විය.

66 වන මිනිත්තුවේ දී ප්‍රසාද් මධුසංක හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය උකහා ගත් CR ක්‍රීඩකයෝ තරින්ද රත්වත්තගේ පාදයෙන් දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තවත් ලකුණු 3ක් රැස් කිරීමට සමත් විය. (CH 23-21 CR)

ලකුණු දෙකක පරතරයෙන් තරගය නැවත ආරම්භ වූයේ කොළඹ හතේ රග්බි සටන තවත් තියුණු කරමිනි. අනතුරුව මීටර 50 සීමාවෙන් එපිට සිට තරින්ද රත්වත්ත දඬුවම් පහරකට උත්සහ කළ අතර මීටර 60ක පමණ දුරක සිට තරින්ද අලංකාර ලෙස එම අවස්ථාව සාර්ථක කළ ගත්තේ CR කණ්ඩායම එක් ලකුණකින් ඉදිරියට ගෙන යමිනි. (CH 23-24 CR)

එක් ලකුණක් සඳහා කණ්ඩායම් දෙකම තියුණු සටනකට ඇතුලත් වූයේ අවසන් මිනිත්තු කිහිපය ඉතා උණුසුම් කරමිනි. අවසන් මිනිත්තු කිහිපයේ දී CH කණ්ඩායමේ උත්සාහයන් සියල්ල නවතාලන්නට CR ක්‍රීඩකයෝ ප්‍රබල සටනක් ලබා දුන් අතර ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් CR&FC කණ්ඩායම සුපිරි තරගයක ජය තමන් සතු කර ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: CH&FC 23 (2T, 2C, 3P) – 24 (2T, 4P, 1C) CR&FC

ThePapare.com තරගයේ වීරයා – තරින්ද රත්වත්ත (CR&FC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ  

CH&FC කණ්ඩායම – ප්‍රසාද් මදුසංක (1T), සැමුවෙල් මධුවන්ත (2C, 3P), නවීන් හේනකන්කානම්ගේ (1T)

CR&FC කණ්ඩායම – තරින්ද රත්වත්ත (1T, 4P), ජෝසප් (1T), රීසා රෆයිඩීන් (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<