SAFF නිසා ශූරයින්ගේ කුසලානය පස්සට යයි

331

2018 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය මේ වසර අග භාගයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියි.

ජාතික පාපන්දු සංචිතය නිකුත් කෙරේ

පසුගිය පෙබරවාරි මාසයේ හා මාර්තු මාසයේ පැවති තෝරා ගැනීමේ තරගවලට පසුව ශ්‍රී ලංකා පාපන්දු..

තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට තීරණය කර ඇතත්, සැප්තැම්බර් තෙක් පමා නොකර ජුනි මාසයේ තරගාවලිය ආරම්භ කිරීමේ හැකියාව සොයා බැලීමට මේ වන විට සාකච්ඡා පැවැත්වේ.   

මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පැවසූවේ,

“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය සැප්තැම්බර් අග දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා, මේ තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා 2018 ඩයලොග් ශූරයින්ගේ කුසලානයට සහභාගි වන සියලු ක්‍රීඩා සමාජ සමඟ අප්‍රේල් 5 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේ දී පැවති හමුවකින් පසුවයි.”

මිතුදම් සඳහා වන පාපන්දු වැඩසටහන පළමු වරට ලංකාවේ දී

2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය…

තරගාවලිය කල් යාමට  ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික සංචිතය සැප්තැම්බර් 4 දා සිට 15දා තෙක් බංගලාදේශයේ දී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතා (SAFF) තරගාවලිය සඳහා සහභාගී වීමයි. ඒ සඳහා පුහුණු වීම් සැසි කිහිපයක් ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවෙන් පිටත දී පැවැත්වීමට නියමිතයි.

“සියලු ක්‍රීඩා සමාජ ප්‍රකාශ කළේ ඔවුන්ගේ ක්‍රීඩා කණ්ඩායම්වලට ජාතික කණ්ඩයම නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ සේවාව අනිවාර්යයෙන් අවශ්‍ය බවත්, එම නිසා ඔවුන් තරගාවලිය සැප්තැම්බර් මස අග භාගයේ ආරම්භ කිරීමට එකඟ බවත්ය.”

මේ වසරේ දී පොලිස් ක්‍රීඩා සමාජය හා මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වන අතර ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ ශූරයින් වූ රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය හා එහි අනුශූරයින් වූ රත්නම් ක්‍රීඩා සමාජය ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වනු ඇත.  

සොලිඩ් ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයෙක් රිනවුන් කණ්ඩායමට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම සොලිඩ් ක්‍රීඩා සමාජය…

අඛණ්ඩව තෙවන වරටත් 2017 වසරේ දී කොළඹ ක්‍රීඩා සමාජය තරගාවලියේ ශූරතාව දිනාගත් අතර අනුශූරතාව රිනවුන් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.  

තරගාවලියට සහභාගී වන ක්‍රීඩා සමාජ

කොළඹ පාපන්දු සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, නිව් යංග්ස් පාපන්දු සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, පෙලිකන්ස් ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, මාතර නගර ක්‍රීඩා සමාජය, සොලිඩ් ක්‍රීඩා සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය, මීගමුව යූත් ක්‍රීඩා සමාජය, ජාවා ලේන් ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය, රෙඩ් ස්ටාර් පාපන්දු සමාජය, රත්නම් ක්‍රීඩා සමාජය

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<