ගයන්තිකා හා ඉඳුනිල් මීටර 800 අවසන් මහා තරගවලට

550

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළලේ නවවන දිනය අදයි (27). අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මලල ක්‍රීඩා ඉසව්වලට සහභාගී වුනා.

වොලිබෝල් හා හොකී ක්‍රීඩකයින් පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කරයි

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ අටවැනි දිනය වූ ඊයේ (26) දිනයේත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක්ම බිඳ වැටුණු නමුත්…..

නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ පළමු වටයේ තරග සඳහා අද සහභාගී වූ අතර ගයන්තිකා පසු කරමින් නිමාලි අවසන් මහා තරගයට පිවිසීමට සමත් වුනා.

නිමාලි පළමු තේරීම් තරගයේ තරග කළ අතර ඇය මිනිත්තු 02:06.74කින් ඉසව්ව නිමා කළේ එම තරගයේ සිව්වැනි ස්ථානය දිනා ගනිමිනි.

ගයන්තිකා තෙවන තේරීම් තරගයේ තරග කළ අතර ඇය එම තරගයේ තෙවන ස්ථානය දිනා ගත්තේ 02:06.31ක කාලයකින් එම ඉසව්ව නිම කරමිනි.

තේරීම් තරගවල පළමු ස්ථාන ද්විත්වය හා වේගවත්ම පරාජිතයින් දෙදෙනා අවසන් මහා තරගයකට සුදුසුකම් ලබන හෙයින් ක්‍රීඩිකාවන් දෙදෙනාටම අවසන් ප්‍රතිඵලය පැමිණෙන තුරු බලා සිටීමට වූ අතර තත්පර 0.43 කින් නිමාලි පසු කළ ගයන්තිකා අවසන් මහා තරගයට පිවිසුණේ දෙවන වේගවත්ම පරාජිතයා ලෙසයි.

 

කාන්තා මීටර 800 අවසන් මහා තරගය හෙට (28) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06.00ට පැවැත්වීමට නියමිතයි.

අද දිනය කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නම් එතරම් සුබ දවසක් නොවිණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 84 පිරිමි කරාතේ තරග ඉසව්වට තරග කරන කවිඳු ලක්ෂිත චීනයේ Ma Zeyun හමුවේ ලකුණු 0-2ක් ලෙස පරාජය විය. කිලෝග්‍රෑම් 50 කාන්තා කරාතේ තරග ඉසව්වට තරග කරන දිනූෂා කුමාරි ඉන්දුනීසියාවේ Sari Sukatendel හමුවේ ලකුණු 0-8ක් ලෙස පරාජය විය.     

සචින් හා බුවනෙක තවත් පියවරක් ඉදිරියට; කාලිංග හා ප්‍රසාද් අවසන් මහා තරගයට

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන ඊයේ (25) දිනයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටියට පිවිසුණා. පෙර…..

නිලානි රත්නායක කාන්තා මීටර 3000 බාධක දිවීමේ අවසන් මහා තරගයට අද තරග කළ අතර එම ඉසව්වේ ජාතික වාර්තාවේ ද හිමිකාරිණිය වන ඇය තරගය අවසන් කළේ හයවැන්නා ලෙසයි. ඇයට ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාව වූ මිනිත්තු 9:46.47ක වාර්තාව අලුත් කිරීමට නොහැකි වූ අතර ඇය ඉසව්ව නිමා කළේ මිනිත්තු 9:54.65කිනි.

ඉඳුනිල් හේරත් පිරිමි මීටර 800 ඉසව්වේ මූලික තේරීම් තරගවලට අද සහභාගී වුණු අතර ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලක් වෙමින් ඔහු අවසන් මහා තරගයට පිවිසීමට සමත් විය. තෙවැනි ස්ථානයට ඉසව්ව නිමා කළ ඔහු මිනිත්තු 1:47.45කින් ඉසව්ව නිමා කළ අතර සෑම තේරීම් තරගයකම පළමු ස්ථාන දෙක හා වේගවත්ම පරාජිතයින් දෙදෙනා අවසන් මහා තරගයට පිවිසෙන හෙයින් අවසන් ප්‍රතිඵලය පැමිණෙන තෙක් ඔහුට බලා සිටීමට සිදු විය. තේරීම් තරග තුන අවසානයේ වේගවත්ම පරාජිතයින් දෙදෙනා අතරට පිවිසුණු ඉඳුනිල් හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට පිවිසීමේ වරම් හිමිකර ගන්නා ලදි.    

කාන්තා හා පිරිමි මීටර 800 අවසන් මහා තරගවලට හෙට ගයන්තිකා හා ඉඳුනිල් සහභාගී වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වන තවත් ඉසව් කිහිපයක් හෙට (28) පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරුත් අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<