දිනුක පියවරක් ඉදිරියට යද්දී හොකී ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරයි

345

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සයවැනි දින වූ ඊයේ (24) දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් තරග බිමට පිවිසුණු අතර බැඩ්මින්ටන් හා හොකී ඉසව්වලින් හැරෙන්නට සයවැනි දිනයේ ද සැලකිය යුතු තරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූයේ නැහැ.

බැඩ්මින්ටන්, වොලිබෝල් කණ්ඩායම් තරමක් හෝ දස්කම් අතරට

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන පස්වැනි දිනය වන අද (23) දිනයේ ද ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු රැසක් බිඳ වැටුණා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම…

ශ්‍රී ලංකා පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම උදෑසනම තරග බිමට පිවිසුණු අතර පිරිමි Quadruple Sculls ඉසව්ව මිනිත්තු 6.57.41කින් නිමා කළත් ඔවුන්ට තරගයේ හිමි වූයේ අටවැනි ස්ථානයයි.

සවස් වරුවේ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් සිය අවසන් 32 වටයේ තරගවලට පිවිසුණු අතර ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරමින් නිලූක කරුණාරත්න තායිලන්තයේ Phetpradab Khosit වට 2-0 ක් ලෙස පරාජය වී තරගාවලියෙන් ඉවත් විය.

දිනයේ පළමු ශ්‍රී ලංකා ජය වාර්තා කළ ඔහුගේ සහෝදර දිනුක කරුණාරත්න මැකාවු හි Pui Pang Fong පරාජය කරමින් 16 දෙනාගේ වටයට පිවිසුණේ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවත් අඩියක් ඉදිරියට රැගෙන යමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ සවස කේෂානි හංසිකා බොක්සිං වළල්ලට පිවිසුණු අතර ඇය තරග වැදුණේ කාන්තා ෆෙදර් වේට් (කිලෝග්‍රෑම් 57) බර පන්තියෙන් කසකස්තානයේ සානියා සුල්තාන්කිසි සමඟයි. කෙසේ වුවත් විනිසුරුවන්ගේ 5:0 ඒකමතික තීරණයෙන් කේෂානිට 32 වටයෙන් ඉවතට විසිවීමට සිදු විය.

දිනයට සතුටුදායක අවසානයක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළේ හොං කොං-චීනයට එරෙහිවයි.

මැතිව් ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසය අලුත් කරයි

ශ්‍රී ලංකා පිහිනුම් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නට මැතිව් අබේසිංහ සමත් වුනා. ඒ අද උදෑසන පැවති…

ජපානය හා කොරියාව හමුවේ ශ්‍රී ලංකාව සිය පළමු තරග දෙක පරාජය වූ අතර ජයග්‍රහණයක් අවශ්‍යම වූ මොහොතේ හොං කොං-චීනය හමුවේ ගෝල 4-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

අද (25) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා ඉසව් සඳහා පිවිසීමට නියමිත අතර එම තරගවල තොරතුරු ද අප ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<