සියලු බලාපොරොත්තු 400X4 සහය දිවීමේ කණ්ඩායම මත පැටවේ

384

18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 11 වන දිනය ඊයේ නිමාවට පත්විය. ඊයේ (29) දිනයේ අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුව වූ 400X4 සහය දිවීමේ කණ්ඩායම පිටියට පිවිසුණු අතර අනෙකුත් තරග ඉසව් කිහිපයක් ද පැවැත්විය.

ගයන්තිකාගේ, රුමේශිකාගේ හා ඉඳුනිල්ගේ බලාපොරොත්තු බිඳ වැටේ

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වන දිනය අදයි (28 දා). අද දිනයේ…

ඊයේ උදෑසන මේසපන්දු තරගවලට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වූ අතර මිශ්‍ර යුගල ඉසව්වේ අවසන් 32 වටයේ තරගයට ඉමේෂ් රණසිංහ හා ඉෂාරා මදුරංගි එක්විය. කෙසේ වුවත් ඔවුන් දෙදෙනා වට 3-0ක් ලෙස පරාජය කිරීමට තායිලන්තයේ ක්‍රීඩකයින් දෙදෙනෙක් සමත් විය.

අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුව වූ ශ්‍රී ලංකා මීටර 4X400 සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ මූලික තරගවලට එක්වූ අතර එහි දී ඔවුන් සිය තේරීම් තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගන්නා ලදි. අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර හා කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ කණ්ඩායමට ඇතුලත් වේ.

සමස්ත ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානය ඔවුන්ට හිමි වී ඇති අතර කටාර්, ජපානය, බහරේනය හා ඉන්දියාව ඔවුන්ට ඉදිරියෙන් රැඳී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීටර 400X4 සහය දිවීමේ අවසන් මහා තරගය අද (30) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 7.10ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන සත් සාමාජික රග්බි තරගාවලිය ද අද ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු හා තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<