ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට

852
Asia cup

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍ය  වෙත ලබා දීමට ICC තීරණය කර ඇත.

ආසියානු ක්‍රිකට් කුසලානයේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට?

2018 ආසියානු කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව, පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම …

පාකිස්තානු ක්‍රිකට් ආයතනය ඉන්දියාවේ තරග වැදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආසියානු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර තිබුණ ද, එම කාල සමය තුළ ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසාවෙන් එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

සැප්තැම්බර් 13 වැනිදා සිට සැප්තැම්බර් 18 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථානය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති දේශපාලනික අර්බුදකාරී තත්වය නිසාවෙනි.

සංගක්කාරට ජාත්‍යන්තර උපදේශක තනතුරක්

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන …

“ආසියානු ක්‍රිකට් කවුන්සිලය වශයෙන් අපට වෙන කිසිදු විකල්පයක් නොමැති නිසා තමා අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙම තරගාවලිය පැවැත්වීමට තීරණය කළේ.” යැයි ආසියානු ක්‍රිකට් කවුන්සලයේ හා පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපති වන නජාම් සෙතී මහතා ESPN cricinfo වෙබ් අඩවිය සමඟ කළ සාකච්ඡාවක දී පවසා ඇත.

මෙවර තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තාන යන රටවල් පූර්ණ සාමාජිකයන් ලෙස නිතරගයෙන්ම සුදුසුකම් ලබා ගන්නා අතර එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, නේපාලය හා ඕමාන කණ්ඩායම් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග සංචාරයේ දින තීන්දුයි

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ජූලි මස 12 වැනිදා සිට අගෝස්තු මස 14 වැනිදා…

2016 වර්ෂයේ දී අවසන් වරට පැවැත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේ සත්කාරකත්වය දැරූ බංග්ලාදේශ කණ්ඩායම තියුණු සටනකට පසුව පරාජය කරමිනි. 2016 වසරේ දී විස්සයි විස්ස තරග රටාවට අනුව පැවැත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊට පෙර වසර 12ක දී පවත්වා ඇත්තේ පන්දුවාර 50 තරග ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<