නැවියන් ජය පැන් බොද්දී ගුවන් භටයින් හිස් අතින් ගෙදර යයි

310

සති 15කට ආසන්න කාලසීමාවක් පුරාවට ශ්‍රී ලාංකීය රග්බි පිටිය දෙවනත් කරමින් මෑත ඉතිහාසයෙහි පැවති උණුසුම්ම අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙහි අවසන් සතිඅන්තය ආරම්භ කරමින් ඊයේ (1) සත්කාරක නාවික හමුදා කණ්ඩායම සහ ප්‍රතිවාදී ගුවන් හමුදාව අතර පලිහ ශූරතා තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගයෙන් ලකුණු 41-21ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගැනීමට තිළිණ වීරසිංහ ප්‍රමුඛ නාවික හමුදා කණ්ඩායම සමත් විය

සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ කුසලානයේ අවසන් අසුන් සඳහා…

පසුගිය තරගවාරයෙහි ලීග් අනුශූරයින් ලෙස කිරුළු පැලඳි ප්‍රබල නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම මෙවර තරග බිමට පිවිසුණේ සිය ආධිපත්‍යය රග්බි පිටිය සිසාරා නැවත වරක් පතුරවාලීමේ ඒකායන අරමුණින් වුවත්, එම අරමුණ සිතැඟි පරිදි සාක්ෂාත් කරගැනීමට ඔවුන් අපොහොසත් වූයේ සහභාගී වූ තරග 15න් හරි අඩකටත් වඩා වැඩි සංඛ්‍යාවක් පරාජය වීමට සිදු වූ නිසාවෙනි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ද මෙවර තරගාවලියේ දී බලාපොරොත්තු වූ අන්දමින්  දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූයේ නිසි පරිදි පීඩනය හසුරවා ගනිමින් සාර්ථක තරග අවසානයක් කරා කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කළ යුතු බොහෝ වේලාවන්හි එම වගකීම නිසි පරිදි ඉටු කිරීමට ඔවුන් අපොහොසත් වූ නිසාවෙනි.

කෙසේ නමුත් ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයෙහි රැඳී සිටි නාවික හමුදා කණ්ඩායමට මෙන්ම අටවැනි ස්ථානයෙහි පසු වූ ගුවන් හමුදාවට අතිශය තීරණාත්මක තරගයක් වූ මෙම තරගය අතිශය උණුසුම් අවසානයක් කරා ඇඳෙනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය.

නාවික හමුදා නියමු තිළිණ වීරසිංහගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු විනාඩියේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කිරීමට නාවික හමුදා ක්‍රීඩකයින් වඩාත් යුහුසුලු වූ අතර එම නිසාවෙන්ම ලකුණු පුවරුව සක්‍රිය කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ඔවුන්ට වැඩි වේලාවක් ගතකිරීමට අවශ්‍ය නොවීය. රවීන් ද සිල්වාගේ සුරතින් වාර්තා වූ අපූර්ව උත්සාහක දිනුම ඉතා පහසුවෙන් ප්‍රවර්තනය කිරීමට තිළිණ වීරසිංහ සමත් විය. (නාවික 07-00 ගුවන්)

සුපිරි සති අන්තයේ ශූරයින්ගේ රැඟුම් කෙසේ නිමා වෙයි ද?

තරගකාරී සති 15 අවසානයේ 2018/19 අන්තර් සමාජ රග්බි ශූරතාවයේ කුසලානයේ අවසන් අසුන් සඳහා…

නැවියන්ගේ ප්‍රවේගකාරී ක්‍රීඩා රටාව හමුවේ ගුවන් ක්‍රීඩකයින් තරමක පසුගාමී තරග විලාසයක් පෙන්නුම් කළ අතර නිර්මාණය වෙමින් තිබූ පීඩනය නිසියාකාරව හසුරුවා ගැනීමට අපොහොසත් වීම නිසාවෙන් නොවිය යුතු ගණයේ අත්වැරදීම් රාශියක් ගුවන් ක්‍රීඩකයින් අතින් සිදු වනු දක්නට ලැබීය.

ඒ අනුව ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් නාවික හමුදා ක්‍රීඩක චතුර සෙනෙවිරත්න උදාකරගත් දඬුවම් පහරක් ඉතා සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරීමට සමත් විය. (නාවික 1000 ගුවන්)

ඉන් අනතුරුව එළඹි කාලසීමාව තුල දී දෙපිලේම ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු පාලනය වඩාත් කැපී පෙනුණු අතර එය තරගයේ රිද්මය ඒකාකාරීව පවත්වා ගෙන යාමට බාධා ගෙන දෙන ප්‍රබල සාධකයක් බවට විය.

කෙසේ නමුත් පිළිවෙළින් 28 විනාඩියේ දී සහ 35 විනාඩියේ දී නාවික හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ බුද්ධිම පියරත්න සහ චතුර සෙනෙවිරත්න දෙදෙනා දැකුම්කළු උත්සාහක දිනුම් ද්විත්වයකින් ගුවන් හමුදාවට සංග්‍රහ කළේ තරගය පිළිබඳ ඔවුන් තබා තිබූ බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගෙන් උදුරා ගනිමිනි. නමුත් එහි ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට තිළිණ සහ සන්සෝනි අසමත් විය.(නාවික 20-00 ගුවන්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

39 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ තිළිණ වීරසිංහ සිය අන්තයේ සිට ගුවන් හමුදා ක්‍රීඩකයින් පස් දෙනෙකු පමණ මුලා කරමින් වේගවත් ධාවනයක නිරත වෙමින් ඉදිරියට ඇඳුණේ නියත උත්සාහක දිනුමකට මංපෙත් විවර කරමිනි. ඒ අනුව තමන් නිර්මාණය කළ අගනා අවස්ථාව තමා විසින්ම නිම කළ යුතු බව තීරණය කළ තිළිණ දර්ශනීය උත්සාහක දිනුමක් සිය කණ්ඩායමට තිළිණ කළේ එම අර්ධය පුරාවට ඔවුන් පෙන්නුම් කළ ආක්‍රමණශීලී තරග රටාවට මනා සාධාරණයක් ඉටු කරමිනි. (නාවික 27-00 ගුවන්)

පළමු අර්ධය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 27 (4T,2C,1P) – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ප්‍රථම අර්ධයේ දී තමන් අතින් සිදු වූ අඩුපාඩු පිළිබඳ යම් අවබෝධයකින් යුතුව නැවත වතාවක් තරගයට පිවිසි ගුවන් භටයින් සිය කණ්ඩායමේ විනය පිළිබඳ වඩාත් කල්පනාකාරීව කටයුතු කරමින් තරග කිරීමට පෙලඹුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුවේ සිය අන්තය පණ ගැන්වීමට ගුවන් භටයින් සමත් වූ අතර එහි වැඩි ගෞරවය සූර්ය ක්‍රිශාන් හට හිමි විය. ගයන්ත ඉද්දමල්ගොඩ විසින් යොමු කළ පන්දුව ආරක්ෂිතව ධවල රේඛාවෙන් ඔබ්බට ගෙන යාමට ඔහුගේ උත්සහය ප්‍රමාණවත් විය. එහි අමතර ලකුණු එක් කිරීමේ කාර්යභාරය චරිත් සෙනෙවිරත්න විසින් සාර්ථකත්ව ඉටු කරන ලදි. (නාවික 27-07 ගුවන්)

පලඟ ශූරතාවයට තරග කරන කණ්ඩායම්වල පැටිකිරිය

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන වටයේ තරග මේ වන විට අවසන්…

නොසිතූ මොහොතක එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් තරමක් වික්ෂිප්ත වූ නාවිකයින් නැවත සංවිධානය වෙමින් යලි සිය ලකුණු රැස් කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේ ගුවන් ක්‍රීඩක ඉෂාර මධුෂාන් අතින් සිදු වූ අත්වැරදීමක් සිය වාසියට හරවා ගනිමිනි. ඒ අනුව ලකුණු රැස් කිරීමට ලැබුණු එම පහසු අවස්ථාව සිය දෑතින්ම පිළිගත් රවීන් ද සිල්වා දෙවන වතාවටත් උත්සාහක දිනුම් රේඛාව අභිබවා ගියේ නාවික හමුදා කණ්ඩායමේ ලකුණු පුවරුව තවදුරටත් පෝෂණය කරමිනි. ස්ටෙෆාන් සන්සෝනි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (නාවික 34 – 07 ගුවන්)

තරගය ජය ගැනීමට නම් සිය මන්දගාමී  ක්‍රීඩා විලාසය පසෙකට තබා ආක්‍රමණශීලී වේගවත් මුහුණුවරකින් තරගයට අවතීර්ණ විය යුතු බව වටහා ගත් ගුවන් ක්‍රීඩකයින් නාවික හමුදාවට එරෙහිව විනාඩි 10ක කාල සීමාවක් තුල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වීමත් සමඟම තරගයේ උණුසුම දෙගුණ තෙගුණ විය. එම අවස්ථාවන් දෙකෙ හිදීම ගුවන් හමුදාව වෙනුවෙන් අගනා සේවයක් ඉටු කිරීමට කුෂාල් මනුප්‍රිය සමත් වූයේ සිය සඟයින්ගේ වෙහෙස මහන්සියට නිසි වටිනාකමක් එක්කිරීමේ කර්තව්‍යයේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම නිසාවෙනි. නුවන් පෙරේරා මෙම අවස්ථා දෙකෙ හිදීම ගෝල කණු අතරින් පන්දුව පා කර හැරීමට සමත් විය. (නාවික 34 – 21 ගුවන්)

ගුවන් සිහින අවසන් මොහොතේ දී බිඳ දමමින් යුධ ක්‍රියාන්විතය ජය ගනී

ශ්‍රී ලාංකීක රග්බි ක්‍රීඩාලෝලීන් වෙත නවමු ආකාරයේ අත්දැකීමක පහස විඳ ගැනීමට අවකාශය සලසා…

නමුත් තරගය නිමා වීමට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී සාලිය හඳපාන්ගොඩ සහ සන්සෝනි සුසංයෝගය විසින් වාර්තා කළ ප්‍රවර්තිත උත්සාහක දිනුමත් සමඟම තරගයේ ජය නියත වශයෙන්ම තහවුරු කරගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් වූ අතර ගුවන් හමුදාව දෙවන අර්ධයේ දී ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය. (නාවික 41-21 ගුවන්)

අවසන් ලකුණු තත්වය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 41 (6T,4C,1P) – 21 (3T,3C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රවීන් ද සිල්වා (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ –

නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – රවීන් ද සිල්වා 2, බුද්ධිම පියරත්න 1, චතුර සෙනෙවිරත්න 1, තිළිණ වීරසිංහ 1, සාලිය හඳපාන්ගොඩ 1
  • ප්‍රවර්තන – තිළිණ වීරසිංහ 1, චතුර සෙනෙවිරත්න 1, ස්ටෙෆාන් සන්සෝනි 2
  • දඬුවම් පහර – චතුර සෙනෙවිරත්න 1

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

  • උත්සාහක දිනුම් – සූර්ය ක්‍රිශාන් 1, කුෂාල් මනුප්‍රිය 2
  • ප්‍රවර්තන – චරිත් සෙනෙවිරත්න 1, නුවන් පෙරේරා 2

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<