මධුවන්තගේ කැපකිරීම් මහනුවර හමුවේ ව්‍යර්ථ වෙයි

941

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ කුසලාන කාණ්ඩයේ දෙවන තරගයේ දී, ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගත් මහනුවර ක්‍රීඩා සමාජය හා තුන්වැනි ස්ථානය ලබා ගත් CH&FC කණ්ඩායම අවසන් තරගයට පිවිසීම සඳහා තරග බිමට පිවිසියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ය.

එහි දී ලකුණු 31-13ක් ලෙස ජයග්‍රහණය දිනා ගත් මහනුවර ක්‍රීඩා සමාජය එළඹෙන සතියේ හැව්ලොක් කණ්ඩායම සමඟින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සුපිරිතම පසුපෙළක් සමඟින් රග්බි උරුමක්කාරයෝ සටනට

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා පිටියට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ්…….

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ සහ දෙවන වටයේ තරග පසුගිය සතියේ නිමා වූ අතර එතෙක් තරගාවලියේ පෙරමුණ ගෙන සිටි මහනුවර ක්‍රීඩා සමාජය දෙවන ස්ථානය දක්වා ඇද දැමීමට සමත් වූ හැව්ලොක් ක්‍රීඩකයෝ සුපිරි වටය ආරම්භ කළහ.

මෙම සුපිරි වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහි දී හැව්ලොක්, මහනුවර, CH&FC, CR&FC කණ්ඩායම් කුසලානය සඳහා ද, යුද, නාවික, ගුවන්, පොලිස් කණ්ඩායම් පලඟ සඳහා ද තරග වදිනු ඇත. කුසලාන කාණ්ඩයේ පළමු තරගය සඳහා හැව්ලොක් කණ්ඩායම සමඟින් CR&FC කණ්ඩායම තරග වැදුණු අතර එහි ජයග්‍රහණය ලකුණු 21-14ක් ලෙස ලබා ගත් හැව්ලොක් කණ්ඩායම අවසන් තරගය සඳහා තම අසුන වෙන්කර ගත්හ.

තරගාවලියේ පළමු වටයේ මහනුවර කණ්ඩායම CH&FC කණ්ඩායම පරාජය කළේ ලකුණු 38-22ක් ලෙසිනි. නමුත් CH කණ්ඩායම දෙවන වටයේ දී මහනුවර කණ්ඩායම ලකුණු 33-17ක් ලෙස පරාජය කරමින් එම වටය අපරාජිතව නිමා කිරීමට සමත් විය.

අතිදැවැන්ත ප්‍රේක්ෂක සහභාගීත්වයක් සමඟින් තරගය උද්වේගකර වී තිබූ අතර සැමුවෙල් මදුවන්ත තරගයේ ආරම්භක පා පහර එල්ල කරන ලදි. තරගයේ 3 වන මිනිත්තුවේ දී මීටර් 50 සීමාවේ සිට එල්ල කරන ලද ඩ්‍රොප් ගෝලයක් මගින් CH කණ්ඩායම තම ලකුණු ලබා ගැනීම ආරම්භ කළහ. (CH 03-00 Kandy)

දඬුවම් පහරක් මගින් මහනුවර සීමා ඉර ආසන්නයට පන්දුව ගෙන ආ CH ක්‍රීඩකයන්ට මහනුවර ඉදිරිපෙළ බිඳ දැමීමට නොහැකි වීම නිසා උත්සාහක දිනුමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේය. තරගයේ මුල් මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකේම scrum අවස්ථා දුර්වල වූ අතර දඬුවම් පහරවල් කිහිපයක්ම ලබා දීමට විනිසුරුවන්ට සිදු විය.

වීරයන් මුණගැසෙන සුපිරි වටයේ ජය කාටද?

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හා දෙවන….

තරගයේ 13 වැනි මිනිත්තුවේ දී තවත් දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට CH කණ්ඩායම අවස්ථාව හිමි වූ අතර එය අසාර්ථක විය.

තරගයේ 16 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩක ඔශාන් පෙරේරාට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. එම අවස්ථාවේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත් සැමුවෙල් මදුවන්ත CH ලකුණු තත්ත්වය ලකුණු 6 දක්වා ඉහළ දැමීමට සමත් විය. (CH 06–00 මහනුවර)

මහනුවර කණ්ඩායම 19 වැනි මිනිත්තුවේ දී සාර්ථකව CH අර්ධය ආක්‍රමණය කළ අතර මහනුවර ලබා ගත් දඬුවම් පහරක් අසාර්ථක වීම නිසා ලකුණු ලබා ගැනීමට නොහැකි විය. 23 වැනි මිනිත්තුව වන විට CH සීමාව ආසන්නයට පැමිණි මහනුවර කණ්ඩායම එවර ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ තිළිණ විජේසිංහ ලබා ගත් දඬුවම් පහරක් මගිනි. (CH 06–03 මහනුවර)

මහනුවරට ලකුණු ලබා ගැනීමේ ආසන්න අවස්ථාවක් අවාසනාවන්ත ලෙස මඟ හැරී ගියේ පන්දුව සීමා ඉර ආසන්නයේ දී Knock-on වීම නිසාවෙනි. 28 වැනි මිනිත්තුව වන විට මහනුවර කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම මගහැරී යාම විශේෂත්වයකි.

තරගයේ කීප අවස්ථාවක දී ම ප්‍රතිවාදී සීමා ඉර ආසන්නයේ දී පන්දුව ගිලිහී යාම් කණ්ඩායම් දෙකෙන්ම දක්නට ලැබුණු අතර ලකුණු ලබා ගැනීමේ පහසු අවස්ථා කීපයක්ම අසාර්ථක විය.

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 06 – 03 මහනුවර ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය නයිජල් රත්වත්තේ විසින් ආරම්භ කළ අතර මුල් මිනිත්තුවේ දී ම මහනුවරට උත්සාහක දිනුම් අවස්ථාවක් මගහැරී ගියේය. ඒ අවසරයෙන් පන්දුව සීමා ඉරෙන් තරමක් දුරට රැගෙන ඒමට CH සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ 43 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් සිහිනය සැබෑ කර ගත් මහනුවර කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එය නයිජල් රත්වත්තේ විසින් වාර්තා කළ අතර ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ තිළිණ විජේසිංහ විසිනි. (CH 06–10 මහනුවර)

මහනුවර කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ තරගයේ 60 වැනි මිනිත්තුවේ දී ය. ඒ අනුරුද්ධ විල්වර විසින් ලබා ගත් අති දක්ෂ උත්සාහක දිනුමත් සමඟිනි. අපහසු ප්‍රවර්තනයක් වූ එම ප්‍රවර්තනය සාර්ථක කර ගත් තිළිණ විජේසිංහ මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 17ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. (CH 06–17 මහනුවර)

ගුවන් සිහින අවසන් මොහොතේ දී බිඳ දමමින් යුධ ක්‍රියාන්විතය ජය ගනී

ශ්‍රී ලාංකීක රග්බි ක්‍රීඩාලෝලීන් වෙත නවමු ආකාරයේ අත්දැකීමක පහස විඳ…..

මහනුවර ප්‍රබල ආක්‍රමණයක් දියත් කරමින් CH සීමා ඉර ආසන්නයට පන්දුව රැගෙන ආවේ CH ඉදිරිපෙළ අසරණ කරමිනි. සාර්ථකව මහනුවරට අභියෝගයක් එල්ල කළ CH කණ්ඩායම වෙනුවෙන් සැමුවෙල් මදුවන්ත උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ 63 වන මිනිත්තුවේ දී ය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරයි. (CH 13–17 මහනුවර)

69 වැනි මිනිත්තුවේ දී මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ CH කණ්ඩායම උත්සාහක දිනුමක ආසන්න අවස්ථාවක් නැවතත් අසාර්ථක කර ගත් අතර පන්දුව අවදානම් කලාපයෙන් ඉවතට ගැනීමට මහනුවර සමත් විය.

කණ්ඩායම් දෙකම උද්වේගකර තරගයක නියැලුණු අතර පන්දුව කණ්ඩායම් දෙක අතරම දෝලනය වන ආකාරයක් දක්නට ලැබුණි. මහනුවර කණ්ඩායම තවත් අතිදක්ෂ පන්දු වැළැක්වීමක් මගින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර නයිජල් රත්වත්තේ විසින් 77 වැනි මිනිත්තුවේ දී සැමුවෙල් මදුවන්ත එල්ල කිරීමට උත්සාහ කළ පා පහරක් වළක්වා ගනිමින් එම උත්සාහක දිනුම වාර්තා කළේය. තිළිණ විජේසිංහ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (CH 13–24 මහනුවර)

හපුගොඩගේ ප්‍රහාරයෙන් සුපිරි වටයේ මංගල ජය හැව්ලොක්ට

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටය ආරම්භ කරමින් …..

මහනුවර කණ්ඩායම ක්‍රමයෙන් තම ග්‍රහණය දැඩි කළ අතර CH ඉදිරිපෙළ සාර්ථකව බිඳ දැමීමට සමත් විය. එහි උපරිම ප්‍රයෝජනය ලබා ගත් මහනුවර වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් 79 වැනි මිනිත්තුවේ දී තිළිණ විජේසිංහ වාර්තා කළ අතර මහනුවරට ජයග්‍රාහී අවසානයක් එමගින් හිමි විය. (CH 13–31 මහනුවර)

ඒ අනුව 2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ කුසලානය සඳහා වන අවසන් තරගයේ තම අසුන වෙන්කර ගැනීමට මහනුවර සමත් විය.

මෙම තරගය පුරාවට කණ්ඩායම් දෙකෙහිම handling errors ගණන වැඩි අගයක් ගත් අතර පහසු උත්සාහක දිනුම් කීපයක්ම සීමා ඉර ආසන්නයේ දී මගහැරි යාම විශේෂත්වයකි. මෙහි දී scrum අවස්ථා රැසක් දඬුවම් පහරවල් බවට පත්වූයේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ අත්වැරදීම් නිසාවෙනි.

සමස්තයක් ලෙස මහනුවර කණ්ඩායමේ ඉදිරිපෙළ ආක්‍රමණ ප්‍රබල ලෙස CH කණ්ඩායමට අභියෝගයක් වූ අතර මහනුවර මැදපෙළ මනා අවබෝධයක් සහිතව පන්දුව නිසි ලෙස යොමු කරමින් ජයග්‍රහණයට මනා සහයක් ලබා දුන්නේය. තිළිණ විජේසිංහ මෙම තරගයේ දඬුවම් පහරක්, උත්සාහක දිනුමක් හා ප්‍රවර්තන 4ක් ද සමඟින් ලකුණු 18ක් කණ්ඩායමට එක් කිරීම කැපී පෙනුනි.

අවසන් ලකුණු තත්ත්වය: CH&FC කණ්ඩායම 13 (1D, 1T, 1P, 1C) – 31 (4T, 1P, 4C) මහනුවර ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: නයිජල් රත්වත්තේ

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

CH&FC: සැමුවෙල් මදුවන්ත (1D, 1T, 1P, 1C)

මහනුවර: නයිජල් රත්වත්තේ (2T), අනුරුද්ධ විල්වර (1T), තිළිණ විජේසිංහ (1T, 4C, 1P)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<