අමිහිරි මතක මකා දමමින් පොලීසිය පලඟ ශූරතාව දිනති

165

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය ඊයේ (02) වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර මෙහි දී ලකුණු 27-50ක් වශයෙන් තරගය ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වුනා.

අවසන් මොහොතේ CH ප්‍රහාරය වතුරේ – CR ජය ගනී

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටයේ අවසාන සති අන්තය ආරම්භ කරමින් අද (2)…

තරගයේ දෙවන මිනිත්තුවේ දී ගිහාන් සිල්වා විසින් වාර්තා කළ උත්සාහක දිනුම සමඟින් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු රැස් කරන්නට පටන් ගත් අතර එහි ප්‍රවර්තනය ජනිත් චන්දිමාල් විසින් සාර්ථක කර ගනු ලැබුවා. (පොලිස් 07–00 යුද හමුදා)

එම උත්සාහක දිනුම වාර්තා වී මොහොතක් ගත් වූ විගසම සිය ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් රැස් කිරීමට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වුනා. පොලිස් ක්‍රීඩකයින්ගේ දුර්වල ස්ථානයකින් වාසිය ලබා ගත් ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක රිස්වි මොහොමඩ් එම ලකුණ ලබා ගත් අතර එය ප්‍රවර්තනයකින් වර්ණවත් කළේ ඉසුරු මැදගෙදර විසිනි. (පොලිස් 07–07 යුද හමුදා)

නැවත වතාවක් පන්දුව අතට ගත් යුද හමුදා කණ්ඩායමේ ධනුෂ්ක එදිරිසූරිය සිය උත්සාහක දිනුම් රේඛාව වෙත දිව ගිය නමුත් පොලිස් ක්‍රීඩකයින් විසින් ඔහුව නැවැත්වීමට සමත් වුනා. විටෙන් විට අත්වැරදීම් සිදු කරමින් ගෙන යන ක්‍රීඩා රටාව පොලිසිය වෙත අවාසි සහගත තත්වයක් ගෙන දුන්නා. ඔවුන්ගේ එවැනි දෝෂයක් නිසා යුද හමුදාවට දඬුවම් පහරක් පිරිනැමුණු අතර එය සාර්ථක කර ගැනීමට ඉසුරු මැදගෙදර සමත් වුනා. හොඳ තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරමින් හමුදා ක්‍රීඩකයින් ඉදිරියට යාමට ගත් උත්සාහයන්ට ප්‍රතිරෝධීව කටයුතු කිරීමට පොලීසියට හැකි විය.

යම් කිසි නීති කඩ කිරීමක් හේතුවෙන් කහ කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත් වීමට මොහාන් ධනුෂ්ක සහ හට සිදු වූ අතර පිට පිට දෙවැනි වතාවටත් දඬුවම් පහරක් හිමි වූවද යුද හමුදා නායක උපුල් අබේරත්න හට එය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (පොලිස් 07–10 යුද හමුදා)

වේලාවක් ගත වූ පසුව පොලිස් කණ්ඩායම යම්කිසි රිද්මයකට පැමිණෙමින් තිබූ අතර රෝලිං මෝල් ක්‍රමයට සිය ප්‍රතිවාදීන් ගෝලය දෙසට පසුබස්සවමින් ඉදිරියට ගිය යුද හමුදාව සිය දෙවන උත්සාහක දිනුම ලබා ගත්තා. ධනුක විජේතිලක විසින් වාර්තා කළ එහි ප්‍රවර්තනය ඉසුරු මැදගෙදර විසින් සාර්ථක කර ගනු ලැබුවා. (පොලිස් 07–17 යුද හමුදා)

නැවියන් ජය පැන් බොද්දී ගුවන් භටයින් හිස් අතින් ගෙදර යයි

සති 15කට ආසන්න කාලසීමාවක් පුරාවට ශ්‍රී ලාංකීය රග්බි පිටිය දෙවනත් කරමින් මෑත ඉතිහාසයෙහි…

තමන් අත්කර ගනිමින් සිටි රිද්මය අමතක නොකළ පොලිස් කණ්ඩායම කාලයෙන් ප්‍රයෝජනය ගනිමින් ඉවසිලිවන්තව ක්‍රීඩා කළා. මොහොතකින් ක්‍රියාත්මක වූ ජනිත් චන්දිමාල් තරගයේ තිස්වැනි මිනිත්තුවේ දී  රැස් කළ උත්සාහක දිනුම ප්‍රවර්තනයකින් හැඩ කිරීමට ජනිත් චන්දිමාල්ට නොහැකි විය.

මේ අතර ගිහාන් සිල්වා හට තමන්ගේ කණ්ඩායමට යුද හමුදාව සම කිරීමට හෝ අභිබවා යාමට තිබූ අවස්ථාවක් මග හැරී ගියේ තමන් ඉදිරියේ ගෝලය වෙත දිව යාමට ඕනෑ තරම් ඉඩ තිබිය දී පන්දුව රැගෙන ඒ  වෙත යමින් සිටින විට ‘Knock On’ වීමෙනි.

මෙහි දී පන්දුව සියතට ගත් ඉසුරු මැදගෙදර මීටර් 20ක් පමණ ඉදිරියට දිව ගියේ උත්සාහක දිනුමකට වඩාත් ආසන්න වෙමිනි. ඔහුගේ අවාසනාවකට ඊට හරස් වූ පොලිස් ක්‍රීඩකයින් ඉසුරුව නැවැත්වීමට සමත් වුනා. කෙසේ නමුත් ඉන්පසුව පන්දුව අත්කර ගැනීම සඳහා දෙපිළේම ක්‍රීඩකයින් පොරබදන විට පොලිස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ නීති කඩ කිරීමක් නිසා නැවතත් දඬුවම් පහරක් යුද හමුදාවට හිමි විය. එය ද සාර්ථකව එල්ල කළේ ඉසුරු මැදගෙදර විසිනි. (පොලිස් 12–20 යුද හමුදා)

මීටර් 50 රේඛාවටත් පසුපසින් හිඳිමින් ඉසුරු මැදගෙදර සිය ගෝලය ආසන්නයේ ‘Line Out’ කලාපය වෙත පන්දුවට එල්ල කළ පා පහරින් සිය කණ්ඩායමට මෙතෙක් වේලා ළඟා වීමට අපහසුව තිබූ ඉදිරියක් ලබා ගැනීමට හැකි වුනා.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එහි උපරිම වාසියක් හිමිකර ගත් පොලිස් ක්‍රීඩකයින් යුද හමුදාව හා උරෙන් උර ගැටෙමින් ඔවුන්ව තර්ජනාතමකව පසු බස්සවමින් සිය ගෝලය වෙත ගමන් කළා. මෙම අවස්ථාවේ දී එමොසි වුනිවෝසා හා කසුන් සුරංග කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. මද වේලාවක් ගෝල රේඛාව අසල අරගල කළ පොලිස් කණ්ඩායමේ එමොසි වුනිවොසා ලබා ගත් උත්සාහක දිනුම සචිත් සිල්වාගේ ප්‍රවර්තනයෙන් හැඩ වුනා.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 19 – 20 යුද හමුදා ක්‍රීඩා සමාජය

යුද හමුදා තූර්ය වාදක මඩුල්ල ඉදිරිපත් කළ විචිත්‍රවත් වාදන සන්දර්ශනයකින් පසුව ආරම්භ වූ තරගයේ දෙවන අර්ධය අතිශයින් තීරණාත්මක වූයේ කණ්ඩායම් දෙකම කරට කර ලකුණු තත්වයක පසු වූ නිසාවෙනි. මේ වන විට කලින් සිටි පසුගාමී තත්වයෙන් මිදී යම් ක්‍රීඩාශීලී බවකින් පිටියට අවතීර්ණ වී සිටි පොලිස් ක්‍රීඩකයින් යුද හමුදාවේ ලකුණු මට්ටමට අභියෝග කරමින් සිටියා.

සිය ශරීර ශක්තිය පළමු අර්ධය පුරාවට රැකගෙන සිටිය බවක් පෙන්නුම් කළ ඔවුන් බොහෝ විට රෝලිං මෝල් ක්‍රමය ඔස්සේ ප්‍රතිවාදීන්ව සිය ගෝලය දෙසට පසුබස්සවනු දක්නට ලැබුණි.

කොළඹයි නුවරයි ගැටෙන අලුත් තරගාවලියක් තිබ්බොත්?

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා රග්බි පිටිය පදනම් කරගෙන භූමිය කොටස් දෙකකට බෙදුණේ…

පොලිස් කණ්ඩායම සිය ගෝලය අසල යම් සටනක් දෙමින් සිටින අතරතුර දී පන්දුව කිහිප විටක් දෙපිළ අතරම හුවමාරු විය. මෙහි දී පන්දුව ඩැහැ ගත් ගිහාන් සිල්වා නැවතත් ඉදිරියට යමින් පන්දුව සඟයන් හට පිරිනැමීමේ දී එය තම අතට පත් විගසම ගෝල සීමාවට කඩා වැදුණු සචිත් සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද ඔහුගේ පාදයෙන්ම සාර්ථක කරගන්නා ලදි. (පොලිස් 26–20 යුද හමුදා)

නැවතත් පිටියේ මධ්‍ය රේඛාව ආසන්නයේ දී අත්වැරදීම් කිහිපයක් සිදු කළ යුද හමුදා ක්‍රීඩකයින් අතින් ‘Knock On’ අවස්ථාවක දී පන්දුව ගිලිහී ගිය විගස එය තමා සතුකර ගත් ජනිත් චන්දිමාල් රැස් කළ උත්සාහක දිනුමෙහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සචිත් සිල්වා හට හැකි වූයේ නැත. (පොලිස් 31–20 යුද හමුදා)

සිය ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩකයින් විසිරී ඉන්නා රටාවේ හිඩැස් සහ දුර්වල ස්ථානයන් මනාව අධ්‍යනය කරමින් සිය ක්‍රීඩකයින් ඉදිරියට මෙහෙයවමින් තවත් ලකුණු කරා යොමු වීමට පොලිස් ක්‍රීඩා සමාජයේ නායක උදාර සූරියප්පෙරුම කටයුතු කරන්නට විය.

මෙසේ එක් අවස්ථාවක් ලද ඉරෝෂන් සිල්වා සහ සචිත් සිල්වා කසුන් සුරංගගේ සහය ඇතිව එකිනෙකා අතර හොඳින් පන්දුව හුවමාරු කරගනිමින් ඉදිරියට ගිය අතර සචිත් සිල්වා සියල්ලෙහි වාසිය තමා වෙත නැඹුරු කරගනිමින්  ගෝල කණු අතරින් ගොස් ලබා ගත් උත්සාහක දිනුමෙහි ප්‍රවර්තනය ජනිත් චන්දිමාල් සාර්ථක කර ගනු ලැබුවා.

යුද හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකු වන රසික අබේනායක හා ධනුක විජේතිලකගේ සුපිරි ක්‍රීඩා විලාසය බිඳ දමමින් ජනිත් චානක පන්දුව සිය බාරයට ගෙන යම් සැලකිය යුතු දුරක් ඉදිරියට දිව ගිය අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් උදය සන්ජුල ගෝල කණු මැදින් ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය සචිත් සිල්වා විසින් සාර්ථක කර ගත්තා. (පොලිස් 45–20 යුද හමුදා)

රාජකීයයන්ගෙන් ඇතුගල්පුරයට රාජකීය සංග්‍රහයක්

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියෙහි පළමු කාණ්ඩය නියෝජනය කරමින්…

මෙසේ තරගයේ අවසානය ළඟා වෙමින් පවතින විට කලබලයට පත්ව අතිශයින් නොසැලකිලිමත් ලෙස ක්‍රීඩා කරමින් සිටි යුද හමුදා ක්‍රීඩකයෙකු අතිනි ගිලිහී ගිය පන්දුව ඩැහැගත් ජනිත් චන්දිමාල් තමන්ට බාධා කිරීමට ඉදිරියේ කිසිදු ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු නොසිටි හෙයින් පහසුවෙන් දිව ගොස් නැවතත් උත්සාහක දිනුමක් වාර්තා කළා. ඔහු විසින්ම එහි ප්‍රවර්තනය ක්‍රියාත්මක කළත් එය සාර්ථක වූයේ නැත.

පොලිස් කණ්ඩායම තරගයේ අවසන් මිනිත්තු කිහිපය සැහැල්ලුවෙන් ක්‍රීඩා කරමින් සිටින අතරතුර දී ලද අවස්ථාවක් ප්‍රයෝජනයට ගත් යුද හමුදා නායක උපුල් අබේරත්න එක් උත්සාහක දිනුමක් ලබා ගත්තේ සිය කණ්ඩායමේ ගෞරවය රකිමිනි. එහි ප්‍රවර්තනය ඉසුරු මැදගෙදර විසින් ලබා ගත්තා. ඒත් සමඟම විනිසුරු තරගය අවසන් බව සංඥා කළේ පොලිස් ක්‍රීඩාලෝලීන්ගේ ජයා ඝෝෂා මධ්‍යයේයි.

මේ අනුව පොලිස් ක්‍රීඩා සමාජය පසුගිය 2017/18 ලීග් තරගාවලියේ ලද පරාජයේ අමිහිරි මතකවලට පහරක් එල්ල කරමින් මෙවර රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවය දිනා ගත්තා.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 50 – 27 යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ජනිත් චන්දිමාල්

ලකුණු ලබා ගැනීම

  • පොලිස්: ගිහාන් සිල්වා 1T, ජනිත් චන්දිමාල් 3T 3C, සචිත් සිල්වා 1T 2C, එමොසි වුනිවෙසා 1T, උදය සන්ජුල 1T
  • යුද හමුදා: රිස්වි මොහොමඩ් 1T, ධනුක විජේතිලක 1T, උපුල් අබේරත්න 1T, ඉසුරු මැදගෙදර 3C 2P

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<