පොඩි මාලිංගගේ දස්කම් ජෝන් කීල්ස් ජයග්‍රහණය වෙත රැගෙන යයි

792

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අද (3) පැවැත්වූ තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට මොබිටෙල් හා ජෝන් කීල්ස් කණ්ඩායම් සමත් විය. එහි දී ලසිත් මාලිංග පන්දු යවන විලාසයට සමීප විලාසයක් ඇති නුවන් තුෂාර පන්දු යැවීමෙන් විශිෂ්ට දස්කම් දක්වන ලදි.

දිනෙත්, කවීන්, රුමේෂ් සහ නුවන්ට ලියැවුණ සති අන්තයක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (01දා) දවසේ කැපී පෙණෙන තරු බවට …

ජෝන් කීල්ස් (B) හා කොමර්ෂල් ක්‍රෙඩිට් (B)  

කොළඹ බී. ආර්. සී පිටියේ දී අවසන් වූ මෙම තියුණු තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එදිරිව ලකුණු 209ක් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම සමත් විය. තරගය අවසානයේ ජෝන් කීල්ස් කණ්ඩායමට ලකුණු 31ක තියුණු ජයක් හිමි විය.

පළමුව පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් රවිඳු කොඩිතුවක්කු හා අශේන් පීරිස් අනර්ඝ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ, සිය කණ්ඩායමට හොඳ ලකුණු පුවරුවක් වෙත යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරමිනි. එහි දී රවිඳු අර්ධ ශතකයක් ලබා ගන්නා විට, ඔහුගේ සඟයා වූ අශේන් ලකුණු 44ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන ලදි. පන්දු යැවීමේ දී දනෝජ් ද සිල්වා, සනිත් ද මෙල් හා අනුර ඩයස් යන තිදෙනා අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදී යන ලදි.

සැහැල්ලු පන්දු ඉඳලා ලෙදර්වලට මාරු වෙද්දි අමාරු වුනා – නුවන් තුෂාර

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් රට දිනවන්නට සිහින දකින, මාලිංග වගේ පන්දු යවන….

ලකුණු 210ක ඉලක්කයක් වෙත යාමේ අදිටනින් පිටියට පැමිණි කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් හට එම ඉලක්කය වෙත යාමට පොඩි මාලිංග යන අන්වර්ථ නාමයෙන් බොහෝමයක් දෙනා හඳුනන නුවන් තුෂාරට හැකි විය. එහි දී නුවන් ලකුණු 40කට කඩුලු 3ක් දවා ගන්නා ලදි. පිතිකරණයේ දී සනිත් හා අකීල් ඉන්හාම් පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 28ක් ලබා ගත්ත ද, එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් තවත් කඩුලු දෙකක් දවා ගැනීමට තරිඳු රත්නායකට හැකි විය.

ජොන් කීල්ස් (B) – 209/10 (43): රවිඳු කොඩිතුවක්කු 50, අශේන් පීරිස් 44, දනෝජ් ද සිල්වා 2/37, සනිත් ද මෙල් 2/37, අනුර ඩයස් 2/38.

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) – 178/10 (47.2): සනිත් ද මෙල් 47, අකීල් ඉන්හාම් 28, රංග කුරේ 27, අනුර ඩයස් 27, නුවන් තුශාර 3/40, තරිඳු රත්නායක 2/43.

යුනිලීවර් ශ්‍රී ලංකා හා මොබිටෙල්

මොබිටෙල් කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි වූ මෙම තරගය මුවර්ස් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවූ යුනිලීවර් පිල සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 105කි.

එම ලකුණු 105 ලබා ගැනීමට යුනිලීවර් කණ්ඩායමට විශාල බාධක ප්‍රමාණයක් තරණය කිරීමට සිදු විය. ඒ මොබිටෙල් කණ්ඩායමේ ලහිරු සමරකෝන් හා ලක්ෂාන් ජයසිංහ යන දෙපළගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. ඔවුන් දෙදෙනා පිළිවෙළින් කඩුලු 3ක් හා 2ක් දවා ගන්නා ලදි.

පන්දුවාර 29ක් තුළ යුනිලීවර් පිල සියල්ලන්ම දැවී රැස්කරගත් ලකුණු 105ක ඉලක්කයට සිය පිළිතුරු ඉනිම දියත් කළ මොබිටෙල් පිල වෙනුවෙන් සුපේශල ජයතිලක නොදැවී ලකුණු 35*ක් රැස්කර ගත්තේය. ඔහුට සහය වූ එරංග රත්නායක නොදැවී ලකුණු 33*යි. පන්දුවාර 14ක් තුළ සිය ඉලක්කය සපුරාගත් මොබිටෙල් පිල අවසානයේ ජයග්‍රහණය සනිටුහන් කර ගත්තේ, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 7.5ක් වැනි වේගයක් රඳවා ගෙනයි. පන්දු යැවීමේ දී යොමේශ් රණසිංහ කඩුලු 2යි.

යුනිලීවර් ශ්‍රී ලංකා – 105/10 (29): ලහිරු සමරකෝන් 3/28, ලක්ෂාන් ජයසිංහ 2/10.

මොබිටෙල් – 106/3 (14): සුපේශල ජයතිලක 35*, එරංග රත්නායක 33*, යොමේශ් රණසිංහ 2/26.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට