රාජ්‍ය සේවා මේස පන්දු සංගමයේ මෙහෙයවීමෙන් “2016 රාජ්‍ය සේවා මේසපන්දු තරගාවලිය” දින කිහිපයකට ඉහතදි පවත්වන ලදී. එම තරඟාවලියේදී කොළඹ මහා නගර සභා කණ්ඩායම සමස්ත ශූරතාවයට හිමිකම් කීමට සමත් විය. තවද කොළඹ මහා නගර සභා කණ්ඩායමේ චන්දන පෙරේරා ශූරතා හතරක් දිනාගනිමින් කැපිපෙනෙන දස්කම් දක්වන ලදි.

පසුගිය ලිපි: වලව සුපර්ක්‍රොස් 2016 – සඳරුවන් කලකට පසු දස්කම් අතරට

තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාවය සහ කාන්තා කණ්ඩායම් ශූරතාවය ලෙස ශූරතාවයන් දෙකකින් යුක්ත වූ අතර විවිධ වයස් කාණ්ඩයන් යටතේ පිරිමි – ඒකල තරග, පිරිමි – යුගල තරග, කාන්තා – ඒකල තරග, කාන්තා – යුගල තරග සහ විවෘත මිශ්‍ර යුගල ලෙස අංශයන් කිහිපයකින් ද සමන්විත විය.

මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් රාජ්‍ය සේවා මේස පන්දු සංගමයේ නව සභාපතිනි ශාලිකා රණවීර මහත්මිය සහභාගී වු අතර ඇය කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙසද කටයුතු කරයි.

කාණ්ඩ 4ක් යටතේ පැවති පිරිමි ශූරතාවලියේ A කාණ්ඩයේ තරග වලින් කොළඹ මහ නගර සභා A කණ්ඩායම ශූරතාවලිය දිනාගත් අතර එහි අනුශූරතාවය දිනාගනු ලැබූවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසිනි.

දේශීය අදායම් දෙපාර්තමේන්තු A කණ්ඩායම කාන්තා A කාණ්ඩයෙන් ශූරතාවය දිනාගත් අතර අනුශූරතාවය දිනා ගත්තේ කොළඹ මහ නගර සභා ක්‍රීඩිකාවන් විසිනුයි.

ලකුණු සටහන

පිරිමි කණ්ඩායම් ශුරතාවය


ඒ – කාණ්ඩය

ශුරතාවය :- කොළඹ මහ නගර සභාව – ඒ කණ්ඩායම

අනු ශුරතාවය:- ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

බි – කාණ්ඩය

ශුරතාවය :- ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

අනු ශුරතාවය:-  නුවර මහ නගර සභාව – ඒ කණ්ඩායම

සී – කාණ්ඩය

ශුරතාවය :- දුම්රිය දෙපාර්තමේන්තුව

අනු ශුරතාවය:- කොළඹ මහ නගර සභාව – බි කණ්ඩායම

ඩී – කාණ්ඩය

ශුරතාවය :- දේශීය අදායම් දෙපාර්තමේන්තුව -ඒ කණ්ඩායම

අනු ශුරතාවය:- දේශීය අදායම් දෙපාර්තමේන්තුව-සී කණ්ඩායම


කාන්තා කණ්ඩායම් ශුරතාවය

ඒ – කාණ්ඩය

ශුරතාවය :-  දේශීය අදායම් දෙපාර්තමේන්තුව -ඒ කණ්ඩායම

අනු ශුරතාවය:-  කොළඹ මහ නගර සභාව

බි – කාණ්ඩය

ශුරතාවය :- දේශීය අදායම් දෙපාර්තමේන්තුව -බී කණ්ඩායම

අනු ශුරතාවය:- දුම්රිය දෙපාර්තමේන්තුව


පිරිමි – ඒකල තරග

20 – 25 වයස් කාණ්ඩය

ශුරතාවය :- එච්. ජි. එස්. එන්. පුෂ්පකුමාර (මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- එච්. බී. එස්. කරුණාරත්න (මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

25 – 30 වයස් කාණ්ඩය

ශුරතාවය :- අමිල චතුරංග (දුම්රිය දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- එන්.එන්.තිලංක (ශ්‍රී ලංකා රේගුව)

30 – 35වයස් කාණ්ඩය

ශුරතාවය :- ඩබ්. ඒ. පි. එස්. වනසිංහ (නුවර මහ නගර සභාව)

අනු ශුරතාවය:- එන්. බි. එම්. බි. එස්. නියරේපොල (කොළඹ මහ නගර සභාව)

35 – 40 වයස් කාණ්ඩය

ශුරතාවය :-  නුවන් සම්පත් සිල්වා (කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- ජි. ඩබ්. ජයන්ත (ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

40 – 45 වයස් කාණ්ඩය

ශුරතාවය :- ආර්. මල්ලවගේ (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- ගයාන් අධිකාරි (දුම්රිය දෙපාර්තමේන්තුව)

45 – 50 වයස් කාණ්ඩය

ශුරතාවය :- එච්. පි. එස්. කරුණාරත්න(හාපිටිගම ජාතික පාසල)

අනු ශුරතාවය:- බි. පි. කේ. රණසිංහ (නුවර මහ නගර සභාව)

50 – 55 වයස් කාණ්ඩය

ශුරතාවය :- චන්දන පෙරේරා(කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- ඩබ්. ඒ. පි. අනිල් කුමාර (නුවර මහ නගර සභාව)

55 – 60 වයස් කාණ්ඩය

ශුරතාවය :- සුනිල් අබේගුණසේකර (නුවර මහ නගර සභාව)

අනු ශුරතාවය:- එස්. කේ. කුලසේකර (කොළඹ මහ නගර සභාව)


පිරිමි – යුගල තරග

20 – 30 වයස් කාණ්ඩය

ශුරතාවය :- අමිල චතුරංග/ එරාන් මල්ලවආරච්චි (දුම්රියදෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- ගයාන් අධිකාරි / විරාජ් ඒකනායක (දුම්රියදෙපාර්තමේන්තුව)

30 – 40 වයස් කාණ්ඩය

ශුරතාවය :- නුවන් සම්පත් සිල්වා/ ප්‍රභාත් නිමේෂ් (කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- ජි. ඩබ්. ජයන්ත/ නදිර කෝඩිකාර(ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

40 – 50 වයස් කාණ්ඩය

ශුරතාවය :- බි. පි. කේ. රණසිංහ / ජේ. ආර්නෝල්ඩ් (නුවර මහ නගර සභාව)

අනු ශුරතාවය:- සුසන්ත පාලිත / සංජිව විජේසුරිය (නුවර මහ නගර සභාව)

50 – 60 වයස් කාණ්ඩය

ශුරතාවය :- චන්දන පෙරේරා/ එස්. කේ. කුලසේකර (කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- සුනිල් අබේගුණසේකර/ සිසිර (නුවර මහ නගර සභාව)


කාන්තා – ඒකල තරග

20 – 25 වයස් කාණ්ඩය

ශුරතාවය :- එස්. ඒ. ඩි. ඒ. එරංගි (මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- එච්. එල්. ජි. ශශිකලා (ශ්‍රී ලංකා රේගුව)

25 – 30 වයස් කාණ්ඩය

ශුරතාවය :- මධුශානි පෙරේරා (කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- ඩබ්. වි. එන්. සුදර්ෂනි (මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

30 – 35 වයස් කාණ්ඩය

ශුරතාවය :- ජේ. එම්. ඩි. එල්. ජයසේකර (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- එම්. නදිකා සිරි (දුම්රිය දෙපාර්තමේන්තුව)

35 – 40 වයස් කාණ්ඩය

ශුරතාවය :-  චමිලා පුෂ්පකාන්ති ඩි සිල්වා (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:-  වරුණි සිල්වා (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)

40 – 45වයස් කාණ්ඩය

ශුරතාවය :- ප්‍රියදර්ශනි කුමාරි හේරත් (දුම්රිය දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:-ඉනෝකා මාතරආරච්චි (කොළඹ මහ නගර සභාව)

45 – 50 වයස් කාණ්ඩය

ශුරතාවය :- ඩෙසිකා ප්‍රියංකර විතාරණ (දුම්රිය දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- කේ.එම්.නිශාන්ති (දුම්රිය දෙපාර්තමේන්තුව)

50 – 55 වයස් කාණ්ඩය

ශුරතාවය :- නිල්මිණි ස්වර්ණකාන්ති (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)


කාන්තා – යුගල තරග

20 – 30 වයස් කාණ්ඩය

ශුරතාවය :- මධුශානි පෙරේරා/ධරණි තරංගා(කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- කේ. සි. යු. හෙට්ටිගොඩ / එච්. එල්. ජි. ශශිකලා (ශ්‍රී ලංකා රේගුව)

30 – 40 වයස් කාණ්ඩය

ශුරතාවය :- නිල්මිණි ස්වර්ණකාන්ති/ චමිලා පුෂ්පකාන්ති ඩි සිල්වා (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- දිනිති ජයසේකර / එන්. එම්. සි. ඒ. වීරසුරිය (දේශීය අදායම් දෙපාර්තමේන්තුව)

40 – 50 වයස් කාණ්ඩය

ශුරතාවය :- ඩෙසිකා ප්‍රියංකර විතාරණ /කේ. එම්. නිශාන්ති (දුම්රියදෙපාර්තමේන්තුව)

අනු ශුරතාවය:- ඉනෝකා මාතරආරච්චි / ආර්.ඒ. පි. සිල්වා (කොළඹ මහ නගර සභාව)


මිශ්‍ර යුගල – විවෘත

ශුරතාවය :- චන්දන පෙරේරා / මධුශානි පෙරේරා(කොළඹ මහ නගර සභාව)

අනු ශුරතාවය:- නුවන් සම්පත් / ධරණි තරංගා (කොළඹ මහ නගර සභාව)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට