ජාතික ක්‍රීඩා සංගම් නිලවරණය – 2015

137

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අදාළව 2013 ජනවාරි 15 අංක 1793/3 අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව 2015 මාර්තු 31 දින වන විට වසර 02 සම්පූර්ණ කළ සියලු සංගම් නිලවරණය පැවැත්විය යුතුය.  

 

සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමට කටයුතු යොදා තිබියදී ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ක්‍රීඩකයන් ඇමතිතුමා වෙත නොයෙකුත් විරෝධතා සහ පැමිණිලි ඉදිරිපත් කර ඇත.

 

එම විරෝධතා පිළිබඳව සලකා බැලූ අමාත්‍යතුමා සිය නීති නිලධාරීන් සහ සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා කර ජාතික ක්‍රීඩා සංගම් සඳහා නව නිලධාරීන් පත්වීමේදී අදාළ තනතුරු සඳහා සපුරා තිබිය යුතු නෛතික පසුබිම් කවරේද යන්න විමසා බැලීමට නීතිපතිතුමාගේ උපදෙස් විමසීය.

 

ඉහත කරුණු පිළිබඳව අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් නීතිපතිතුමන්ගෙන් ලබා ගත් පැහැදිලි කිරිමට අනුව ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයෙහි 13/1 සහ 13/2 හි පහත සඳහන් තනතුරු සඳහා ජාතික සංගමයක හෝ සම්මේලනයක සභාපතිලේකම්භාණ්ඩාගාරික, උප සභාපතිසහකාර ලේකම්සහකාර භාණ්ඩාගාරික ධූර දරා ඇති තැනැත්තෙකු එම තනතුරු සඳහා නැවත පත්වන්නේ නම් යම් තැනැත්තෙකුගේ සමස්ත සේවා කාල එකතුව අවුරුදු 04 ක් නොඉක්මවිය යුතු බව හා අංක 1793/3 දරණ ක්‍රීඩා නියෝග මාලාව පැනවීමට පෙර හෝ පසුව සමස්ත සේවා කාලය අවුරුදු 04 ක් නොඉක්මවිය යුතුය. එසේ ඉක්මවා ඇති කිසිම තැනැත්තෙකුට නැවත එම තනතුරු සඳහා තේරී පත්විය නොහැකි බව සඳහන් වේ.