ප්‍රථම ආසියානු චෙස් රන් පදක්කම සසිත් දිනා දෙයි

629

තායිලන්තයේ දී පසුගිය දා නිමා වූ ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ දී වයස අවුරුදු 16න් පහළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ එම්. සසිත් නිපුන් පියුමන්ත සමත් විය. ආසියානු යොවුන් චෙස් තරගාවලියක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් දිනූ පළමු පදක්කම වන්නේ ද මෙය වීම සුවිශේෂී ය.

ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම දිනිඳු අතින් ගිලිහෙයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව සිටින සාර්ථකම බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන කි.ග්‍රෑම් 64 බරපන්තියේ දිනිඳු සපරමාදු, 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ…

රටවල් 26ක සහභාගීත්වයෙන්, තායිලන්ත චෙස් සංගමයේ සත්කාරකත්වයෙන් පැවති මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 දෙනෙක් සහභාගී වූ අතර ඔවුන් අතරින් දිනූ එකම පදක්කම වන්නේ සසිත් දිනූ මෙම පදක්කමයි.

සසිත් මීට ප්‍රථම 2014 වසරේ තායිවානයේ පැවති නව වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ දී වයස අවුරුදු 13න් පහළ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. ඔහු එම ජයග්‍රහණය ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාවේ පළමු පිඩේ මාස්ටර් ගෞරවය දිනූ චෙස් ක්‍රීඩකයා ද විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්මත් ශිෂ්‍යයෙක් වන සසිත් මීට ප්‍රථම දිනා ඇති ජාත්‍යන්තර චෙස් පදක්කම් ප්‍රමාණය 10කි.

ඒ අතරට ආසියානු, බටහිර ආසියානු සහ ආසියානු ජාතීන්ගේ චෙස් තරගාවලියන් නියෝජනය කරමින් දිනූ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ඇතුළත් ය.

5 වන දිනයේ ගිලිහුණු ජැමෙයිකානු ආධිපත්‍ය

5 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 21 වන ස්ථානය දක්වා පසු බැස තිබූ අතර සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගන්නට…

ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) මධ්‍යම රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට පිවිසීමට නියමිත අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමඟින් ශ්‍රී ලංකා චෙස් සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සසිත් පිළිගැනීමට නියමිත බැව් චෙස් සංගම් ආරංචි මාර්ග පවසයි.

සසිත්ගේ මේ ගමනේ දී ආදී ධර්මාශෝක චෙස් ක්‍රීඩකයින්ගෙන් හා ප්‍රවීණ චෙස් ක්‍රීඩා  උපදේශක ගිහාන් කාංචන ද සිල්වා මහතාගෙන් සහ යුක්රේන් ජාතික දිමිත්‍රි කොමොරොව යන මහත්වරුන්ගෙන් ලත් උපදෙස් ඉතා වටිනා බැව් ඔහුගේ පියා වන එම්. සුසිල් ප්‍රියන්ත මහතා ThePapare.com සමඟ පැවැසීය. එමෙන්ම සීනිගම ගුණ ජය සතුට පදනම අනුග්‍රහයෙන් නොමිලේ  චෙස් ක්‍රීඩාව හදාරන්නට ඉඩ ලැබීම ද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ඉවහල් වූ බැව් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.

ලක් මව රනින් බබළවමින් දිවයිනට පිවිසෙන සසිත්ට ThePapare.com උණුසුම් සුබ පැතුම් එක් කරමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<