කොළඹ ක්‍රීඩකයෝ චෙන්නායි ක්‍රීඩකයින්ට යටත් නොවෙති

414

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ පාපන්දු සමාජය සහ ඉන්දියාවේ ‘Chennaiyin FC’ කණ්ඩායම අතර අද (06) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු අදියරේ තරගය නිමාවට පත්වූයේ ගෝල 0-0ක් ලෙස තරගය ජය-පැරදුමෙන් තොරව අවසන් වෙමිනි.

කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන Chennaiyin සංචිතය නම් කෙරේ

දෙවතාවක් ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි ක්‍රීඩා සමාජය (Chennaiyin FC ) 2019 AFC කුසලානට සුදුසුකම් ලැබීමේ playoff වටයේ දී…

කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට සමත් වුවත් වේගයෙන් තරගයට අවතීර්ණ වූ ‘Chennaiyin FC’ ක්‍රීඩකයින් තරගයේ පාලනය ඔවුන් දෙසට යොමුකර ගන්නට සමත් විය.

ඒ අනුව ඔවුන් පන්දුව ඉදිරියට රැගෙන යමින් කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කළත් ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. ඒ අනුව තරගයේ පළමු මිනිත්තු කිහිපය ගෙවී ගියේ තරමක් උදාසීන ස්වරූපයක් ගනිමිනි.

කෙසේ නමුත් තරගය ඉදිරියටයත්ම කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වෙමින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරන්නට සමත් විය. එහි දී මොමස් යාපෝ පිටියේ වම් අන්තයේ සිට ගෝල රාමු කලාපය වෙත පන්දුව යොමු කළත් ඒ මොහොතේ දී එය අපේක්ෂාවෙන් නොසිටි ඉසාක් අඩේවු නිසි පරිදි පන්දුවට ළගා වීමට අපොහොසත් වීම හේතුවෙන් ගෝලයක් ලබාගැනීමට තිබූ අවස්ථාවක් කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින්ට ගිලිහී යන්නට විය.

අනතුරුව නැවතත් පන්දුව පිටියේ මැද භාගයේ හුවමාරු වෙමින් පැවතියේ කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කරගැනීමට කිසිදු අවස්ථාවක් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීමත් සමඟයි.

කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන Chennaiyin සංචිතය නම් කෙරේ

දෙවතාවක් ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි ක්‍රීඩා සමාජය (Chennaiyin FC ) 2019 AFC කුසලානට සුදුසුකම් ලැබීමේ playoff වටයේ දී…

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර යාපෝ හට ගෝල රාමු කලාපය පිටත සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහරේ ජවය මදි වීම හේතුවෙන් කිසිදු අපහසුතාවයකින් තොරව එය රැකගන්නට ‘Chennaiyin FC’ ගෝල රකින ක්‍රීඩක කරන්ජීත් සිං සමත් විය.

පළමු අර්ධය: කොළඹ පාපන්දු සමාජය 00 – 00 ‘Chennaiyin FC’

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දීම ‘Chennaiyin FC’ ලාල්පේක්ලුවා ජේජේ හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

අනතුරුව තරගයේ 55 වන මිනිත්තුවේ දී යාපෝ හට නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර පහසුවෙන් රැකගන්නට කරන්ජීත් සමත් විය.

අනතුරුව කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් තරගයේ පාලනය තමන් යටතට ගනිමින් ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගත්තත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එහි දී තරගයේ 68 වන මිනිත්තුවේ දී ඩිමිත්‍රි පිටියේ වම් අන්තයේ සිට පන්දුව ගෝල රාමු කලාපය තුළට යොමු කළත් එයට ගෝල රාමුව තුළට යොමු කිරීමට ක්‍රීඩකයෙකු නොමැති වීම හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ට ගිලිහී ගියේය.

ගෝලයක් වාර්තා කරගැනීමට තරගය තුළ ලැබුණු හොඳම අවස්ථාව තරගයේ 74 වැනි මිනිත්තුවේ දී ඉසාක් හට හිමි වූයේ සර්වාන් ජොහාර් ගෝල රාමු කලාපය තුළට යොමු කළ නිදහස් පහර ඔහු වෙත යොමු වීමත් සමඟයි. කෙසේ නමුත් එහි දී ඔහු පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කරනවා වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු වෙත පන්දුව යොමු කිරීමට උත්සාහ දැරීමත් සමඟ එම අවස්ථාව ද ගිලිගී යන්නට විය.

අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ‘Chennaiyin FC’ ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගන්නට දැඩි උත්සාහයක් දැරුවත් එය සාර්ථකව ව්‍යර්ථ කරදමන්නට කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයින් සමත් විය.

තරගය අවසන් වන්නට පෙර ඩිමිත්‍රි විසින් ගෝල රාමු කලාපය පිටත සිට ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉතා ආසන්නයෙන් ඉහතින් ඇදී ගියේය.

සම්පූර්ණ කාලය: කොළඹ පාපන්දු සමාජය 0 – 0 ‘Chennaiyin FC

ThePapare.com තරගයේ වීරයා – චරිත රත්නායක (කොළඹ පාපන්දු සමාජය)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<

Match Replay Video