සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි

1703
1st Asian Men's challenge trophy

ආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G Home Broadband සංකලනයෙන් පළමු වරට සංවිධානය වන ආසියානු අභියෝගතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවන දිනය වූ අද (17), තරගාවලියේ පළමු පරාජය අත් විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් 3-0ක ජයක් සමරති

ආසියානු වොලිබෝල් සංගමයේ පූර්ණ අනුදැනුම සහිතව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා Dialog 4G Home Broadband එක්ව පළමු වරට සංවිධානය කරන පිරිමි ආසියානු වොලිබෝල් අභියෝගතා…….

දිනයේ සිව්වැනි තරගය ලෙස සත්කාරක ශ්‍රී ලංකාව හා ප්‍රබල සවුදි අරාබිය තරග වැදුණු අතර ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව බිඳ දමමින්, සාර්ථක ආරම්භයක් සුනුවිසුනු කර වට 3-1ක ජයක් හිමි කර ගන්නට ප්‍රබල සවුදි ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ පළමු වටයේ ශ්‍රී ලංකාව දක්ෂ ලෙස ක්‍රීඩා කළත්, ප්‍රබල සවුදි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවෙන් නොසිතූ ලෙස ජය උදුරා ගන්නා ලදි.

පළමු වටය ඉතාම තියුණු වටයක් වූ අතර ශ්‍රී ලංකාවේ පිරිනැමීමෙන් පළමු වටය ආරම්භ විය. සවුදි ක්‍රීඩකයින් පළමු ලකුණ වාර්තා කර ගත් අතර එතැන් සිට සවුදි ක්‍රීඩකයින් ලකුණෙන් ලකුණ ඉදිරියට යාමත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හඹාවිත් ලකුණු සමකිරීමත් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දීප්ති රොමේෂ් හා ලසිඳු මෙත්මාල් අද තරගයට ක්‍රීඩා නොකිරීම ද ශ්‍රී ලංකාව ප්‍රබල අවාසියක් විය.

ලකුණු 5-5ක්, 8-8ක් සහ 12-12ක් ලෙස ඉදිරියට ඇදුණු පළමු වටයේ දී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම අරාබි කණ්ඩායම පසුකළේ ලකුණු 14-12ක් ලෙස ඉදිරියට පැමිණෙමිනි.

සවුදි ආවරණය ඉතා ප්‍රබල මට්ටමක පැවති අතර ශ්‍රී ලංකා ප්‍රහාර වළක්වමින් සවුදි ක්‍රීඩකයෝ ලකුණු කිහිපයක්ම සොරාගනු දක්නට ලැබුණි.

සවුදි ක්‍රීඩකයින් දෙවරක්ම ශ්‍රී ලංකාවේ තනි ආවරණයකට හසු වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18-14ක් ලෙස ඉදිරියට යෑමට සමත් විය.

මිහිරාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ ලෙස කෙටි පන්දු ප්‍රහාර එල්ල කළ නමුත් සවුදි ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව හඹා ඒම අතහැරියේ නැත. (ශ්‍රී ලංකාව 18-19 සවුදි)

22-20ක්, 23-20ක්, 23-21ක් ලෙස තරගය කරට කර ඉදිරියට ඇදුණු අතර පන්දු හුවමාරු කිරීම් 15ක දීර්ඝ කාල පරාසයක් එක් ලකුණක් සඳහා තරගය ක්‍රීඩා කෙරුණේ තරගයේ උණුසුම මනාවට කියාපාමිනි.

කෙසේ වෙතත් සවුදි ක්‍රීඩකයෙකුගේ අසාර්ථක වූ පන්දු පිරිනැමීමක් හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 25-22ක් ලෙස පළමු වටය ජය ගන්නා ලදි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාවේ පන්දු ගොඩ ගැනීම් ඉතා හොඳ මට්ටමක තිබුණු අතර දෙවන වටයේදීත් ඔවුන්ගේ එම දක්ෂතා එලෙසම ක්‍රියාත්මක විය.

දෙවන වටයේ පළමු ලකුණ ශ්‍රී ලංකාවට හිමි වූ අතර එතැන් සිට ලකුණු 2-2ක්, 3-3ක් සහ 4-3ක් ලෙස තවත් තියුණු සටනක් ඇරඹුණි.

සවුදි පන්දු පිරිනැමීම කිහිප වතාවක්ම අසාර්ථක වූ අතර ඒ අවසරයෙන් ශ්‍රී ලංකාව ලකුණු 9-6ක් ලෙස ලකුණු තුනකින් ඉදිරියට පැමිණීමට සමත් විය. සවුදි ක්‍රීඩකයින් වේගවත් කෙටි පන්දු ප්‍රහාර සමඟින් ලකුණු 12-12ක් ලෙස ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණියේ ශ්‍රී ලංකාවට ද යම් පීඩනයක් එල්ල කරමිනි.

13-13ක්, 14-14ක් ලෙස කරට කර වටයක ලකුණු 16-14ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණි අතර දිගින් දිගටම සවුදි නායකයා ඉරාක ජාතික විනිසුරුට බාධා කිරීම නිසා විනිසුරු ඔහුට කහ කාඩ්පත් ලබා දීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු දෙකකින් ඉදිරියට යෑමට සමත් වුවත් සවුදි ක්‍රීඩකයෝ ඉතා ඉක්මනින් ලකුණු මට්ටම 20-20ක් බවට පත්කර ගැනීමට සමත් විය.

අනතුරුව එක්වරම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් මන්දගාමී වූ අතර ඒ අවසරයෙන් සවුදිය ලකුණු 21-22ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් විය. නැවතත් ඉක්මන් ලකුණක් වාර්තා කළ සවුදිය ලකුණු 21-24ක් ලෙස ලකුණු දෙකක වාසියක් අත්කරගත් අතර ඉක්මන් ලකුණකින් ලකුණු 22-25ක් ලෙස නොසිතූ පරාජයක් ශ්‍රී ලංකාවට අත්කරදෙන්නට සවුදි ක්‍රීඩකයෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව දෙවන වටයේ අවසන් ලකුණු කිහිපය වන තුරු ඉතා හොඳින් ක්‍රීඩා කළ ද අවසන් මොහොතේ දැක්වූ මන්දගාමී බව නිසා ඔවුන්ට දෙවන වටය අහිමි විය.

>> තරග සියල්ල සජිවීව නරඹන්න මෙතින් පිවිසෙන්න <<

තෙවන වටයේ දී පළමු වට දෙකේ ක්‍රීඩා නොකළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිටියට අවතීර්ණ වූ නමුත් තෙවන වටයේ පළමු ලකුණ හිමි වූයේ සවුදි අරාබියටයි.

ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම 4-4ක්, 5-5ක්, 6-6ක් ලෙස කරට කර ලකුණු රැස් කළ නමුත් පළමු තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු දෙකක පරතරයක් අත් කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය. (ශ්‍රී ලංකාව 08-06 සවුදි)

සවුදි ක්‍රීඩකයෝ ලකුණු 10-10ක්, 11-11ක්, 12-12ක් ලෙස ශ්‍රී ලංකාව පසුපසින්ම හිඳිමින් සිය ආවරණ යොදා ගනිමින් ලකුණු 13-16ක් ලෙස පෙරමුණට පැමිණෙන්නට සමත් විය.

සවුදි ක්‍රීඩකයින් ලකුණු පහක් ඉදිරියට පැමිණෙන්නට (15-20) සමත් වූ ඔවුන්ගේ දැල් ආවරණ ශ්‍රී ලංකාවට ප්‍රබල ගැටලුවක් විය. (17-22)

ඉතා ඉක්මනින් ඉතිරි ලකුණු කිහිපය ද රැස්කරගත් සවුදි ක්‍රීඩකයෝ ලකුණු 19-25ක් ලෙස තෙවන වටය ද ජය ගත්තේ ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට ඇද දමමිනි.

සිව්වැනි වටයේ ද සුපුරුදු පරිදි කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩා විලාශයකට පිවිසුණු අතර 10-10ක්, 11-11ක් ලෙස ඉදිරියට ඇදුණු තරගය ලකුණු තුනකින් තමන්ගේ පැත්තට හරවා ගන්නට සවුදි ක්‍රීඩකයෝ සමත් වූහ. (12-15)

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිනැමීම්වල දී යම් යම් දුර්වලතා සිදු කළ නමුත් කෙටි පන්දු ප්‍රහාර ඉතා හොඳ මට්ටමක පැවතුණි. (18-19)

තෙවැනි තාක්ෂණික කෙටි විවේකය වන විට ලකුණු 18-20ක් ලෙස සවුදිය පෙරමුණේ සිටි අතර 20-23ක්, 20-24ක් හා 20-25ක් ලෙස ඉක්මන් ලකුණු රැස් කරමින් සවුදිය ශ්‍රී ලංකාවෙන් සිව්වැනි වටයේ ජය හා තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.

ලකුණු සාරාංශය

  • පළමු වටය ශ්‍රී ලංකාව 25-22 සවුදි අරාබිය
  • දෙවන වටය ශ්‍රී ලංකාව 22-25 සවුදි අරාබිය
  • තෙවන වටය ශ්‍රී ලංකාව 19-25 සවුදි අරාබිය
  • සිව්වන වටය ශ්‍රී ලංකාව 20-25 සවුදි අරාබිය

එකම හොඳ දෙය අපි තරගය ජයග්‍රහණය කිරීමයි – වොලිබෝල් පුහුණුකරු

පළමුවැනි වතාවට පවත්වනු ලබන ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලාන තරගාවලියේ දී සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය……

ශ්‍රී ලංකා තරගයට අමතරව පෙර දින දෙකේ දී මෙන් අදත් තවත් තරග තුනක් පැවැත්වුණු අතර දිනයේ පළමු තරගයේ දී ප්‍රබල ඉරාකය වට 3-2ක් ලෙස පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමත් විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 18-25ක්, 26-24ක්, 25-23ක්, 22-25ක් හා 09-15ක් ලෙසයි. පළමු, සිව්වැනි හා පස්වැනි වටවල ජය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට හිමි වූ අතර දෙවන හා තෙවැනි වටවල ජය ඉරාකයට හිමි විය.

දිනයේ දෙවන තරගය ද ඉතා උණුසුම් වූ අතර බංගලාදේශය වට 3-1ක් ලෙස මොන්ගෝලියාව පරාජය කළේ 25-22ක්, 25-23ක්, 23-25ක් සහ 25-19ක ලකුණු සටහනක් ඉතිරි කරමිනි.

දිනයේ තෙවැනි තරගයේ දී හොංකොං කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්නට මලයාසියානු කණ්ඩායම සමත් වූ අතර පළමු වටයේ ලකුණු 30-28ක් ලෙස හොංකොං ක්‍රීඩකයින් හොඳ සටනක් දුන්නත්, දෙවන හා තෙවැනි වට පහසුවෙන් මලයාසියාවට හිමි වුනේ ලකුණු 25-19ක් ලෙස වට දෙකම නිමා වෙමිනි.

ඒ අනුව තරගාවලියේ කාණ්ඩ වටයේ තරග අදින් නිමා වන අතර තරගාවලියේ අනෙක් තරග සැප්තැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතයි. එම තරග ද සජීව ලෙස ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<