පිළියන්දලත් හොරණත් 18 වැනි වරට සටනට

552

මෙරට ප්‍රධාන පෙළේ මැදි විදුහල් ද්විත්වයක් වන පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා විද්‍යාලය අතර 18 වැනි වතාවට පැවැත්වීමට නියමිත “සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 22 සහ 23 මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වේ.

සාන්ත ආනාවරුන් ජයග්‍රහණයකින් තරගාවලියට තිත තබයි

ක්‍රමයෙන් අවසන් වෙමින් යන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති…

එසේම එම තරගාවලියට සමගාමීව පස්වැනි වරට පවත්වනු ලබන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 24 වැනිදා ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී ම පැවැත්වේ.

2001 වර්ෂයේ සිට පැවත එන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් සටනේ 2005, 2009 හා 2010 වර්ෂවල දෙදින ක්‍රිකට් තරගය ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්ව ඇත. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එසේම මේ පාසල් දෙක අතර සීමිත පන්දුවාර තරග හතරක් මේ වන විට පවත්වා ඇති අතර ඉන් තරග 3ක්ම ජයග්‍රහණය කර ඇත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය විසිනි. එසේම පසුගිය වසරේ පැවැත්වුණු සීමිත පන්දුවාර තරගය ජය පරාජයෙන් නිමාව දුටුවේ ආලෝකය ප්‍රමාණවත් පරිදි නොලැබුණු නිසාවෙනු.

මේ වසරේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ අවසන් වසරේ ක්‍රීඩකයෙක් වන මල්ෂාන් ගුණතිලක හටයි. තිලිණ තාරින්ද විසින් මෙවර තක්ෂිලා විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ඇත.

වර්ෂ 1887 දී මෙරට පාසල් පද්ධතියට එකතු වූ පිළියන්දල මධ්‍ය විද්‍යාලය මෙවර තරග වාරයේ දී තරග 15කට සහභාගී වී ඇති අතර ඉන් තරග තුනකින් පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇත. එසේම කිසිදු තරගයක පළමු ඉනිමේ පරාජයක් හෝ මෙතෙක් ලබාගෙන නොමැති පිළියන්දල මධ්‍ය විද්‍යාලය ඔවුන් ක්‍රීඩා කරන දෙවන පෙළ තරගාවලියේ B කාණ්ඩයේ පළමුවැන්නා ලෙස සෘජුවම අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.

සල්පිටි – රයිගම් කෝරල සීමිත පන්දුවාර තරගයට ආලෝකය හරහට හිටී

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැත්වෙන සල්පිටි…

අද (15) දෙල්කඳ ෆින්ගාරා හෝටලයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති දර්ශන උඩවත්ත මහතා මෙසේ පැවසීය.

“මේ විද්‍යාල දෙකේම ක්‍රීඩකයින් ගොඩක් වෙලාවට ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ 6 වසරෙන්, ඒක නිසා ගොඩාක් වෙලාවට මේ ක්‍රීඩකයින්ගේ මූලික ක්‍රිකට් දැනුම ලැබෙන්නේ එහි දී තමයි. මෙරට ප්‍රධාන පෙළේ මැදි විදුහල් ද්විත්වයක් අතර පවත්වන මේ තරගය සැවොම බලා සිටින තරගයක්. ඉතින් මං කණ්ඩායම් දෙකේම නායකයින්ටත්, එම කණ්ඩායම් දෙකටත් මෙම දින කිහිපය තුළ හොඳින් ක්‍රීඩා කිරීමට හැකි වේවා කියා සුබපැතුම් එකතු කරනවා.”

වසර 114ක ඉතිහාසයකට හිමිකම් කියන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී තරග 13කට සහභාගී වී ඉන් එක් තරගයක් පූර්ණ ලෙස ජයග්‍රහණය කර ඇත. ඔවුන් ද මේ වසරේ දී වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය නියෝජනය කරන නිසා මේ පාසල් මහා ක්‍රිකට් ගැටුම ඉතාමත් තීරණාත්මක වනු ඇත.

>>Photos: Taxila Central College vs Piliyandala Central College | Battle of Slapiti Rayigam Korala – One Day Match<<

ඩබ්. ඩබ්. කන්නංගර මහතාගේ මැදි විදුහල් සංකල්පනාවට අනුව ශ්‍රී ලංකාවේ ආරම්භ වූ මධ්‍ය විදුහල් 54 අතර සිටින මේ පාසල් ද්විත්වය ශ්‍රී ලංකා ඉතිහාසයේ පැරණිතම පාසල් දෙකකි.

“මා හිතන ආකාරයට මැදි විදුහල් දෙකක් අතර දැනට පැවැත්වෙන එකම මහා ක්‍රිකට් තරගය මෙය තමයි. මේ ක්‍රීඩකයින්ට පොත්පත් දහසක් කියවලා ගන්නවාට වඩා විශාල දැනුමක් ක්‍රීඩාවෙන් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ගන්න පුළුවන්. ඒ වගේම මේ දරුවන්ට තිබෙන ඉවසීම, විනය වගේ කරුණු කාරණා ප්‍රගුණ කරගැනීමටත් මෙවැනි ආකාරයේ විශේෂාංග ලොකු පිටිවහලක් වෙනවා.” යැයි හොරණ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිනිය වන කේ. ජේ. පී. එම් ජයතිලක මහත්මිය උත්සව සභාව අමතමින් පවසා සිටියේය.

සල්පිටි රයිගම් ‍කෝරල ක්‍රිකට් සංග්‍රාමය ලෙසින් ප්‍රසිද්ධියට පත් මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයෝ තම දක්ෂතා උපරියෙන්ම දැක්වීමට සූදානම්ව සිටී.

18 වැනි වතාවට පැවැත්වෙන “සල්පිටි රයිගම් කෝරල” මහා සටනේ පෙර විමසුම්, තරග සේයා රූ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<